• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වෙසක් එන්නත් කලින් ආණ්ඩුව පෙන්නපු මහා ගල්අඟුරු ජාතකය! කොටුවෙන් කොටුව සම්පූර්ණ විස්තරේම තියෙනවා! Sri Lanka Latest News

April 25, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
වෙසක් එන්නත් කලින් ආණ්ඩුව පෙන්නපු මහා ගල්අඟුරු ජාතකය! කොටුවෙන් කොටුව සම්පූර්ණ විස්තරේම තියෙනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙවර දිට්වා ආපදාවටත් වඩා දරුණු ගල්අඟුරු අර්බුදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවී තිබේ. නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමට අවශ්‍ය ගල්අඟුරු 2026/27 කාලපරිච්ඡේදයට අදාළව මිලදී ගැනීමේදී සිදුවූයේ යැයි කියනු ලබන අක්‍රමිකතාවන් පිළිබඳ රටට හෙළිවන්නට පටන්ගත්තේ ජනවාරි මාසයේ පමණ සිටය.

මේ යටතේ මුලින්ම රට ඉදිරියේ තැබුණේ මෙවර ගල්අඟුරු සැපයුම්කරුවන් ලියාපදිංචියේදී එතෙක් පැවැති නිර්ණායකයන් ලිහිල් කර ඇතැයි යන චෝදනාවයි. නමුත් මේ විවේචන තුට්ටුවකට වත් ගැනීමට ආණ්ඩුව සූදානම් වූයේ නැත. ඊළඟට ගල්අඟුරු මිලදී ගැනීමට ආණ්ඩුව තෝරාගත් ‘ට්‍රයිඩන්ට් චැම්පා’ නම් ඉන්දීය සමාගමෙන් මිලදීගත් පළමු ගල්අඟුරු නැවේ ගල්අඟුරුවල ගුණාත්මකභාවය අඩු බවට චෝදනා විපක්ෂයෙන් එල්ලවන්නට පටන් ගත්තේය. ආණ්ඩුවේ ප්‍රතිචාරය වූයේ මේ ලෝකයේ බාල ගල්අඟුරු කියා දෙයක් නැති බවත්, ගල්අඟුරු යනු ස්වභාවිකව නිර්මාණය වන දෙයක් නිසා එහි ඉහළ තත්ත්වයේ ගල්අඟුරු කියා දෙයකුත් නොමැති බවත් යනුවෙන් වන ගැලරිය චූන් කරවන පිළිතුරකි.

නොරොච්චෝල විදුලි බලාගාරයේ වාර්තා අනුව මෙවර මිලදීගත් ගල්අඟුරුවල නියමිත තාප ජනන හැකියාව නොමැති බව තහවුරු වනවිට විදුලිබල ඇමැති පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ බලාගාරයේ ඉංජිනේරු වාර්තා පිළිගත නොහැකි බවටය. මේ අන්දමින් දිගින් දිගටම ගෙන ආ ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ විවේචන එල්ල වෙද්දී, බලාගාරයේ හා විදුලිබල මණ්ඩලයේ වාර්තා අනුව මෙම ගල්අඟුරු යොදාගෙන විදුලිය නිපදවීමේදී අපේක්ෂිත මට්ටමට විදුලිය නිපදවිය නොහැකි බව තහවුරු වෙද්දී, ජනාධිපතිවරයා පවා ප්‍රසිද්ධියේ ගල්අඟුරු, ගෑස් ආදිය මිලදී ගැනීම යම් යම් කාටල්ගත සමාගම්වලින් සිදුකර, මුදල් ඉපයීමේ කූට ව්‍යාපාරවල පසුගිය රජයන් යෙදී ඇති බවට චෝදනා කළේය.

