• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවට සති 2 පිරුණා විතරයි! ආණ්ඩුවත් හෙල්ලුම් කෑ මාලිමාව ඇතුළෙන්ම ආ ප්‍රබල විරෝධය! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

December 8, 2024
in Exclusive, Rajya Rahas
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

2009 වසරේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කොට මේ වනවිට වසර 15ක් ගතව තිබේ. ගෙවුණු වසර 15 පුරාම යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සමරමින් උතුරේ මහවිරු සැමරුම් උත්සව පැවැත්වුණද මෙවර පැවැති මහවිරු සැමරුම් උත්සව මහත් ආන්දෝලනාත්මක එකක් බවට පත්ව තිබූ ආකාරයක් දැකගන්නට ලැබිණි. ඒ, මෙවර නිදහසේ සිය මියගිය ඥාතීන් සැමරීමට උතුරේ වැසියන්ට අවස්ථාව ලබාදී තිබූ බැවිනි. වෙනදා නම් මෙම මහවිරු සැමරුම් පැවැත්වීමට ආරක්ෂක අංශවලින් බාධා එල්ල වුවද මෙවර ආරක්ෂක අංශ ඊට බාධා කරන ආකාරයක් දැකගන්නට නොතිබිණි.Sri Lanka Latest News

උතුරේ තත්ත්වය එසේ වුවද දකුණේ දැකගන්නට තිබුණේ ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකි. විශේෂයෙන්ම දකුණේ සමාජ මාධ්‍ය ජාලවල උතුරේ මහවිරු සැමරුම් සිදුකරන ආකාරය පිළිබඳ එක දිගට ඡායාරූප පළවන්නට විය. වීඩියෝ පළවන්නට විය. දැවැන්ත ප්‍රචාරයක් සමාජ මාධ්‍ය ඔස්සේ ඊට ලැබීමත් සමග ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කරමින් සිටි ආරක්ෂක අංශ, ජනාධිපතිවරයා දැනවත් කිරීමට පියවර ගත්හ. විශේෂයෙන්ම ජනාධිපතිවරයාට විශේෂ වාර්තාවක් ලබාදෙමින් ආරක්ෂක අංශ සඳහන් කොට තිබුණේ ඇතැම් සමාජ මාධ්‍ය ජාලවල දකුණේ ජනතාව කුපිත කරවන ආකාරයේ ප්‍රචාරක ව්‍යාපෘතියක් දියත් කොට ඇති බවත්, ඇතැමුන් පසුගිය වසරවල මහවිරු සැමරුම් සහ විදෙස් රටවල පැවැති මහවිරු සැමරුම් පවා මෙවර සිදුවන මහවිරු සැමරුම් සේ ප්‍රචාරය කරමින් සිටින බවත්ය.

මුලින් මුලින් ජනාධිපතිවරයාද මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොකළත් එක්තරා අවස්ථාවකදී ආරක්ෂක අංශ ජනාධිපතිවරයා දැනුවත් කරමින් කියා සිටියේ යම් යම් පිරිස් සංවිධානාත්මකව ජාතිවාදය කුළුගන්වන ස්වරූපයෙන් ව්‍යාජ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් සිටින බවත්, එය ඉතා සංවේදී කාරණාවක් වන බවින් වහාම ඊට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය. ඒ අනුව මෙම දැනුවත් කිරීම අවසානයේදී තීන්දු වූයේ ජාතිවාදය අවුලන ආකාරයේ අසත්‍ය ප්‍රචාර සිදුකරමින් සිටින පිරිස්වලට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමටත්, ඒ සඳහා ඉතා පහසුවෙන් ක්‍රියා කළ හැකි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ කටයුතු කිරීමටත්ය. ඒ අනුව ආරක්ෂක අංශ විසින් සිවුදෙනකු අත්අඩංගුවට ගනු ලැබූ අතර සමාජ මාධ්‍ය ක්‍රියාකරුවකු වන කැළුම් ජයසුමනට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයට ඉදිරිපත් කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

නිර්මාල්ගේ විරෝධය

දකුණේ ඊළඟ අර්බුදය ගැන නැගුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමත් සමගය. මන්ද යත් අතීත ආණ්ඩු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විරුද්ධවාදීන් මර්දනය කරද්දී ඊට එරෙහිව දැවැන්ත හඬක් නැගුවේත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙසට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කොට තිබුණේත් ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ කණ්ඩායම වීම ඊට හේතුවය. ඒ අනුව ඊට අදාළ සිදුවීම්ද මතක් කොට දෙමින් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් හැසිරීමට පටන්ගෙන ඇති බව කියමින් විපක්ෂය දැඩි විරෝධයක් සමාජය ඇතුළේ මතු කළ ආකාරයක් දැකගන්නට ලැබිණි.

දකුණේ මතුවුණු මේ විරෝධය කෙතරම් දුරදිග ගියාද කියනවා නම් මාලිමා හිතවාදියකු ලෙස ප්‍රකට කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවා ඒ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තැබීමට පියවර ගෙන තිබීම විශේෂ සිදුවීමක් විය. කලක් ජවිපෙ විරෝධී අදහස් දැක්වූ නිර්මාල් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහ මැතිවරණයේදීද මාලිමා මතවාදය ජයග්‍රහණය කිරීම උදෙසා විශාල වැඩකොටසක් සිදුකළ අයෙක් විය. ඒ අනුව සමාජ මාධ්‍යවල ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගැනීම පිළිබඳ විශාල විරෝධයක් මතුවෙද්දී සිය ෆේස්බුක් පිටුවේ විශේෂ සටහනක් තබමින් නිර්මාල් රංජිත් කියා සිටියේ ‘මෙතරම් ජනපියත්වයක් ඇති ආණ්ඩුවක් මර්දන යන්ත්‍ර නොමැතිව ව්‍යාජ තොරතුරු ප්‍රචාරණයට මුහුණ දීමට අසමත් නම් එය දැවැන්ත දේශපාලන පරාජයකි…’ යනුවෙනි.

