• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව හදන්නේ ලක්ෂ 24ක් ඉන්න දීමනා ලබන පවුල් සංඛ්‍යාව ලක්ෂ 12ට අඩු කරන්න! කන්න නැතිව දුක් විඳින ජනතාවක් ඉන්න රටක මේක කරන්න පුලුවන්ද? දරුවො හාමතේ! රටේ අපරාධ ඉහළ ගිහින්! ‌ලෙඩ්ඩුන්ට බෙහෙත් නෑ! දොස්තරවරු රට දාලා යනවා! සරසවි සිසුන් දිවිනසා ගන්නවා! මේ තුන්බියෙන් රට බේරගන්න මුලු විපක්ෂයම එකතු වී එක දේශපාලන සූත්‍රයක් සජ්ඣායනා කිරීමේ කාලය ඇවිත්! VIDEO I Sri Lanka Latest News

June 26, 2023
in Exclusive
Reading Time: 12 mins read
A A
සිගරැට් අලෙවිය 50%කින් අඩුවුණා! හැබැයි සමාගමේ ලාබය 121%කින් වැඩිවුණා! එහෙම වුණේ කොහොමද?‍‍ එක මුදල් ඇමැති ‌කෙනෙක් අයවැයෙන් සිගරැට් මිල 50%කින් අඩු කළා! වත්මන් ජනාධිපති අයවැයෙන් ගංජා නීතිගත කරන්න කතා කරනවා! එහෙම කරන්නේ ඇයි? ඩලස් දුම්කොළ මාෆියාවේ අලුත් පැත්තක් දකී! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාව තුන් බියකින් පෙළෙන අවස්ථාවක ජනතාව බඩගින්නේ හාමතේ මහමග හඬා වැටෙන තත්වයක රට සහ ජනතාව මෙම අගාධයෙන් බේරා ගැනීම සඳහා
විපක්ෂයේ සියලු දෙනා එකට එක්වී කටයුතු කර, එකම දේශපාලන සූත්‍රය ක් සජ්ඣායනා කිරීමේ උචිත සහ අත්‍යවශ්‍යම අවස්ථාව පැමිණ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසයි . Sri Lanka Latest News

ඒ මහතා මේ බව සඳහන් කළේ නාවල කොස්වත්ත නිදහස ප්‍රධාන කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඩලස් අලහප්පෙරුම මහතා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ……

“මුළු රටම තුන් බියකින් පෙළෙන අවස්ථාවක වර්තමාන රජය අස්වැසුම නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යන බව පාර්ලිමේන්තුවේ දීත් කතා වුණා .
මෙහි අරමුණ බවට පත්වෙන්නේ දැනට සමුර්දි ප්‍රතිලාභය හා අනිත් සහනාධාර ලබන පවුල් සංඛ්‍යාව වසර තුනක් වැනි කාලසීමාවක් තුළ ලක්ෂ 12 දක්වා අඩු කිරීම යි.

මෙය සිදු කළ හැකිද ? වර්තමාන රටේ තත්ත්වය සලකලා බලපුවාම
අද බඩගින්නෙන් පීඩාවෙන් ,
කන්න නැතිව දුක් විඳින ජනතාවක් ඉන්න රටක මේක කරන්න පුලුවන්ද ?
මේක බරපතළ ප්‍රශ්නයක්

මේ රජය විශ්වාස කරනු සංඛ්‍යාලේඛන හරිද ?
සමුර්දි ප්‍රතිලාභීන් දැනට ඉන්නවා ලක්ෂ දාහත කට ආසන්න ප්‍රමාණයක්
වකුගඩු ආධාර ,වැඩිහිටි දීමනාව ආබාධිත දීමනාව ඇතුළු අනෙකුත් රජයේ සහනාධාර ලබන ප්‍රමාණයක් පවුල් ප්‍රමාණය ලක්ෂ 6කට ආසන්න වෙනවා. ඔක්කොම ලක්ෂ 24කට වැඩියි

මේ සියල්ල අහිමි කරල ජනතාව ඉතා පහත් දුක්ඛිත තත්වයකට පත් කරන්නටයි මේ සූදානම.

මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න හොඳම වෙලාව මේක නෙවෙයි.
එනිසා තමයි අහිංසක ජනතාව ලංකාව පුරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඇවිල්ලා කලබල කරන්නේ උද්ඝෝෂණය කරන්න හඬා වැටෙන්නේ .

අපි ආණ්ඩුවට කියනවා කරුණාකරලා මේ දිහා සංවේදීව බලන්න කියලා.
මිනිසුන්ගේ දුක අඳුනගන්න කියලා .

අද වන විට ලෝක බැංකුව කියනවා ලංකාවේ පවුල් ලක්ෂ 58න් සියයට විස්සක් ඒ කියන්නෙ පවුල් ලක්ෂ 11 ක් වගේ ආසන්න ප්‍රමාණයකගේ දෛනික ආදායම ඇමරිකානු ඩොලර් 3.6 මට්ටමේ පවතිනවා කියලා .
අපි උපකල්පනය කළොත් මේ පවුලක තුන්දෙනෙක් ඉන්නවා කියලා මේ ජන ප්‍රමාණය ලක්ෂ තිස් තුනක්
.
දෛනික ආදායම ඩොලර් 3.6 ට වඩා අඩුවෙන් ලැබෙනවා කියලා..ඒ කියන්නේ රුපියල් දාහට අඩුයි.. එහෙම ආදායම ක් තියන ඒ ජනතාව ගැන තවත් මොනවා කතා කරන්නද?