තම ආණ්ඩුව මේ කාටල් බිඳදමා නිවැරදි ක්‍රමවේදවලට අනුව ගල්අඟුරු, ගෑස් මිලදී ගැනීම නිසා එකී කාටල් හරහා වාසි සලසාගත් නිලධාරීන් හා දේශපාලකයන් නොයෙක් ‘ලෙඩ අදින’ බවත්, ආණ්ඩුව ඒවායින් නොසැලී නිවැරදි ක්‍රමවේද දිගින් දිගටම ක්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා විසින් සිංහ නාදයක් මෙන් ප්‍රකාශ කළේ ගල්අඟුරුවල තත්ත්වයෙන් බාල බවට දැඩි විවේචනයක් රට පුරා පැන නගිද්දීය. ඒ අනුව ජනාධිපතිවරයාත්, අමාත්‍යවරුනුත්, ආණ්ඩුවේ මන්ත්‍රීවරුනුත් ආරම්භයේ සිටම තත්ත්වයෙන් බාල ගල්අඟුරු ගෙන්වීම පිළිබඳ චෝදනාව නොපිළිගත්තා පමණක් නොව මාලිමා ආණ්ඩුවේ සේදුම් බළකායේ අත්පොළසන් හඬ මැද එය නිවැරදි ගනුදෙනුවක් බව දිගින් දිගටම ප්‍රකාශ කිරීමටද අමතක කළේ නැත.

එසේ වුවද ආණ්ඩුවට ප්‍රතිවිරුද්ධ දේශපාලන බලවේග මේ ගල්අඟුරු මිලදී ගැනීමේදී බරපතළ දූෂණයක් සිදුව ඇති බවටත්, තත්ත්වයෙන් බාල ගල්අඟුරු ගෙන්වීම තුළ අපේක්ෂිත විදුලිබලය නොරොච්චෝල බලාගාරයෙන් ලබාගත නොහැකි බවටත්, අවසානයේ ඩීසල්වලින් නිපදවෙන විදුලිය මිලදී ගැනීම හරහා මෙම ගනුදෙනුවේ පාඩුව ජනතාවට පැටවෙනු ඇති බවටත් සාර්ථකව කරුණු ඉදිරිපත් කළේය. මෙහිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන සජබ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු පක්ෂ මෙන්ම, පාර්ලිමේන්තුව නියෝජනය නොකරන එක්සත් ජනරජ පෙරමුණේ සහ ජාතික නිදහස් පෙරමුණ වැනි පක්ෂ නායකයන් ද ආණ්ඩුවේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාකලාපයට දැඩි විවේචන එල්ල කළෝය.

මේ විවේචන හමුවේ ආණ්ඩුවට අන්තිමට සිදුවූයේ ගල්අඟුරුවල තත්ත්වය බාල බව පිළිගැනීමටය. ඉන්පසුව ආණ්ඩුව කියා සිටියේ ගල්අඟුරු තත්ත්වයෙන් බාල වීම දූෂණයක් නොවන බවත්, එමෙන්ම බාල ගල්අඟුරු නිසා වන පාඩුව අදාළ සැපයුම්කරුගෙන් අය කරගන්නා බවත්ය. මීට පෙරත් එලෙස බාල ගල්අඟුරු මිලට ගෙන සැපයුම්කරුගෙන් දඩ අයකර ඇති බවද කියමින්, ගල්අඟුරු බාල වුවත් මිලදී ගැනීමේ ක්‍රියාවලිය මුළුමනින්ම නිවැරදි බවට ‘ලෙඩා මළාට බඩ සුද්දයි’ පන්නයේ පිළිතුරු දීමට ආණ්ඩුව පටන් ගත්තේ මේ අවස්ථාවේදීය. ඇතැම් ඇමැතිවරුන් ප්‍රකාශ කළේ දඩ ගෙවන්න බැරි යැයි කියා සමාගම බංකොළොත් වුවහොත් අපට ගල්අඟුරු නැති වන බවය. ජනාධිපතිවරයාම ගල්අඟුරු ගත්තේ ‘කාලා බලා’ නොවන බැවින් තත්ත්වය පිළිබඳ යම් ප්‍රශ්නයක් පවතින බවත්, එසේ වුවද එම පාඩුව සැපයුම්කරුගෙන් පියවා ගන්නා බවත්, ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුකර ඇති බවත් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