එළියේ කුමන ප්‍රතිචාරයක් දැක්වුණද පරිණත දේශපාලන අදහස්වලින් සමන්විත මාලිමාවට විශාල ශක්තියක් වුණු නිර්මාල් රංජිත් වැන්නකු විසින් නිකුත් කළ මෙම බරපතළ දේශපාලන අනතුරු ඇඟවීම එක්තරා ආකාරයක හැරවුම් ලක්ෂ්‍යයක් හා සමාන විය. ඒ, මෙම විරෝධය මාලිමාව ඇතුළට පවා පැමිණ ඇති ආකාරයක් මේ සිදුවීමත් සමග ආණ්ඩුවට වැටහී යාමය. එහි ප්‍රතිඵලය වූයේ අත්අඩංගුවට ගැනීම් සිදුකිරීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදාගැනීම සම්බන්ධයෙන් දෙවරක් සිතන තැනට ආණ්ඩුව තල්ලු වීමය. එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංුවට ගත් සැකකරුවකු අධීකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී විනිසුරු තිළිණ ගමගේ මහතා ඔහුට ඇප ලබාදෙමින් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමටද පියවර ගෙන තිබිණි. ඒ, සිතේ ඇති කරුණු මත අත්අඩංගුවට ගැනීම් කිරීමට පොලිසියට බලයක් නොමැති බව කියමිනි.

ජාත්‍යන්තරයත් විරුද්ධයි!

මීට අමතරව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් සමග ජාත්‍යන්තරයෙන්ද ආණ්ඩුව වෙත විශාල බලපෑමත් එල්ල වූ ආකාරයක් දැකගන්නට ලැබුණේ අමෙරිකාව සහ යුරෝපා කොමිසම ඒ සම්බන්ධයන් සිය කණස්සල්ල ආණ්ඩුව වෙත පළකිරීමට කටයුතු කිරීමත් සමගය.

මෙම පසුබිම යටතේ ආණ්ඩුව ඇතුළේ මේ සම්බන්ධයෙන් බරපතළ සාකච්ඡා වටයක් පැවැත්විණි. එහිදී ජනාධිපතිවරයා පවා සිටියේ ජාතිවාදය, ආගම්වාදය අවුලුවාලීමට කටයුතු කරන සියලු දෙනාටම එරෙහිව දැඩි කියාමාර්ග ගත යුතු බවට වූ දැඩි ස්ථාවරයකය. නමුත් ඊට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගැනීම සම්බන්ධයෙන් යම් ගැටලුවක් මතුවන බව එහිදීද සඳහන් විය. ඒ අනුව අපට ඇති ආරංචිමාර්ගවලින් කියැවෙන්නේ ජාතිවාදය මතුකරන පිරිස්වලට එරෙහිව කටයුතු කිරීමේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත භාවිත නොකොට රටේ ඇති වෙනත් ඉහළම නීති යටතේ කටයුතු කරන ලෙසට අදාළ පාර්ශ්වයන්ට නියෝග නිකුත් වී ඇති බවය.

ඉන් අනතුරුව මෙම සාකච්ඡාවේදී ජාතිවාදය පාලනය කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ අදහස් හුවමාරුවක්ද සිදුවිය. එහිදී ඇතැම් පාර්ශ්වයන් කියා සිටියේ මෙවර ජාතිවාදය ඇවිස්සීම පිටුපස සිටියේද පසුගිය වතාවන්වලදීද ජාතිවාදය අවුස්සා මේ රටේ බලය ලබාගත් යම් යම් කොටස් බවය. එමෙන්ම ජාතිවාදයට එරෙහිව කටයුතු කිරීමේදී පාර්ලිමේන්තුවට වැඩි බරක් තබා කටයුතු කළ යුතු බවද එහිදී කියැවිණි. විශේෂයෙන්ම විපක්ෂයේ පක්ෂ නායකයන් දෙතුන් දෙනකු හැරුණු විට අනෙක් සියලු දෙනාම පාහේ ජාතිවාදයට ආගම්වාදය එරෙහිව ස්ථාවරයක සිටින බැවින් ඔවුන් සමග මේ සම්බන්ධයෙන් පළමුව සාකච්ඡා කළ යුතු බවටද අදහස් ඉදිරිපත් විය. එහිදී ඊට එරෙහිව නව නීති ගෙන එනවාද, පවතින නීති ක්‍රියාත්මක කරනවාද, විශේෂ තේරීම් කාරකසභාවක් පත්කොට ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරනවාද යන්න තීරණය කළ හැකි බවද එහිදී කියැවිණි. බ්‍රහස්පතින්දා (05) සවස් වරුවේ පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් යොදාගත්තේ ඒ අනුවය. එමෙන්ම පසුගිය අඟහරුවාදා දිනයේ පැවැති පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදීම අගමැතිනි හරිනි අමරසූරියත්, අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාරත්, සභානායක බිමල් රත්නායකත් ජාතිවාදයට එරෙහිව විශේෂ ප්‍රකාශයන් කිහිපයක්ම සිදුකිරීමට පියවර ගත්තේත් ඒ අනුවය. එහිදී අධිකරණ අමාත්‍යවරයා සිය කතාවේදී විශේෂ ඉල්ලීමක් කරමින් ජාතිවාදයට, ආගම්වාදයට එරෙහිව කටයුතු කරන ලෙසට එක්වන මෙන් විපක්ෂයටද විශේෂ ආරාධනාවක් කළේය.

