• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගෙ ආණ්ඩුව ගැන IMF එක කතා කරයි! Sri Lanka Latest News

December 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ඊයෙත් හමුවෙලා කතා කළා! අදත් හමුවෙලා කතා කරලා! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මෙම දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ දිළිඳු සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීමට නව රජයට වැදගත් වගකීමක් තිබේ. සමාජ වියදම් සඳහා වැඩසටහනේ අවම වියදම් ඉලක්කය සපුරාලීමට උත්සාහ කිරීම සහ එය දෙගුණ කිරීම අත්‍යාවශ්‍ය කරුණක් වෙයි. විශේෂයෙන්ම ‘අස්වැසුම’ වැනි සමාජ ආරක්ෂණ දැල් ආවරණය වැඩිදියුණු කිරීමද වැදගත් වෙයි. කෙසේ වෙතත් උද්ධමනය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් අඩුවී ඇති අතර, තිරසාර මිල ස්ථායීතාව සහ සාර්ව ආර්ථික ස්ථායීතාවට සහාය වීම සඳහා අඛණ්ඩව අධීක්ෂණය කිරීමද අවශ්‍ය වෙයි. පවතින ගෝලීය අවිනිශ්චිතතාවට එරෙහිව ශක්තිමත් සංචිත සමුච්චය කිරීම හරහා බාහිර බාධක නැවත ගොඩනැගීම දිගටම සිදුකරගෙන යෑම වැදගත් වෙයි. ඒ අතරම රටේ තිරසාරභාවය උදෙසා ගත යුතු තවත් පියවර රැසක්ද වෙයි…’ (Sri Lanka Latest News)

ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන වටපිටාව උදෙසා මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කීපයකට පෙරදී අසන්නට ලැබුණු මෙම සුවිශේෂ විග්‍රහය ප්‍රකාශ කර සිටින්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වූ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා විසිනි. ශ්‍රී ලංකා නව රජය බලයට පත්ව දින කිහිපයක් යන්නට මත්තෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණි අතර, නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධාන ඉහළ පෙළේ රාජ්‍ය බලධාරීන් සමග මෙම සාකච්ඡාව පැවැත්විණි. එහිදී IMF සංවිධානය නියෝජනය කරමින් ඉහත පීටර් බෲවර් ප්‍රධාන IMF ඉහළ පෙළේ නිලධාරීහු සහභාගි වූහ. දැනට ශ්‍රී ලංකාව IMF සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ආර්ථික සහ මූල්‍යමය වැඩපිළිවෙළ උදෙසා මෙම සාකච්ඡාවන් පැවැත්වෙන අතර, මින් පෙරද මේ ආකාරයේ සාකච්ඡා කිහිපයක්ද පවත්වන ලදී. පසුගියදා පැවැත්වූයේ එහි නවතම සාකච්ඡා වාරය වන අතර, එය ශ්‍රී ලංකා නව රජය සමග පැවැත්වූ ප්‍රථම සාකච්ඡා වාරයද වෙයි. මේ හෙයින් මෙය ඉතා වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකෙයි. මෙම සුවිශේෂ සාකච්ඡා වාරය පසුගියදා 2024 නොවැම්බර් 17 සිට 23 දක්වා සාකච්ඡා වට කිහිපයකින් පැවැත්විණි. ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා සහ එම දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී කත්සියාර්නා ස්විරිද්සෙන්කා මහත්මියද අනෙක් ප්‍රධාන නියෝජිත පිරිසද සහභාගි වූහ.