මෙසේ ජනාධිපතිවරයා ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලිය නිවැරදි බවට සහතික වී පැය කිහිපයක් තුළ මෙම මිලදී ගැනීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකා ජනරජයේ විගණකාධිපතිවරයාගේ විශේෂ විගණන වාර්තාවක් එළිදැක්විණි. ඉන් පැවසුණේ මේ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ බරපතළ අඩුපාඩු රාශියක් සිදුව ඇති බවය. ශ්‍රී ලංකා ජනරජයේ රාජ්‍ය මූල්‍ය බලතල ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුවට පමණක් වගකීමෙන් බැඳී ඇති විගණකාධිපතිවරයාගේ නිරීක්ෂණයන් සැලකෙන්නේ ස්වාධීන හා අපක්ෂපාතී නිසි ක්‍රමවේදයන් ඔස්සේ සිදුකරන නිරීක්ෂණයන් ලෙසය. මෙවර ගල්අඟුරු මිලදී ගැනීම පිළිබඳ විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් කර ඇති නිරීක්ෂණයන්ගෙන් හෙළිවන්නේ මෙම ක්‍රියාවලියේ බරපතළ අඩුපාඩු රැසක් ඇති බවය.

මෙම ගල්අඟුරු ගනුදෙනුවට අදාළව විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් නිරීක්ෂණය කර ඇති කරුණු, සැපයුම්කරුවන් ලියාපදිංචියේ සිට සපයනු ලැබූ ගල්අඟුරු දහනයෙන් විදුලිය ජනනය කිරීම දක්වා වන ක්‍රියාවලියට අදාළව ඉදිරිපත් කර ඇත. සැපයුම්කරුවන් ලියාපදිංචිය සඳහා දැන්වීම් ප්‍රසිද්ධ කර මාස හයකට පමණ පසු එම දැන්වීමේ තිබුණු ප්‍රධාන නිර්ණායකයක් වෙනස් කර සංශෝධනය කර ඇති බව විගණන වාර්තාවේ සඳහන්ය. ඒ, මෙරටට ගල්අඟුරු සැපයීමට සැපයුම්කරුවකු ලෙස ලියාපදිංචි වීමට නම් ගතවූ මාස 36ක කාලපරිච්ඡේදය තුළදී ගල්අඟුරු මෙටි්‍රක් ටොන් ලක්ෂ දහයක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සපයා තිබීමත්, ඉන් ලක්ෂ පහකට නොඅඩු ප්‍රමාණයක තාප ජනන අගය කිලෝ කැලරි 5900 හෝ ඊට වැඩි ඒවා වීමත් අනිවාර්ය නිර්ණායකයක්ව තිබිණි.

විගණන වාර්තාව අනුව මේ නිර්ණායකය ලියාපදිංචි කිරීම සඳහා අයදුම්පත් කැඳවූ දැන්වීම් ප්‍රසිද්ධ කළ දිනට මාස හයකට පමණ පසුව 2025/06/23 දිනැතිව සංශෝධනය කර ඇත. ඒ ගතවූ මාස 36 තුළ සපයන ලද ගල්අඟුරු ප්‍රමාණය මෙටි්‍රක් ටොන් ලක්ෂ පහක් හා ඉන් ලක්ෂ එකක් තාප ජනන අගය කිලෝ කැලරි 5900 හෝ ඊට වැඩි ලෙසටය. විගණන වාර්තාවේ සඳහන් කරුණු අධ්‍යයනයේදී මේ වර්ෂයේ සැපයුම්කරුවන් ලියාපදිංචියට අයැදුම්පත් කැඳවන විටත් ලංකා ගල්අඟුරු සමාගමේ කලින් නිර්ණායක යටතේ ලියාපදිංචි වූ වලංගු සැපයුම්කරුවන් විස්සකට වඩා සිට ඇති බව පැහැදිලිය. පැරණි නිර්ණායක යටතේ ලියාපදිංචි වූ සැපයුම්කරුවන් විශාල සංඛ්‍යාවක් සිටියදී, නව සැපයුම්කරුවන් ලියාපදිංචියේදී නිර්ණායක විශාල ලෙස සංශෝධනය කළේ නිශ්චිත නව සැපයුම්කරුවකුට ඒ අවස්ථාව ලබාදීමටදැයි සාධාරණ සැකයක් ජනතාව ලෙස අපට ඇතිවේ. මේ ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීම කර දීර්ඝ කාලයකට පසුව නිර්ණායකය මෙසේ ලිහිල් කිරීමට පදනම් වූ සාධාරණ හේතු රටට පැහැදිලි කිරීමට රාජ්‍ය සමාගමක් වන ලංකා ගල්අඟුරු සමාගමත්, එය අයත් වූ විදුලිබල අමාත්‍යාංශයත් බැඳී සිටියි.