පළපුරුද්දක් නැති චෝදනාව

කෙසේ වෙතත් මාලිමාවේ ප්‍රධානීන්ට දැනෙන්නට නිර්මාල් රංජිත් තබා තිබූ ෆේස්බුක් සටහනෙහි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට අමතරව ඊළඟ බරපතළ කාරණාව ලෙස සටහන් වූයේ පළපුරුදු නැති බවක් ආණ්ඩුව ඇතුළෙන් පෙනෙන්නට ඇති බවය. නිර්මාල් රංජිත් කියන්නටත් ප්‍රථම පසුගිය සති කීපය පුරාම රට ඇතුළේ යම් යම් තැන්වල කතාබහට ලක්වූ කාරණාවක් වූයේද ආණ්ඩුවේ මේ පළපුරුද්ද නැතිකමය. ඒ අනුව ආණ්ඩුව ඇතුළේ පැවැති සාකච්ඡාවකදී මේ පළපුරුද්ද නොමැති මාතෘකාව පිළිබඳවද විශේෂ අවධානයක් යොමුවී තිබිණි. එහිදී මාලිමා ප්‍රධානීන් සාකච්ඡා කළේ මෙම චෝදනාව ආණ්ඩුවට එන එක වළක්වා ගන්නේ කෙසේද යන්න පිළිබඳවත්, ඊට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳවත්ය. විශේෂයෙන්ම පළපුරුද්ද නොමැති බවට වූ චෝදනාව ගම් මට්ටමට, බිම් මට්ටමට ගියහොත් එය ආණ්ඩුව පවත්වාගෙන යෑමේදී බරපතළ අර්බුදයකට මුහුණ දීමට සිදුවන්නක් නිසා, මුලින්ම එය කඩාගත යුතු බව සියලු දෙනාගේම අදහස විය. එහිදී දීර්ඝව පැවැති අදහස් හුවමාරුවේදී ඔවුන් හඳුනාගත් ප්‍රධාන කාරණාවක් වූයේ මෙම පළපුරුද්ද නොමැති බවට එල්ල කරන චෝදනාවට පිළිතුරු දිය හැකි ප්‍රධානම ස්ථානය වන්නේ පාර්ලිමේන්තුව යැයි කියාය.

අනෙක් අතට මාලිමා ප්‍රධානීන්ට ලැබී තිබුණු තවත් ආරංචියකින් කියැවුණේ පාර්ලිමේන්තුව ආරම්භ කරන දිනයේදීම ආණ්ඩුව පැත්තේ ඇති නොමේරූ බව රටට පෙන්වීම සඳහා සජබය විසින් ප්‍රශ්න අසා ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වීමට නියමිතව ඇතැයි කියාය. මෙම සාකච්ඡාවේදී ඒ පිළිබඳවද විශේෂ අවධානයක් යොමුව තිබිණි. ඒ අනුව, මාලිමා ප්‍රධානීන් කළේ මෙම තත්ත්වයට මුහුණ දීම සඳහා පාර්ලිමේන්තුව ආරම්භක අවස්ථාවේ සිටම දිනය අවසන් කිරීම දක්වා සැලැස්මක් සකස් කිරීමය. එහිදී දැඩි වගකීමක් පැවරුණේ පාර්ලිමේන්තු අත්දැකීම් ඇති බිමල්ටත්, නලින්දටත්, හඳුන්නෙත්තිටත්ය. පාර්ලිමේන්තුවේදී හිතාමතා අපහසුතාවට පත්කිරීම සඳහා අසනු ලබන ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු ආකාරයත්, ඊට මැදිහත් විය යුතු ආකාරයත් එහිදී විශේෂයෙන් සාකච්ඡා කෙරිණි. උදාහරණයක් ලෙස විපක්ෂය සාමකාමීව ප්‍රශ්න අසන්නේ නම්, සාමකාමීව පිළිතුරු දීමටත්, විපක්ෂය ආවේගශීලීව ප්‍රශ්න අසන්නේ නම් පෙරළා ආවේගශීලීවම පිළිතුරු ලබාදීමටත් එහිදී සැලසුම් කෙරිණි. විශේෂයෙන්ම පාර්ලිමේන්තුව පැරැණි තත්ත්වයට ගෙන යෑමට විපක්ෂය උත්සාහ දරන්නේ නම්, ජනතාව ලබාදුන් ජනවරම සිහිපත් කිරීමටත්, පාර්ලිමේන්තුව කෝලම් මඩුවක් කර නොගන්නා ලෙස ජනතාව පණිවුඩයක් ලබාදී ඇති බව කියමින් තත්ත්වය සමහන් කිරීමට පියවර ගත යුතු බවටද එහිදී උපදෙස් ලැබිණි.

රනිල් තවත් ගේමක

ආණ්ඩුව මේ ආකාරයට විපක්ෂයට මුහුණ දීම සඳහා සැලසුම් සකස් කරද්දී විපක්ෂය පැත්තෙන් නම් එවැනි ආකාරයේ සැලසුම්සහගත වැඩපිළිවෙළක් දියත් වන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ පරාජයන් හේතුකොට ගෙන විපක්ෂය සිටියේ තරමක් මානසිකව වැටිලාය. කෙසේවෙතත් පරාජයත් සමගම සජබය පැත්තෙන් මෙන්ම එජාපය පැත්තෙන් කියැවුණු කාරණාවක් වූයේ මැතිවරණ ජයග්‍රහණය කිරීමට නම් මේ පක්ෂ දෙක එකතු විය යුතු යැයි කියාය. සජබයේ ඔස්තාර්ලා කිහිප දෙනෙක් මේ මතය පක්ෂය ඇතුළට ගෙන එමින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පියවර ගත්හ. කොළඹ පන්සල්වල එජාප ප්‍රධානීන් සමගද සාකච්ඡා කළහ. එම සාකච්ඡා අතරවාරයේදී රනිල් විසින් පමණක් නොව රනිල්ගේ පැත්තෙන් පවා මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරමින් කියා සිටියේ රනිල් නැවත පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැතැයි කියාය. මැතිවරණවලට තරග කරන්නේ නැතැයි කියාය. පක්ෂ නායකත්වයෙන්ද රනිල් ඉවත් වීමට සූදානම් බවද එහිදී කියැවිණි.