එහෙම ජනතාවකට මෙහෙම සලකන්න පුළුවන් ද ආණ්ඩුවට අපිට තියෙන්නේ ඒ ප්‍රශ්නය .ඒක

ඔබට මා තවත් සංඛ්‍යාලේඛන ඉදිරිපත් කරන්නම් ලංකාවේ තත්ත්වය හඳුනා ගන්නට ඒ තමයි
වර්තමාන විදුලි බිල,

විදුලිබිල ඒකක 0-30 අතර ප්‍රමාණයක් පාවිච්චි කරන පවුල් ප්‍රමාණය ලක්ෂ 17.75 කට ආසන්න ප්‍රමාණයක් .

මාසෙකට ඒකක තිහක්, කියන්නේ, දවසකට එක ඒකකයයි ඒ ගෙදර අනිවාර්යෙන් පාවිච්චි කරන්න කරන්නේ විදුලි බල්බ 4 හෝ 5 ක් පමණයි.වෙන කිසිම උපකරණයක් ඔවුන් පාවිච්චි කරන්නේ නැහැ ඒකයි සත්‍ය තත්වය .

ඒකක තිහත් හැටත් අතර පවුල් ලක්ෂ දහ අටක් ඉන්නවා විදුලිය පාවිච්චි කරන ඔවුන්ගේ තත්වය ඒ හා සමානයි අපිට හිතා ගන්න පුළුවන් .

මේක හොඳ දර්ශක දෙකක් අපේ රටේ දරිද්‍රතාවය ගැන බලන්න එනිසා මේක ගළපලා බලන්න ඕන මේ සමෘද්ධිය කප්පාදුව එක්ක.
මේක මහා අභාග්‍ය සම්පන්න කාලයක්

දරුවෝ පාසල් යන්නේ නැහැ
බඩගින්න දරාගන්න බැහැ
විශ්වවිද්‍යාල දරුවන්ට මහපොළ ලැබෙන්නෙ නැහැ. මහපොළ ලැබුණත් ඔවුන්ට ඒකෙන් ජීවත් වෙන්න පුළුවන් දින කිහිපයක් පමණයි .

ඔවුන් ට දැවැන්ත ආර්ථික පීඩනයක නිසා සිය දිවි නහගන්න තත්ත්වයකට පත්වෙලා විශ්වවිද්‍යාල ගණනාවක දරුවෝ සිය දිවි නසා ගත් බවට වාර්තා වෙනවා.
වෙන ප්‍රශ්න තියෙන්න පුළුවන් ඒත් ආර්ථික ප්‍රශ්නය ඔවුන්ට දැඩි විදිහට බලපාල තියෙන බව තමයි හෙළි වෙන්නේ .

මේ සියල්ල හමුවේ අපිට කතා කරන්න තියෙන්නේ එක දෙයක් ගැන,
ඒ තමයි මේ ආණ්ඩුව සංවේදී නෑ
backspace බට්න් එක ඔවුන්ට නැහැ .
තීන්දුවක් වැරදි බව දැනුනාම ඒක වෙනස් කරන්න තරම් සංවේදී කමක් නැහැ ඔවුන්ට තියෙන්නේ එකයි ඒ උද්දච්චකම විතරයි.

මේ තීන්දුවට පසුබිම සකස් වෙන්නේ ඒ උද්ධච්ච කම හරහා ,කියලයි මට හිතෙන්නේ .

ජනතාවට බඩගින්න ගැන බිය එහෙම දැනෙනකොට දෙවැනි බිය විදිහට දැනෙන්නේ මරණ බිය .

පසුගිය දින 55 ට සංවිධානාත්මක අපරාධ වලින් ඝාතන 19 සිදුව තිබෙනවා .

මේ අවුරුද්දේ ජනවාරි පලවෙනි දා ඉදල ජූලි පළවෙනිදා දක්වා ඝාතන හතළිස් තුනක් (43) වාර්තා වෙලා තියෙනවා ඒ සියල්ලක්ම වගේ සංවිධානාත්මක අපරාධ වලින් සිදුවන ඝාතන .

මීට වසරකට පෙර මෙරට තිබුණේ වර්ෂයකට සංවිධානාත්මක ඝාතන හතරක් හෝ පහක් ලෙසයි.