මේ නිර්ණායකයන් වෙනස් කළේ ඇයි? එසේ කිරීමට තිබුණු සාධාරණ හේතු මොනවාද? ඒ සඳහා අමාත්‍යවරයා හෝ අමාත්‍ය මණ්ඩලය හෝ ප්‍රසම්පාදන කමිටුව මැදිහත් වුණාද? මේ සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියක් ලබාගත්තේද? එසේනම් ඒ යෝජනාව ඇතුළත් අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැකසුවේ කාගේ අදහසකට අනුවද? මේ නිර්ණායක ලිහිල් කිරීම කිසියම් සමාගමකට වාසියක් සැලසීමේ අරමුණින් කළ එකක් නම් එය දූෂණ විරෝධී පනත යටතට ගැනෙන අපරාධයකි. මේ සියලු කරුණු විමර්ශනයකට ලක් කළ යුතුව ඇති වැරදි පිළිබඳ තොරතුරුය.
මෙවර සැපයුම්කරුවන් ලෙස ලියාපදිංචිය සඳහා සමාගම් හයක් සුදුසුකම් සපුරා ඇති බව ප්‍රසම්පාදන කමිටුව 2025/08/13 දින තීරණය ගත් බවත්, ඒ අනුව ඩොලර් 5,000ක මුදල් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගත යුතුව තිබුණි. 2025/08/14 දින මේ සමාගම් හයට ඩොලර් පන්දහස බැගින් ගෙවා ලියාපදිංචිය තහවුරු කර ගැනීමට දැන්වූ බව ලංකා ගල්අඟුරු සමාගම කෝප් කමිටුව ඉදිරියේ කියා සිටිනු දුටුවෙමි. ඒ අනුව ඊට දින හතරකට පසුව ගල්අඟුරු ටෙන්ඩරය සඳහා ලංසු ලියවිලි නිකුත් කරන බැවින්, ඊට පෙර ඩොලර් 5,000 ගෙවා ලියාපදිංචිය ලබාගැනීමට ක්‍රියා කරන ලෙසට ද එම සමාගම්වලට දැනුම්දීම කර ඇත. එසේ වුවද නියමිත දිනය වූ අගෝස්තු දහඅට වනවිට ලියාපදිංචිය තහවුරු කරගෙන තිබුණේ මින් සමාගම් තුනක් පමණි. ඒ අනුව ලංසු ලියවිලි නිකුත් කළ යුතුව තිබුණේ මෙවර ලියාපදිංචිය තහවුරු කරගත් නව සැපයුම්කාර සමාගම් තුනට හා කලින් ලියාපදිංචිව සිටි වලංගු සැපයුම්කාර සමාගම් විසිඑකට පමණි.

විගණකාධිපතිවරයා සිය වාර්තාවෙන් නිරීක්ෂණය කර ඇති අන්දමට, නියමිත දිනට ගාස්තු ගෙවා ලියාපදිංචිය තහවුරු කර නොගත් ‘ට්‍රයිඩන්ට් චැම්පා’ සමාගමට හා ‘පැනකේප් ටේ්‍රඩින්ග්’ සමාගම යන සමාගම් දෙකට ලංසු ලියවිලි කුරියර් මගින් හා විද්‍යුත් තැපෑලෙන් යවා තිබුණු බව නිරීක්ෂණය කර ඇත. නියමිත ගාස්තුව නියමිත දිනට ගෙවා ලියාපදිංචිය සම්පූර්ණ නොකළ සමාගම් තුනක් තිබුණත්, ඉන් ඉහත සමාගම් දෙකට පමණක් ලංසු ලියවිලි නිකුත් කර, එපරිද්දෙන්ම නියමිත දිනට ගාස්තු ගෙවා නොතිබු ‘SAMCO LTD’ නම් සමාගමට ලංසු ලියවිලි නොයැව්වේ ඇයි? ගාස්තු ගෙවා ලියාපදිංචිය තහවුරු කර තිබීම ලංසු ලියවිලි ලබාගැනීමට මූලික සුදුසුකමව තිබියදී, එසේ නොවූ ඉහත සමාගම් දෙකට ලංසු ලියවිලි යැවීමට තරම් විශේෂ ලෙස සැලකීමට හේතුව කුමක්ද? මේවා මහජනතාව ලෙස අපට ඇතිවන ප්‍රශ්නය.

