භාණ්ඩාගාර බිල්පත්වලින් දේශීය වශයෙන් රුපියල් කෝටි 100000ක ණය මුදලක් ගැනීමට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (12) සම්මත විය.
මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබූවේ ලැබුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ මධුර විතානගේ මහතා විසිනි.
රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට යොමු කරන ලද දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ යෝජනාව ඉදිරිපත් කරන බව මධුර විතානගේ මහතා මෙහිදී දැනුම් දුන්නේය.
භාණ්ඩාගාර බිල්පත්වලින් ණය ලබා ලබා ගැනීම මෙතෙක් පැවතියේ රුපියල් කෝටි ලක්ෂ පහේ ( බිලියන පන්දහස) සීමාවේය.
නව යෝජනාව සමඟ එම සීමාව රුපියල් කෝටි හය ලක්ෂය දක්වා (බිලියන 6000) වැඩි කෙරෙනු ඇත.