නමුත් අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ පළමු වතාවට මේ සම්බන්ධයෙන් කවුරුත් නොදන්නා අතිවිශේෂ රහසක් හෙළිදරව් කිරීමට සූදානම්ය. රනිල්ට කවදාවත් එජාපයත්, සජබයත් එක්කිරීමට වුවමනාවක් තිබුණේ නැත. රනිල්ට ඇති එකම වුවමනාව වන්නේ වෙන මොකක්වත් නොව කෙසේ හෝ සජිත්ව පරාජය කොට සජබය විනාශ කිරීමය. රනිල් එදා සිටම සිටියේ ඒ කුමන්ත්‍රණයේය. 2019 ජනාධිපතිවරණයේදී සජිත්ට ජයගත හැකි වාතාවරණයක් එක්තරා අවස්ථාවකදී ගොඩනැගුණත් සජිත් ජයග්‍රහණය කළහොත් තමන් ඒ ආණ්ඩුවේ අගමැති බවට රනිල් කළ ප්‍රකාශය හරහා සජිත්ව පරාජය කිරීමට රනිල් එදා පියවර ගත්තේය. මෙවර ජනාධිපතිවරණයේදීද පරාජයට පත්වන බව හොඳටම දැන දැන රනිල් තරග කළේ සජිත්ට යන යූ.ඇන්.පී. ඡන්ද වළකා සජිත්ව පරාජයට පත්කිරීම සඳහාය. නමුත් කනගාටුවට කරුණ වන්නේ රනිල්ගේ මේ සජබය විනාශ කිරීමේ කුමන්ත්‍රණය නොතේරෙන කුඩා මොළ ඇති දේශපාලන අතදරුවන් කිහිප දෙනකු අදටත් සජබයේ සිටිමින් රනිල් පස්සේ දුවන ආකාරයක් දැකගන්නට තිබීමය. මෙවර සජබයට ජනතාව ඡන්දය දුන්නේ රනිල් පස්සේ දුවන්නට නොව සජබය කෙළින් කටින් සිටුවා ආණ්ඩුවක් පිහිටුවිය හැකි ලෙසට පක්ෂය හදාගන්නා ලෙස බල කරමින්ය. එම දේශපාලන බලකිරීම තේරුම් නොගන්නා තාක් සජබයට මෙතැනින් එහා ඉදිරි දේශපාලන ගමනක් නොමැති බව බොහෝ දෙනාගේ විශ්වාසයය.

අනෙක් අතට මේ දේශපාලන අඳබාලයන්ම එදා රනිල් එක්ක බෑ කියමින් සජිත්වත් ඇදගෙන එජාපයෙන් එළියට බැස්සේ රනිල් නොමැතිව ඉදිරි ගමනක් යන්නටය. එය වඩාත් නිවැරැදි තීන්දුවක් බවට පත්වූයේ 2020 මහ මැතිවරණයේදී රනිල්ගේ නායකත්වයෙන් යුත් එජාපයට එකදු ආසනයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වීම නිසාය. මෙවර මහ මැතිවරණයෙන් සිලින්ඩරය ආසන 3ක් ජය ගත්තද, ඒ ජයගත් කිසිවකුත් එජාප පාක්ෂිකයන් නොව, වෙනත් පක්ෂවලින් පැමිණි මන්ත්‍රීවරුන්ය. එසේ තිබියදීත් සජබයේ සිටින ඇතැම් ඔස්තාර්ලා තාමත් හදන්නේ සජබය ගෙනගොස් එජාප ලිප් බොක්කේ ඔබන්නටය.

කෙසේ වෙතත් මෙවර අප ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ හෙළිදරව් කරන්නට සූදානම් වන්නේ රනිල් ජනාධිපතිවරයාව සිටියදී සුගතදාසයේ පැවැත්වූ එජාප මහා සම්මේලනය ඉලක්ක කොට කාටත් හොරා සිදුකළ කුමන්ත්‍රණයකි. එකල එජාප මහලේකම්වරයා ලෙස කටයුතු කළේ පාලිත රංගේ බණ්ඩාරය. නමුත් රනිල්ගේ කුමන්ත්‍රණ ගැන බොහෝ තොරතුරු දැන සිටි නිසාම රංගේ රනිල් සමග දේශපාලන ආරවුලක් හදාගෙන තිබිණි. මෙවැනි පසුබිමක් යටතේ එජාප මහා සම්මේලනයේදී රනිල්ට තමන්ට අවශ්‍ය ආකාරයට ව්‍යවස්ථාව සංශෝධනය කරගත නොහැකි නිසා රනිල් කළේ හීන් සීරුවේ රංගේව පක්ෂයේ වැඩවලින් ඉවත් කොට තැබීමය. පක්ෂ සම්මේලනය සංවිධාන කිරීම මහලේකම් රංගේට දෙනවා වෙනුවට රනිල් කළේ එය රංගේගෙන් ඉවත් කොට හරීන් ප්‍රනාන්දුට භාරදීමය. සාමාන්‍යයෙන් හරීන්ට පක්ෂ වැඩකටයුතු ගැන එතරම් දැනුමක් නොමැති නිසා රනිල් කළේ හොර රහසේම පක්ෂ සම්මේලනයේදී සම්මත කිරීම සඳහා අතිශය භයානක වගන්ති දෙකක් එජාප ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමය. ඉන් පළමු වගන්තිය වන්නේ තවත් අවුරුදු 6ක් රනිල් වික්‍රමසිංහ මහතාට එජාප නායකත්වය ලබාදිය යුතු බවට වූ යෝජනාවය. එනම්, 2030 දක්වා රනිල්ට එජාප නායකත්වය ලබාදීම එම යෝජනාව විය. මේ වනවිට රනිල්ට වයස අවුරුදු 76ක් වන අතර, 2030 වනවිට ඔහුගේ වයස අවුරුදු 82කි.
දෙවන වගන්තිය

දෙවැනි යෝජනාවෙන් කියැවුණේ මෙම දෙසැම්බර් 31 වනවිට පක්ෂයේ නායකත්වය හැර අනෙකුත් සියලු තනතුරු අහෝසි වන බවය. එම තනතුරු සඳහා නව සාමාජිකයන් පත්කිරීමේ බලයද රනිල්ටම ලබාදී ඇති බවටද එම යෝජනාවෙහි සඳහන්ව තිබිණි. ඒ අනුව, රනිල් මේ වනවිට සූදානමින් සිටින්නේ ලබන 31 වැනිදායින් පසු පක්ෂයේ ඉහළ තනතුරු සඳහා තමන්ට අතිශය හිතවත් මිත්‍රයන් පත්කොට දැනට සිටින කිහිප දෙනකුගේ පවා තනතුරු අහිමි කිරීමටය.