විශේෂයෙන්ම මෙම ප්‍රශ්නගත බාල ගල්අඟුරු සපයා ඇත්තේ ඉහත විශේෂ සැලකීමට භාජනය වූ බව පෙනෙන ‘ට්‍රයිඩන්ට් චැම්පා’ සමාගම නිසා, ඉහත ප්‍රශ්නවලට රටට කරුණු පැහැදිලි කිරීම අත්‍යාවශ්‍යය. මේ ක්‍රියාවෙන් ප්‍රසම්පාදනයේ තිබිය යුතු සාධාරණභාවය යන මූලධර්මයට හානිවී ඇති බව විගණකාධිපතිගේ නිරීක්ෂණයයි.

විගණකාධිපති වාර්තාවේ දැක්වෙන මීළඟ නිරීක්ෂණය වන්නේ 2026/03/11 වන විට සැපයුම්කාර සමාගම විසින් සපයා තිබූ නැව් තොග දොළහක ගල්අඟුරු පිළිබඳ විදුලි බලාගාරයේ පාලන ඒකකය සපයා ඇති වාර්තාවලට අනුව, එම ගල් අඟුරුවලින් බලාගාරයේ පූර්ණ ධාරිතාව ලබාගත නොහැකිව තිබියදී හා පාර්ලිමේන්තු කමිටුවල හා සමාජය තුළ ගල්අඟුරුවල ගුණාත්මක තත්ත්වය අභියෝගයට ලක්ව තිබියදීත්, ගිවිසුම් ප්‍රකාරව ගැනුම්කරු වූ ලංකා ගල්අඟුරු සමාගමට, විකුණුම්කරුට ද එකඟ විය හැකි ස්වාධීන පරීක්ෂකවරයකු පත්කිරීමට තිබුණු හැකියාව භාවිත නොකිරීම හා සෑම නැව්ගත කිරීම් පහකටම වරක් ගැනුම්කරුගේ නියෝජිතයන් දෙදෙනකුට අහඹු පදනම මත පැටවුම් වරායේ නියැදීම හා විශ්ලේෂණ ක්‍රියාවලිය පරීක්ෂා කිරීමට තිබූ අවස්ථාව භාවිත නොකිරීමයි.
ශ්‍රී ලංකා රජයේ සමාගමක් වූ ලංකා ගල්අඟුරු සමාගම මිලදීගත් ගල්අඟුරුවල අඩු ගුණාත්මක තත්ත්වය ගැන බලවත් මහජන මතයක් තිබියදීත්, රජයේම විදුලි බලාගාරයේ වාර්තාවලින් ඒ බව සනාථ වී තිබියදී, මිලදී ගන්නා ගල්අඟුරු පැටවුම් වරායේදී පරීක්ෂා කිරීමට ගිවිසුමෙන් දී තිබුණු අවස්ථා යොදා නොගැනීම බලවත් නොසැලකිල්ලකි. ලංකා ගල්අඟුරු සමාගම සිය කටයුතු නිසි සැලකිල්ලෙන් යුතුව ඉටුකරන බවට අධීක්ෂණය කිරීමේ වගකීම ඇත්තේ විදුලිබල අමාත්‍යවරයාටය.

මෙහිදී බලාගාරයේ පාලන ඒකකයේ වාර්තාවලින් මේ ගල්අඟුරු දහනයෙන් අපේක්ෂිත මට්ටමට විදුලිය ජනනය නොවන බව පැහැදිලි වෙද්දී, අමාත්‍යවරයා බලාගාරයේ වාර්තා පිළි නොගන්නා බව පැවසූ බව අපට මතකය. එයින් පෙනෙන්නේ අමාත්‍යවරයා තම අමාත්‍යාංශය යටතේ ඇති විදුලි බලාගාරයට වඩා සැපයුම්කාර සමාගමේ වාර්තා විශ්වාස කළ බව නොවේද? එසේ කිරීමට තරම් ඇමැතිවරයාට තිබුණු හේතු මොනවාද? විගණකාධිපති වාර්තාවෙන් තවදුරටත් නිරීක්ෂණය කර ඇත්තේ Umpire Sample නම් වූ දෙවැනි සාම්පලය පරීක්ෂා කර තත්ත්වය නිවැරදි කර ගැනීමට ලංකා ගල්අඟුරු සමාගමට තිබුණු අවස්ථාව ද භාවිතා කර නැති බවයි.

