සැත්කම් කිරීමට පෙර රෝගීන්ගේ සිහි නැති කිරීම සඳහා භාවිත කරන Propofol නමැති එන්නත ලබා දීමෙන් පසු විවිධ ආසාත්මිකතා ඇති වූ බවට ලැබුණු පැමිණිලි මත එම එන්නත් කුප්පි ලක්ෂයට අධික සංඛ්‍යාවක් භාවිත කිරීම නතර කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ඇත.
ගම්පහ මහ රෝහල ඇතුළු රෝහල් පහකින් පමණ ලැබුණු පැමිණිලි මත සිදු කළ විමර්ශනයකින් අනතුරුව මෙම එන්නත් භාවිත කිරීම නතර කර තිබේ.
එන්නත ලබා දීමෙන් පසු රෝගීන්ට උණ ඇතිවීම, ඇඟ වේළීම වැනි ආසාත්මිකතා ඇති වූ බවට රෝගීන් පැමිණිලි කර ඇත.
රෝගීන්ගේ පැමිණිලි විමර්ශනය කිරීමෙන් පසු ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිර්දේශය මත මෙම එන්නත භාවිත කිරීම නතර කර ඇත.
එම එන්නත්වල සාම්පල අධිකාරියේ පරීක්ෂණාගාරයටද යොමු කර තිබේ.
ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් විසින් මෙම එන්නත ආනයනය කර ඇති අතර මෙම එන්නත් සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ කමිටුවේද නිර්දේශය ලබා දී තිබේ.
මෙම කමිටුවේ නිර්දේශය නොමැතිව ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ විවිධ චෝදනා එල්ල විය.
එම නිසා කමිටුවේ නිර්දේශ ලබා ගැනීම සෞඛ්‍ය අමාත්‍යංශය අනිවාර්ය කර තිබුණි.