කෙසේ වෙතත් එජාපය ඇතුළේද මේ වනවිට රනිල්ට පක්ෂ නායකත්වයෙන් ඉවත් වී එජාපය සජිත්ට භාරදී පක්ෂ දෙකම එක්කරන ලෙසට විශාල මතයක් ගොඩනැගෙමින් පවතින ආකාරයක් දැකගන්නට පුළුවන. රනිල්ගේ සමීපතමයකු මෙන්ම එජාප උපනායකවරයාද වන අකිල විරාජ් කාරියවසම් මහතාද මේ වනවිට සිටින්නේ එම ස්ථාවරයේය. එමෙන්ම රනිල්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු වූ ආශු මාරසිංහ මහතාද සිටින්නේ එම මතයේමය. පසුගිය දිනෙක හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක මහතාද මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් මුණගැසී මේ පක්ෂ දෙක එක්විය යුතු බව උන්වහන්සේලාට දැනුම් දීමට පියවර ගත්තේය. නමුත් රනිල්ට එජාපයත්, සජබයත් එක් කිරීමේ කිසිදු වුවමනාවක් නැත. එළඹෙන 31 වැනිදායින් පසු එජාප තනතුරු පිරවීමේ බලය තමන්ට හිමිවීමත් සමග රනිල් සූදානමින් සිටින්නේ සිය හිතවත් සාගල රත්නායකටත්, මස්සිනා වන රුවන් විජයවර්ධනටත් පක්ෂයේ ඉහළ නිලතල ලබාදීමටය. රනිල් හිතන්නේ එජාපයේ තමන් සහ සාගල, රුවන් යන තිදෙනා පමණක් සිටියත් ප්‍රමාණවත් යැයි කියාය.

රවී තමයි ගේම්කාරයා

කෙසේ වෙතත් මෙවැනි කාරණා මුල්කොට ගෙන බොහෝ දෙනා රනිල්ට ‘ගේම්කාරයා’ යැයි කීවද ගේම් ගැසීම අතින් රනිල් මෙවර එජාප නියෝජ්‍ය නායක රවී කරුණානායකගේ ගේම ඉදිරියේ පරාජයට පත්වූ ආකාරයක් දැකගත හැකිවිය. මේ වනවිට රවී සැලකෙන්නේ තමන්ගේ පක්ෂය වූ හංසයා සිලින්ඩරය බවට පත්කොට ඊට ලැබුණු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණ රනිල්ට ගේමක් ගැසූ එකම මිනිහා ලෙසය. මෙහිදී රනිල් මුලින්ම සිතා සිටියේ සිලින්ඩරයට හිමි ජාතික ලැයිස්තු දෙකට සාගල සහ රුවන් පත්කිරීමටය. නමුත් රනිල්ට කොකා පෙන්වා රවී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණීමත් සමග මේ වනවිට රනිල් සූදානමින් සිටින්නේ සාගල, රුවන් කෙසේ වෙතත් තමන්ම ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමටය. ඒ බව තහවුරු වූයේ පසුගිය සතිය වනවිට විවිධ කණ්ඩායම් ලවා තමන්ට ජාතික ලැයිස්තු ධුරය ලබාදෙන ලෙසට සිලින්ඩරයේ ජ්‍යෙෂ්ඨයන්ට බලපෑම් කිරීමට පටන්ගෙන තිබීම හරහාය.

සජබ කොන්ත්‍රාත්

කෙසේ වෙතත් මීට පෙර අප ‘රාජ්‍ය රහස්’ තීරයෙන් අවස්ථා ගණනාවකදීම පෙන්වා දුන්නේ සජබය කෙසේ හෝ රනිල් ළඟට ගෙන යෑම සඳහා සජබය ඇතුළේ සිටින හර්ෂ, කබීර්, ඉරාන් විශාල මෙහෙයුමක් දියත් කර තිබූ බවය. එමෙන්ම රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය හොඳ බව කියමින් කබීර් සහ හර්ෂ රනිල්ව වර්ණනා කිරීමට කටයුතු කර තිබූ බවය. ඔවුන් දෙදෙනා රනිල් සමග ඉතාම ළඟින් ගනුදෙනු කරමින් සිටින බවය. විශේෂයෙන්ම හර්ෂ පසුගිය ආණ්ඩු කාලයේදී මුදල් කමිටුවේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් රනිල්ට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවද අපි වරෙක අනාවරණ කළෙමු. සම්ප්‍රදාය බිඳහෙළමින් කවදාවත් නොමැතිව මුදල් අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ රනිල්ට මුදල් කමිටුවේ ආරම්භක සාකච්ඡාව සඳහා හර්ෂ ආරාධනා කළ බවද අපි කියා සිටියෙමු. එමෙන්ම විපක්ෂ නායකවරයා වශයෙන් වරෙක සජිත් මුදල් කමිටුවට පැමිණි අවස්ථාවේදී සජිත්ගේ කට වසා තැබීමට හර්ෂ කටයුතු කළ ආකාරයද අපි පෙන්වා දුන්නෙමු.
කබීර් මේ ආකාරයට රනිල් සමග ළඟින්ම වැඩකටයුතු කළේ හන්තානෙන් අක්කර 10ක ඉඩමක් ලබාගැනීමේ අරමුණෙන් බව අපි එහිදී අනාවරණ කළෙමු. රනිල්ද එම ඉඩම පෙන්න පෙන්නා කබීර්ව ආණ්ඩුවට ගැනීමට උත්සාහ කළද අවසානයේ කබීර් ආණ්ඩුවට එක්වීම ප්‍රතික්ෂේප කළ විට රනිල් ඊට අදාළ ලිපිය මාලිමාවේ නියෝජිතයන් ලවා මාධ්‍යට ලීක් කොට සජබය සම්පූර්ණයෙන්ම රට ඉදිරියේ අසරණ කරවීමටද කටයුතු කළ බවද අපි එහිදී පෙන්වා දුන්නෙමු.