මෙහිදී අමාත්‍යවරයා දැරූ ස්ථාවරය වන බලාගාරයේ වාර්තා පිළි නොගැනීමේ ස්ථාවරයේ ලංකා ගල්අඟුරු සමාගමත් සිටි බව පැහැදිලිය. එසේ සිටියේ අමාත්‍යවරයාගේ මැදිහත්වීම මතද යන්න විමර්ශනවල අවධානයට ලක්විය යුතු කරුණකි. එමෙන්ම පැටවුම් වරායේ සාම්පල් පරීක්ෂා කර වාර්තා කිරීමට පත්කළ ස්වාධීන සමාගම නොවන වෙනත් සමාගමකින් එම වාර්තා දිගටම ඉදිරිපත්ව තිබීමත්, ඒවා පිළිබඳ කිසිදු ප්‍රශ්න කිරීමක් සිදුව නොතිබීමත්, එම වාර්තා සැපයූ සමාගමට ඒ කාර්යය සඳහා බලයක් නොමැති වීමත් විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණය කර ඇත. මේවා බරපතළ නොසැලකිලි පමණක් නොව, වංචාවන්ට සහාය දීම් ලෙසද සිතිය හැකි බරපතළ වැරදිය. මේ සමස්ත ක්‍රියාවලිය තුළ බලවත් මූල්‍යමය පාඩුවක් සිදුව ඇති බවට ද විගණකාධිපති වාර්තාවේ නිරීක්ෂණය කර ඇත.

විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සඳහන් නිරීක්ෂණ හා කරුණුවලට අනුව, මෙවර ගල්අඟුරු සැපයුම සඳහා සමාගම් ලියාපදිංචියේ සිට සැපයීම දක්වා රාජ්‍ය ආයතනයක් වන ලංකා ගල්අඟුරු සමාගම බලවත් නොසැලකිල්ලකින් මෙන්ම අනීතිකවද කටයුතු කරමින් ශ්‍රී ලංකා ජනරජයට පාඩු සිදුකළ බවට සාධක බලවත් සේ හෙළිදරව් වී ඇත. මෙහිදී විෂය භාර අමාත්‍යවරයා හා අමාත්‍ය මණ්ඩලය එකී නොසැලකිල්ල නොදුටුවා සේ අන්ධයන් මෙන් ක්‍රියාකර ඇති බවද මින් පෙනීයයි. මේ තුළ ලංකා ගල්අඟුරු සමාගම පමණක් නොව, එහි අධීක්ෂණය පැවරී තිබූ අමාත්‍යාංශය, ඇමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය දක්වා මෙහි වගකීම පැතිර පවතී. මේ පිළිබඳ ඊළඟ පියවර කුමක් විය යුතුද යන්න තීරණය කිරීම ආණ්ඩුවේ කාර්යභාරය බවට පත්කර ගෙන ඇති බවක් දැනට පෙනෙන්නට තිබේ.

දැනටමත් කඩිමුඩියේ ජනාධිපති ලේකම්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබේ. මාධ්‍යවලින් දැනගත් පරිදි ඔහුගේ පැමිණිල්ල අරුම පුදුම එකකි. විගණකාධිපති වාර්තාවකින් පැහැදිලි අපරාධමය වැරදි ස්වභාවයේ තොරතුරු හෙළිවී තිබියදී ඒ ගැන නොතකමින් මේ පැමිණිල්ල සිදුකර ඇත්තේ, ගල්අඟුරු ආශ්‍රිත විදුලිබලය නිපදවීම ඇරඹුණුදා සිට සිදුව ඇති අපරාධමය වැරදි සොයාගැනීමට කරන ලද පැමිණිල්ලක් ලෙසය. අප මෙතෙක් දැන සිටියේ පොලිසියට පැමිණිල්ලක් කිරීමේදී අපරාධමය වැරදි පැහැදිලිව ඉදිරිපත් කළ යුතු බවකි. එහෙත් ජනාධිපති ලේකම්වරයාගේ මෙකී පැමිණිල්ලෙන් පසුව, යම්කිසි කාලෙක යම් ස්ථානයක අපරාධ සිදුවී ඇත්දැයි සොයාබලන ලෙසට ද පැමිණිලි කළ හැකි බව දැනගත්තෙමු. එම කරුණ යටතේම දැන් ජනාධිපති පරීක්ෂණ කොමිසමක්ද පත්කර ඇත. මේ සියල්ල සිදුවන්නේ කවර අරමුණකින්ද යන්න ගැන සැලකිලිමත් විය යුතුය.