‘අවුරුදු 4ක විස්තීරණ අරමුදල් පහසුකම විධිවිධාන යටතේ තුන්වැනි සමාලෝචනයේදී IMF කණ්ඩායම ශ්‍රී ලංකා බලධාරීන් සමග කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ප්‍රකාශ කිරීමට අපි සතුටු වෙමු. මෙම විධිවිධානය 2023 මාර්තු 20 වැනි දින ඇමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ සඳහා IMF විධායක මණ්ඩලය විසින් අනුමත කරන ලදී. මෙම කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම IMF කළමනාකාරීත්වය සහ IMF විධායක මණ්ඩලයේ අනුමැතියට යටත් වේ. මෙහිදී අඛණ්ඩව වැඩසටහන් අරමුණුවලට අනුකූලව 2025 සඳහා අයවැයක් ඉදිරිපත් කිරීම ඇතුළු වූ පූර්ව ක්‍රියාමාර්ග බලධාරීන් විසින් ක්‍රියාත්මක කිරීම සිදුකළ යුතුය. විධායක මණ්ඩල සමාලෝචනය අවසන් වූ පසු නැවත ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 333ක පමණ ප්‍රවේශයක් ලැබෙනු ඇත. එම විධිවිධානය යටතේ ලබාදී ඇති මුළු IMF මූල්‍යාධාරය ඇමෙරිකානු ඩොලර් මිලියන 1,333ක් පමණ දක්වා ගෙන එනු ඇත. ෑත්‍ත්‍ විසින් සහාය දක්වන ශ්‍රී ලංකාවේ අභිලාෂකාමී ප්‍රතිසංස්කරණ නයාය පත්‍රය ප්‍රශංසනීය ප්‍රතිඵල ලබාදෙයි. 2024 ජුනි මාසයෙන් අවසන් වන කාර්තු හතර තුළ ආර්ථිකය සාමාන්‍යයෙන් 4%කින් ප්‍රසාරණය වී ඇත. ඉහළ සංඛ්‍යාත දර්ශක මගින් සියලු අංශ හරහා අඛණ්ඩව ව්‍යාප්තිය පෙන්නුම් කරයි. ශ්‍රී ලංකා මහබැකුවේ සැලකිය යුතු විදේශ විනිමය මිලදී ගැනීම් සමග 2024 ඔක්තෝබර් අවසානයේ දළ නිල සංචිතය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.4 දක්වා වැඩිවීම විශේෂත්වයකි….’

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී කත්සියාර්නා ස්විරිද්සෙන්කා විසින් ඉහත නිල ප්‍රකාශය නිකුත් කර තිබිණි. එම දූත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර් විසින් සිදුකළ ප්‍රකාශයකින් මෙම ලිපිය ආරම්භ කළ අතර, ඔහු එහිදී සිදුකරන ලද අදහස් තවදුරටත් සොයා බලමු.

‘2024 ජුනි අවසානය දක්වා සියලු ප්‍රමාණාත්මක කාර්යසාධන නිර්ණායක සහ දර්ශක ඉලක්ක සපුරා ඇති අතර, 2024 සැප්තැම්බර් අවසානය දක්වා තොරතුරු තාක්ෂණ සමාජ වියදම් පිළිබඳ තොරතුරු හැරුණු විට වැඩසටහන් කාර්යසාධනය ශක්තිමත් විය. එසේම 2024 ඔක්තෝබරයට පෙර බොහෝ ව්‍යුහාත්මක මිනුම් සලකුණු ප්‍රමාදයකින් හෝ සපුරා ක්‍රියාත්ම කරන ලදී. මැතිවරණ චක්‍රය නිසා සමහර මිනුම් සලකුණු ප්‍රමාද වීම සිදුවිය. වැඩසටහන් අරමුණු සඳහා නව රජයේ කැපවීම විශ්වාසය වැඩිකර ඇති අතර, ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. වැඩසටහනේ දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කරගැනීමට මෙන්ම ආර්ථිකය කල්පවත්නා ප්‍රකෘතියක් ඇතුළත් වර්ධනයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යතාව පවත්වා ගැනීම ඉතා වැදගත් වේ. අර්බුදකාරී තත්ත්වය ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයටම බලපා ඇති බැවින් ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ නිසි පරිදි බෙදීයෑමට වගබලා ගැනීම වැදගත් වනු ඇත. සාර්ව ආර්ථික ස්ථාවරත්වය පවත්වා ගැනීම සහ ණය තිරසාරභාවය ප්‍රතිස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවේ සමෘද්ධිය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රධාන වෙයි…’