ඒ අනුව මේ වනවිට සජබයේ නියෝජිතයන්ට බරපතළ සැකයක් මතුව ඇත්තේ නැවත වතාවක් රනිල්ගේ වුවමනාවට අනුව හර්ෂලා, කබීර්ලා සජබය ඇතුළේ කැරැලි ගසීමට සූදානම් වනවාද යන්න කියාය. ඒ බව වඩාත්ම තහවුරු වූයේ පසුගිය සතියේ සිදුවූ විශේෂ සිදුවීම් දෙකක් මුල්කරගෙනය. ඉන් එක් සිදුවීමක් වූයේ හර්ෂව යළිත් මුදල් කමිටුවේ සභාපති ලෙස පත්කිරීම සඳහා සිලින්ඩරය යෝජනා කිරිමට සූදානමින් සිටින බවට වූ පුවතක් රනිල්ගේ මාමාගේ පුවත්පත වන ලංකාදීප වෙබ් අඩවියේ පළකිරීමය. සජබය කොහොමත් සූදානමින් සිටින්නේ මුදල් කමිටුවේ සභාපති ධුරය හර්ෂට ලබාදීමටය. නමුත් එසේ තිබියදී රනිල් මේ ආකාරයෙන් පුවතක් සිය මාමාගේ වෙබ් අඩවියේ පළකළේ හිතාමතාම සජබය ඇතුළේ ගැටුමක් නිර්මාණය කිරීම සඳහාය.

දෙවැනි පුවත වූයේ සිලින්ඩරයේ කණ්ඩායම් නායකයා වශයෙන් අනුරාධ ජයරත්න පත්කිරීමට එම පක්ෂය තීරණය කොට ඇතැයි කියාය. නමුත් එවැනි පත්කිරීමක් සිදුකිරීමට රනිල්ට කිසිදු බලයක් සිලින්ඩර පක්ෂය ඇතුළේ නැත. එහි බලය ඇත්තේ සිලින්ඩරයේ නායකයා ලෙස කටයුතු කරන රවී කරුණානායකටය. දැනටමත් පාර්ලිමේන්තුව විසින් සිලින්ඩරයේ කණ්ඩායම් නායකයා ලෙස පිළිගෙන ඇත්තේ රවී කරුණානායකය. මේ බව වඩාත් තහවුරු වන්නේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමටද සිලින්ඩරය නියෝජනය කරමින් රවීට ආරාධනා කර තිබීම නිසාය. ප්‍රධාන විපක්ෂය වන සජබයද සිලින්ඩරයේ කණ්ඩායම් නායකයා වශයෙන් පිළිගෙන සිටින්නේ රවීය. ඒ අනුව රනිල්ගේ මාමාගේ වෙබ් අඩවියේ අදාළ පුවත පළවීමත් සමග සිලින්ඩරය පක්ෂයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර, ඉන් කියැවුණේ සිලින්ඩරයේ කණ්ඩායම් නායකයා ලෙස අනුරාධ ජයරත්නව පත්කිරීමට පක්ෂය කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, එමෙන්ම මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස හර්ෂව නම්කිරීමට සිලින්ඩරය කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් නොවන බවත්ය.

මෙම නිවේදනය සිලින්ඩරය පැත්තෙන් නිකුත් කිරීමත් සමග අපට ඇති ආරංචිවලින් කියැවෙන්නේ සජබයේ සිටින හර්ෂ ද සිල්වා වැනි අයට රවීව සිලින්ඩරයේ කණ්ඩායම් නායකයා වශයෙන් පිළිගැනීමට විරෝධය පා ප්‍රශ්න ඇතිකරන ලෙසට පණිවුඩයක් ලැබී ඇති බවය. විශේෂයෙන්ම සජබය විසින් පාර්ලිමේන්තුවේ කමිටුවලට රවීව පත්කිරීමට යෝජනා කරද්දී ඊට එරෙහිව බරපතළ ප්‍රහාරයක් එල්ල කරන ලෙසට කොන්ත්‍රාත්තුවක් මේ පිරිසට රනිල්ගේ පාර්ශ්වයෙන් ලැබී ඇති බවද ආරංචිය.

සජිත්-රවී යාළුවෙලා

ඒ කෙසේ වෙතත් පසුගිය පාර්ලිමේන්තු සතියේදී කවදාවත් දැකගන්නට නොලැබුණු විශේෂ සිදුවීමක් දැකගන්නට ලැබිණි. ඒ, පාර්ලිමේන්තු කැන්ටිමේදීය. වෙනදා කවදාවත් සජිත්ගේ මුහුණ පාර්ලිමේන්තු කැන්ටිමේදී දැකගන්නට නොලැබුණත් පසුගිය සතියේ පළමු වතාවට සජිත් පාර්ලිමේන්තු කැන්ටිමට ගොස් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සමග සුහදව කතාබස් කරන ආකාරයක් දැකගත හැකි විය. එමෙන්ම එහිදී දැකගන්නට ලැබුණු කවුරුත් පුදුම වුණු ඊළඟ විශේෂම සිදුවීම වූයේ සජිත් සමග එජාපයේ සිටින කාලයේ සිටම එළිපිට සටන් කළ රවී කරුණානායක සජිත් සිටි මේසයේ වාඩිවී ඔහු සමග සුහදව කතාබහ කරමින් සිටිනු දැකගන්නට ලැබීමය. සජිතුත් ඔහු සමග සිනාසෙමින් ඉතා මිත්‍රශීලී ආකාරයට කතාබස් කරනු සියල්ලන්ටම දැකගන්නට හැකි විය.