රාජ්‍ය ආයතනයක යම් ගනුදෙනුවක් නීති විරෝධී අන්දමින් හෝ වංචනිකව, නොසැලකිලිමත් ලෙස සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතු කරගෙන සිදුව ඇති අවස්ථාවක කටයුතු කළ යුතු අන්දම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කර තිබේ. එසේ නියම කර ඇත්තේ 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ විධිවිධානවලිනි. එම පනතේ 19(1) වගන්තිය මෙසේය:
‘වෙනත් යම් ලිඛිත නීතියක අන්‍යාකාරයෙන් විශේෂයෙන් දක්වා ඇත්නම් මිස, විගණනය කරනු ලබන ආස්ථිතියක යම් ගනුදෙනුවක් යම් ලිඛිත නීතියකට පටහැනිව සිදුකර ඇති බවටත්, එම ගනුදෙනුව මගින් ඊට සම්බන්ධ තැනැත්තන්ගේ යම් වංචාවක්, නොසැලකිල්ලක්, සාවද්‍ය පරිහරණයක් හෝ දූෂණයක් හේතු කරගෙන යම් ඌනතාවයක් හෝ පාඩුවක් සිදුවී ඇති බවට විශ්වාස කිරීමට විගණන සේවා කොමිෂන් සභාවට සාධාරණ හේතු පවතින අවස්ථාවකදී, එවැනි යම් ගනුදෙනුවක් හේතුකොටගෙන සිදුවූ ඌනතාව හෝ පාඩුවට අදාළ වටිනාකම විගණන සේවා කොමිෂන් සභාව විසින් අධිභාරයක් පැනවීම සඳහා, එම ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව හෝ ඌනතාවය විගණනය කරනු ලබන ආස්ථිතියේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාට වාර්තා කළ යුතුය.’
ඉහත පරිදි විගණන කොමිෂන් සභාවෙන් අධිභාර කිරීමේ පාඩුවකට අදාළ වටිනාකමක් පිළිබඳ දැන්වීම ලද වහාම, අධිකරණ හෝ විනය ක්‍රියාමාර්ගවලට පෙරාතුව එකී අධිභාරය ඊට වගකිව යුත්තන්ගෙන් අය කරගැනීම ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් කළ යුතු බව එම වගන්තියේ දෙවන උප වගන්තියේ දැක්වේ.

මේ අධිභාර පිළිබඳ ජාතික විගණන පනතේ විධිවිධාන පසුගිය කාලයේ මේ ආණ්ඩුවෙන් තවත් ශක්තිමත් කරමින් පනත සංශෝධනය කිරීමද කර ඇත. රාජ්‍ය ආයතනයක පාඩු හා ඌනතා පිළිබඳ වර්තමානයේ අනුගමනය කළ යුතු නීතිමය ක්‍රියාමාර්ගය ජාතික විගණන පනතෙන් එසේ පැහැදිලිව නියම කර ඇති අතර, ඊට පිටස්තරව කටයුතු කිරීමට නම් වෙනත් නීතියකින් විශේෂිතව සඳහන් බලයක් අවශ්‍ය බව ද එහි සඳහන් කර තිබීම විශේෂය. දැන් ඉතින් ගල්අඟුරු ගනුදෙනුවේදී සිදුවූ පාඩුව පිළිබඳව විගණකාධිපති විශේෂ විගණන වාර්තාවේ ඇතුළත් බැවින්, විගණන කොමිසමට අධිභාරයක් පැනවීම මගින් එය පියවා ගැනීම පහසුය.