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත කණ්ඩායමේ ප්‍රධානී පීටර් බෲවර්ගේ නිල ප්‍රකාශය තවදුරටත් මෙසේ කියා සිටියි.
‘රජය විසින් වගකීම් සහිත මූල්‍ය ප්‍රතිපත්තියක් සමග අඛණ්ඩව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වෙයි. වැඩසටහන් පරාමිතීන්ට අනුකූලව 2025 අයවැය සකස් කිරීම උදෙසා අඛණ්ඩ ආදායම් බලමුළු ගැන්වීමේ උත්සාහයන් සහ වියදම් සීමා කිරීම අවශ්‍ය වෙයි. ආදායම් පරිපාලන ප්‍රතිසංස්කරණ සහ බදු අනුකූලතාව වැඩිදියුණු කිරීමට දරන ප්‍රයත්නයන්, බදු බර ගෙවන්නන්ගේ දායක වීමේ හැකියාවට සමානුපාතිකව බෙදාගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇත. ඉන්ධන සහ විදුලි මිලකරණයේ පිරිවැය ප්‍රතිසාධනය සාර්ථක අයුරින් පවත්වා ගැනීම සහ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් පැනනගින මූල්‍ය අවදානම් අවම කරගැනීම කළ යුතුය. බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව මෑතකාලීනව ඇතිකරගත් ප්‍රතිපත්තිමය ගිවිසුම ශ්‍රී ලංකාවේ ණය තිරසාරත්වය කරා යන මාවතකට ගෙන යන වැදගත් සන්ධිස්ථානයකි. තීරණාත්මක මීළඟ පියවර වන්නේ වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කිරීම, නිල ණය හිමියන් සමග ඇතිකරගත් ද්විපාර්ශ්වික ගිවිසුම් අවසන් කිරීම සහ අනෙකුත් ගිවිසුම්වල නියමයන් ක්‍රියාත්මක කිරීමයි. මෙම පියවර ශ්‍රී ලංකාවේ ණය තිරසාර බව ප්‍රතිස්ථාපනය කිරීමට උපකාරී වනු ඇත. IMF වැඩසටහනේ අරමුණු සඳහා නව රජයේ කැපවීම විශ්වාසය වැඩිකර ඇති අතර, ප්‍රතිපත්ති අඛණ්ඩතාව සහතික කරයි. එසේම වැඩසටහනේ දුෂ්කර ජයග්‍රහණ ආරක්ෂා කරගැනීමට කැපවිය යුතුය…’

පසුගියදා මෙලෙස පැවැත්වුණු IMF සංවිධානය සහ ශ්‍රී ලංකා රජය අතර වූ සුවිශේෂ සාකච්ඡා වාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙසේ තම අදහස් දැක්වීය.
‘ආර්ථික ප්‍රතිසාධන වැඩසටහනේ සමතුලිතතාවක් ඇතිකර ගන්නා ලෙස මම IMF සංවිධානයෙන් ඉල්ලා සිටිනවා. ජනවරමේ සන්දර්භය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය ඉදිරියට ගෙන යෑම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සහයෝගයෙන් කටයුතු කිරීමට කැමැතියි. IMF වැඩසටහනේ සාර්ථකත්වය රඳාපවතින්නේ රාජ්‍ය පාලනය කෙරෙහි මහජන විශ්වාසය ගොඩනැගීම මතයි. ඒ අනුව ජනතා වරම ආරක්ෂා කිරීම මගේ පරිපාලනයේ වගකීමයි. ජනතාවගේ හදිසි අවශ්‍යතා සපුරාලීමට අප කටයුතු කළ යුතුයි. ඒ නිසා පුරවැසියන් මුහුණ දෙන දුෂ්කරතා ගැන සලකා බලා සමබර ප්‍රවේශයක් පවත්වාගෙන යන්නැයි IMF දූත පිරිසෙන් මා ඉල්ලා සිටිනවා. මගේ නායකත්වය යටතේ ළමා දරිද්‍රතාව සහ මන්දපෝෂණය පිටුදැකීමට සහ ආබාධ සහිත පුද්ගලයන්ට වඩා හොඳ සහයෝගයක් ලබාදීමට ප්‍රමුඛත්වය දෙමින් සමාජ වියදම් ප්‍රතිපාදන ඵලදායී ලෙස භාවිත කිරීමට අපි පොරොන්දු වෙනවා. ජනතාව ලබාදුන් ජනවරමේ ප්‍රධාන අංගයක් වන දූෂණයට එරෙහි සටන අප සාර්ථකව ඉටුකරනවා. විනිවිදභාවය සහ වගවීම තහවුරු කිරීම සඳහා ව්‍යවස්ථාදායක සහ ආයතනික ව්‍යුහයන් වැඩිදියුණු කිරීමට මේ රජය දැඩි නීතිරීති ක්‍රියාත්මක කරනවා. ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාධනීය ඉදිරි පියවර අප බලාපොරොත්තු වන අතර, ඒ සඳහා ශක්තිමත් පදනමක් ඇතිකළ යුතුයි…’

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ආණ්ඩුවට සති 2 පිරුණා විතරයි! ආණ්ඩුවත් හෙල්ලුම් කෑ මාලිමාව ඇතුළෙන්ම ආ ප්‍රබල විරෝධය! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

Next Post

පදවියේ වයස 73ක ආච්චිට වෙඩි තියලා මරලා තියෙන්නේ වයස 42ක හමුදාවෙන් පැන්න එකෙක්! බයිසිකලේ පැදලා තියෙන්නේ වයස 30ක එකෙක්!  I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.