ඔස්තාර් ඔත්තුව දීලා

මේ සාකච්ඡාවේදී රවී සජිත්ගෙන් ඉල්ලා සිටියේ තමන්වද පක්ෂ නායකයෙක් ලෙස පිළිගෙන පාර්ලිමේන්තුවේ කමිටුවලට විපක්ෂයෙන් මන්ත්‍රීවරුන් නම්කිරීමේදී පත්කරන ලෙසටය. විශේෂයෙන්ම තමන් හිටපු මුදල් අමාත්‍යවරයකු ලෙස කටයුතු කර ඇති නිසා මුදල් කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කිරීමට තමන් සූදානම් බවද රවී මෙහිදී සජිත්ට දැනුම් දී සිටියේය. නමුත් මෙහිදී සජිත් රවීට දැනුම් දී සිටියේ එම තනතුරට රවීද සුදුසු නමුත් මේ වනවිට ඊට හර්ෂව නම්කිරීමට පක්ෂය තීරණයක් ගෙන ඇතැයි කියාය. කෙසේ වෙතත් මුදල් කමිටුවේ සාමාජිකයකු ලෙස රවීගේ නම යෝජනා කිරීමට සලකා බැලිය හැකි බවද මෙහිදී සජිත් රවීට දැනුම් දී සිටියේය.

මේ ආකාරයට සජිත් – රවී සාකච්ඡාව නිමවීමත් සමග එතැනට පැමිණියේ වෙන කවුරුවත් නොව, මුජිබර් රහුමාන්ය. දෙදෙනාගේ කතාව දෙස බොහෝ වේලාවක් බලා සිටි මුජිබර් රවී ගිය පසු සජිත්ට කියා සිටියේ, ‘ඔන්න ඕක තමයි නායකතුමා දේශපාලනය කරන ක්‍රමය. පරණ තරහාමරහා වැඩක් නැහැ. විපක්ෂයේ අපි ඔක්කොම එකතු වෙලා මේ සටන ඉදිරියට ගෙනියන්න අපි වැඩකරන්න ඕනේ…’ යැයි කියාය.

කෙසේ වෙතත් මේ ආකාරයට සජිත් සහ රවී පාර්ලිමේන්තු සංකීර්ණයේ හමුවී සාකච්ඡා කළ ඔත්තුව සජබය ඇතුළේ සිටින කොන්ත්‍රාත්කාර ඔස්තාර් කෙනකු ඒ මොහොතේම කතාකොට රනිල්ගේ කනේ තැබීමට කටයුතු කොට තිබිණි. එය අප ‘රාජ්‍ය රහස්’ තීරයේ වාර්තා කරන්නේ ඉතා වගකීමෙන් යුතුවය. මේ ආර්ථික ඔස්තාර් රනිල්ට මෙම ඔත්තුව දීමත් සමග වඩාත් කලබලයට පත්වූ රනිල් වහාම ආර්ථික ඔස්තාර්ට පෙරළා කියා සිටියේ තවත් මන්ත්‍රීවරු කිහිප දෙනකු අල්ලාගෙන සජබය ඇතුළේ රවීට එරෙහිව විශාල විරෝධයක් ගොඩනගන ලෙසටය. විශේෂයෙන්ම රවීට විපක්ෂයේ කිසිදු කමිටුවකට සහභාගි විය නොහැකි ලෙසට මෙම විරෝධය ගොඩනගන ලෙසටද එහිදී ආර්ථික ඔස්තාර්ට උපදෙස් ලැබිණි.

රනිල් ලබාදුන් එම උපදෙස්වලට අනුව ආර්ථික ඔස්තාර්ද තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනකු එක්කොට ගෙන විපක්ෂය එකමුතු වීමේ මෙහෙයුම කඩාකප්පල් කිරීමේ වැඩකටයුත්ත ආරම්භ කර තිබූ ආකාරයක් පසුගිය සතිය වනවිට දැකගන්නට ලැබිණි. ඒ සම්බන්ධයෙන් සජිත්ටද සජබය ඇතුළෙන්ම ඔත්තුව ලැබී තිබිණි. ඒ අනුව සජිත් කළේ රනිල්ගේ ගේම පටන් ගැනීමට පෙරාතුවම රවීද ඇතුළුව විපක්ෂයේ සියලු පක්ෂ නායකයන්ට විශේෂ සාකච්ඡාවක් සඳහා පැමිණෙන ලෙසට ආරාධනා කිරීමය. ඊට විපක්ෂය නියෝජනය කරන රවී, නාමල්, හකීම්, දිගම්බරම් ඇතුළු සියලු දෙනාම සහභාගි වී සිටීමද විශේෂත්වයක් විය.