ප්‍රධාන ගණන් දීමේ නිලධාරියාටද විගණන පනතේ 38 වගන්තියෙන් නියම කර ඇත්තේ, යම් සාපරාධී ක්‍රියාවක් හෝ වංචාවක් පිළිබඳ විගණකාධිපතිවරයාගේ දැන්වීමක් ලද විගස නීතිය බලාත්මක කිරීමේ ආයතනයකට පැමිණිලි කළ යුතු බවටය. ලංකා ගල්අඟුරු සමාගමට අදාළ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදුලිබල අමාත්‍යාංශ ලේකම්වරයාය. 2026/27 කාලයට ගල්අඟුරු මිලදී ගැනීමේදී නොසැලකිලිමත් ලෙස කටයුතු කර රජයට පාඩු කළ බවට වූ විගණකාධිපති වාර්තාව ලද පසුව, මේ පිළිබඳ දූෂණ විරෝධී කොමිසමට හෝ පොලිසියට පැමිණිලි කිරීමේ නීතිමය වගකීම පැවරී තිබුණු විදුලිබල ලේකම්ට ඉඩ නොදී, කඩිමුඩියේම ජනාධිපති ලේකම්වරයා 2009 සිට ගල්අඟුරු මිලදී ගැනීම ගැන විමර්ශනය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළේ මේ පාඩුවට වගකිව යුත්තන්ට එරෙහිව ජාතික විගණන පනත ප්‍රකාරව ක්‍රියා කිරීම වැළැක්වීමටදැයි අප දන්නේ නැත. එහෙත් එය බැලූ බැල්මට ජනාධිපතිවරයාගේ විෂය පථයට අයත්, ජනාධිපති ලේකම්වරයා විසින් මැදිහත් වියයුතු ක්‍රියාවක් නොවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය.

මෙය හරියට ‘අශ්වයාට ලාඩම් ගහන්න හදන කොට අශ්වාරෝහකයා කකුල ඉස්සුවා’ වැනි වැඩකි. 2026/27 කාලපරිච්ඡේදයට අදාළ ගල්අඟුරු මිලදී ගැනීමේ ක්‍රියාවලියේ වූ පාඩුව විගණකාධිපති විසින් හඳුනාගෙන ඇත. එය ප්‍රමාණවත් නොවේ නම් වෝහාරික විගණනයක් සිදුකර හරිහැටි පාඩුව හඳුනා ගැනීමත් විගණකාධිපති විසින් ස්වාධීනව කළ හැකි, කළ යුතු කාර්යයකි. අනතුරුව ඒ පාඩුව වගකිව යුත්තන්ගෙන් අය කරගැනීමේ ක්‍රියාවලියත් ජාතික විගණන පනතේ සඳහන්ව ඇත. එය ආරම්භ කිරීම විගණකාධිපති වරයාගේ වගකීමයි. විගණකාධිපතිට නීතියෙන් නියම කර ඇති ක්‍රියාවලියට බාධාවන ලෙස පැමිණිලි කිරීම, විමර්ශන කරවීම ආදිය කරන අය දැන හෝ නොදැන එසේ කරන්නේ මේ ගනුදෙනුවෙන් සිදුවූ පාඩුව අය කරගැනීමට බාධා කිරීමකි.
මීට පෙරද ජනාධිපති කාර්යාලයෙන් රාජ්‍ය අරමුදල් අවභාවිතා කිරීම් ගැන කෙළින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරනු අපට මතකය. එබඳු අවස්ථාවකදී විගණකාධිපතිවරයාට නීතියෙන් නියම කර ඇති ක්‍රියා පටිපාටියට ඉඩ නොදී නීතිය බලාත්මක කිරීමේ ආයතන මැදිහත් කරවීම අනුචිත බව තේරුම් ගැනීමට ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩලය අසමත්ය. මේ අසමත් බව ආණ්ඩුවේ ඉහළ සිට පහළටම එකසේ ව්‍යාප්ත වී ඇත. සියල්ල අනාගන්නේ ඔය අසමත්කම නිසාමය. ඒ නිසා පුරවැසියන්ගේ කාර්යය වන්නේ නීතියේ සීමාව තුළ ආණ්ඩුව රට කරවන බවට වගබලා ගැනීමය.

සුනිල් කන්නන්ගර
(කොළඹ, රත්නපුර සහ අම්පාර හිටපු මහ දිසාපති)

SendShareShare
Previous Post

ලෝකෙ කොහෙදිවත් ලැබුණේ නෑ ආලෝකාට මෙච්චර ආදරයක්….! Sri Lanka Latest News

Next Post

ලෝකෙම හොල්ලන ඉන්දියාවේ DON ! Sri Lanka Latest News

MORE NEWS

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!
Exclusive

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.