‘මව්රට’ බාර් සටන දින්නා

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩු සමයේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබා ගැනීම සඳහා විශාල වශයෙන් වරදාන වරප්‍රසාද පිරිනැමූ බව පළමු වතාවට රටට හෙළිකළේ ‘මව්රට’ පුවත්පතය. අප එහිදී කියා සිටියේ සජබයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසකට ඇමැතිකම් ලබාදීමට වරෙක රනිල් සූදානම් වූ බවකි. රනිල්ගේ එම ඇමැති කටුවලට යටවී හරීන් ප්‍රනාන්දු, මනුෂ නානායක්කාර, වඩිවේල් සුරේෂ් වැන්නවුන් රනිල්ගේ ආණ්ඩුවට එක්වූහ. ඉන් අනතුරුව රනිල් විපක්ෂයේ මන්ත්‍රීවරුන් බිලීබාගැනීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට මත්පැන් බලපත්‍ර අල්ලස් වශයෙන් ලබාදීමට පියවර ගෙන තිබූ බව අපි අනාවරණ කළෙමු. එහිදී අප කියා සිටියේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පමණක් නොව ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන්ට පවා එසේ මත්පැන් බලපත්‍ර දෙක තුන ලබාදීමට රනිල් කටයුතු කොට තිබූ බවකි. අප එහිදී දැඩිව අවධාරණය කර සිටියේ රනිල්ගේ මෙම මත්පැන් බලපත්‍ර ලබාගත් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුව වහාම රටට හෙළිකිරීමට පියවර ගත යුතු යැයි කියාය. අප කළ එම හෙළිදරව්වෙන් පසු එවක විපක්ෂ නායකව සිටි සජිත් ප්‍රේමදාස මහතාත්, විපක්ෂයේ මන්ත්‍රීවරයකු වශයෙන් කටයුතු කළ අනුර කුමාර දිසානායක මහතාත් ප්‍රසිද්ධියේම කියා සිටියේ තමන් බලයට පත්වූ වහා රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර ගත් මන්ත්‍රී නම් ලැයිස්තුව රටට හෙළිදරව් කරනවා යැයි කියාය. එපමණක් නොව එම මත්පැන් බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරනවා යැයි කියාය. ඊට අමතරව රනිල්ගේ කාලයේදී විපක්ෂයේ මන්ත්‍රීවරයකු පවුල් පිටින් නුවරඑළියේ ගොස් රනිල්ව මුණගැසී මත්පැන් නිෂ්පාදනය කිරීම සඳහා විශේෂ බලපත්‍රයක් පවා ව්‍යාපාරිකයකුට ලබාදුන් බව අපි එකල ‘රාජ්‍ය රහස්’ තීරයෙන් වාර්තා කළෙමු.‍

කෙසේ වෙතත් අනුර ජනාධිපතිවරයා වශයෙන් තේරීපත් වී මාසයක් ගියද රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර ගත් මන්ත්‍රී නම් ලැයිස්තුව එළියට එන ආකාරයක් දැකගන්නට ලැබුණේ නැත. ඒ අනුව අප වරින් වර ඒ පිළිබඳ සිහි කැඳවමින් ‘මව්රට’ පුවත්පතේ පුවත් වාර්තා කිරීමට පියවර ගත්තෙමු. ඒ අනුව අප ගෙනගිය සටන ජයග්‍රහණය කළේ පසුගිය සතියේදීය. ඒ, ආණ්ඩුව විසින් රනිල්ගෙන් මත්පැන් බලපත්‍ර ලබාගත් පිරිසගේ නම් ලැයිස්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමත් සමගය. එම නම් ලැයිස්තුවට අනුව මේ වසරේ ජනවාරි 01 වැනිදා සිට මේ දක්වා ගෙවුණු දින 330ක කාලය ඇතුළත රනිල් මත්පැන් බලපත්‍ර 361ක් ලබාදීමට පියවර ගෙන තිබිණි. නමුත් එම නම් ලැයිස්තුවේ පක්ෂ විපක්ෂ දේශපාලනඥයන්ගේ නම් සඳහන් නොවූ අතර, ඒ වෙනුවට සටහන්ව තිබුණේ අදාළ බලපත්‍රය ලබාගෙන තිබූ පුද්ගලයාගේ හෝ ආයතනයේ නම් පමණි.

කෝ මන්ත්‍රීවරු?

ඒ අනුව පසුගිය සතියේ නැවත වතාවක් විපක්ෂය ආණ්ඩුවට දැනුම් දී සිටියේ මෙම මත්පැන් බලපත්‍ර ලබාදීම සඳහා ඉල්ලුම් කළ පුද්ගලයන්ගේ නම් සහ ඊට රෙකමදාරු ලිපි ඉදිරිපත් කළ දේශපාලකයන්ගේ නම් ලැයිස්තුවද රටේ ජනතාවගේ දැනගැනීම සඳහා වහාම හෙළිදරව් කරන ලෙසය. නමුත් තවමත් ඊට ආණ්ඩුව පැත්තෙන් නිසි පිළිතුරක් ලැබී නොමැත. ඒ අනුව අප කියා සිටින්නේ ඊට සම්බන්ධ වුණු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවද ජනතාවගේ දැනගැනීම සඳහා ආණ්ඩුව විසින් රටට හෙළිකළ යුතු යැයි කියාය.

මීට අමතරව රනිල්ගේ ආණ්ඩු සමයේදී විපක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට බිලීබා ගැනීම සඳහා රනිල් තවත් වැඩපිළිවෙළක් ගෙන ගියේය. ඒ, ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදල් කෝටි ගණනින් විපක්ෂයේ තෝරාගත් මන්ත්‍රීවරුන්ට පමණක් ලබාදීම හරහාය. ඒ කාලයේදී මේ බව රටට කියා සිටි අපි රනිල්ගෙන් එම මුදල් ලබාගත් මන්ත්‍රී නම් ලැයිස්තුවද හෙළිකළ යුතු බව අවධාරණය කර සිටියෙමු. නමුත් එම ලැයිස්තුව තවමත් රටට හෙළිකරන පාටක් නම් ආණ්ඩුව පැත්තෙන් පෙනෙන්නට නැත. ඒ අනුව අප මෙවර ‘රාජ්‍ය රහස්’ තීරය ඔස්සේ කියා සිටින්නේ රනිල් සමග ඩීල් දමා කෝටි ගණනින් ආණ්ඩුවේ විමධ්‍යගත අරමුදල් ලබාගත් එවකදී විපක්ෂයේ සිටි මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවද රටේ ජනතාවගේ දැනගැනීම සඳහා ආණ්ඩුව රටට හෙළිදරව් කළ යුතු යැයි කියාය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

උසාවියෙන් පන්නපු ලිපිගොනුවක් පස්සේ CIDය පන්නන්න පටන් අරන්! I Sri Lanka Latest News

Next Post

අනුරගෙ ආණ්ඩුව ගැන IMF එක කතා කරයි! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.