විෂය භාර අමාත්‍ය විදිහට ටිරාන් අලස් මැතිතුමා කියලා තිබුන නීති විරෝධී ආයුධ භාර දෙන්න කියලා ඒකට කාලෙකුත් දීලා තිබුණ මාසයක් වගේ .
නමුත් ඒක මතුපිටින් පේන විසඳුමක් විතරයි ඒක හරියට විශ්ලේෂණය කරපු විසඳුමක් නෙවෙයි .
මේ රටේ තියෙනවා දැවැන්ත ප්‍රශ්නයක් මත්ද්‍රව්‍ය වෙළඳපොල කොටස බෙදා ගැනීම පිළිබඳ ප්‍රශ්නය අන්න ඒ වෙළෙඳපොළ කොටස Market share එක බෙදාගන්න ගිහිල්ලා තමයි මේ මරා ගැනීම සිද්ධ වෙන්නේ .
මේක කෙළවරක ඉන්නවා ඉහළ පෙළේ ආරක්ෂක නිලධාරීන් සහ දේශපාලකයෝ .

ඔවුන් මත් මත්ද්‍රව්‍ය වෙළඳාම තම ජීවිකාවේ කොටසක් කරගෙන .
මේක ඉතාම කනගාටුදායක තත්ත්වයක් .
ඒත් එක්කම මේකට බලපාන ඊළඟ කාරණාව තමා අපේ රටේ අපරාධ නීති සංග්‍රහය තියෙන ලොකු සිදුරු

දණ්ඩ නීති සංග්‍රහයේ තිබෙන අඩුපාඩු. නඩුව අවුරුදු හත අටක් එක දිගට ඇදෙනවා…මාස ගණනකින් ඇප දෙනවා..ඉතින් ඝාතකයා මාස කීපයකින් නැවත සමාජයට එනවා..නඩුව අහල ඉවර වෙනකන් ඝාතකයා ඇතුලෙ තියන්න පුළුවන් විදියට නීතිය වෙනස් වෙන්න ඕනෑ ..
.
එනිසා අපරාධ නීති සංග්‍රහය අඩුපාඩු වහාම හදන්න පියවර ගන්න ඕනේ.

ඊලග බිය තමයි රෝගී බිය

මේ වසරේදීත් විශේෂඥ වෛද්‍යවරුන් 750ක් පමණ විශ්‍රාම යාමට නියමිතයි .
ඊට අමතරව තවත් ප්‍රමාණයක් විදේශගත වෙනවා

2025 වෙනකොට අපිට විශේෂඥ වෛද්‍යවරුන් හාරදාහක්(4000) පමණ ඉන්න ඕනේ කියලා තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන්නේ,
නමුත් සැබෑවට ඉන්න සංඛ්‍යාව 1750 ක් වගේ වේවි කියලා උපකල්පනය කරලා තියෙනවා .

ඒ කියන්නේ පිට පලාත් පමණක් නෙවේ කොළඹ තදාසන්න ප්‍රදේශවල වලටත් ගම්මාන ප්‍රදේශවලටත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හිගයක් ඇති වෙන්න නියමිතයි. මේක ඉතාම කනගාටුදායක සහ බරපතළ තත්ත්වයක් .

අපේ සෞඛ්‍ය සෞඛ්‍ය ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා බෙහෙත් ගේන්න කෝටි 1300ක් ඉල්ලුවත් ලැබුණේ කෝටි 500 ලු. ඒක නොලැබුනොත් එතුමා ඉල්ලා අස්වෙනවා ලූ. බිලියන ගාණක බිල් හිර වෙලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම්කරුවන්ට ගෙවන්න තියෙන,

,ඉතින් මේ තත්ත්වයන් ඉතාම බරපතළ සහ කනගාටුදායක තත්ත්වයන් ඇතිවෙලා තියනවා.
අද වෙනකොට සෞඛ්‍ය අංශ තිබෙන්නේ ICU එකේ.මේක ඛේදවාචකයක්.

මේ වෙලාවේ විපක්ෂයේ ඉන්න සියලු දෙනාටම තියෙනවා කතාවක් කියන්න

විශාලා මහනුවර තුන්බියෙන් ඇළලී ගිය වෙලාවේ බුදු හාමුදුරුවෝ රතන සූත්‍රය දේශනා කලා ඒ දුර්භික්ෂ තත්ත්වය සමනය කරන්න .
අද අපි විපක්ෂය විදිහට කරන්නේ තුන් බිය දැක දැක ඒකෙන් පීඩාවට පත්වෙච්ච ජනතාව දිහා බල බල එක් එක්කෙනා තම තමන්ගේ දේශපාලන සූත්‍ර ගායනා කරන එකයි…මේ ව්‍යසනයෙන් මිදෙන්න නම්…රට මුදවා ගන්න නම් අපි විපක්ෂය ඔක්කොම එකතුවෙලා එක දේශපාලන සූත්‍රයක් හදාගන්න ඕනේ..
රටට අවශ්‍ය ඒක .

මේ සියල්ලට විසඳුම විදිහට ආණ්ඩුව පැත්තෙන් අපූරු යෝජනාවක් ඉදිරිපත් වනවා පහුගිය දවස් වල දකින්නට ලැබුණා.
යෝජනාව ඉදිරිපත් කර තිබුණේ එක්සත් ජාතික පක්ෂ සභාපතිවරයා විදිහට මෙවර ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වුණු වජිර අබේවර්ධන මැතිතුමා .

එතුමා කියන්නේ මේ ප්‍රශ්න විසඳන්න නම් තව වසර හයක් හෝ 12 ක් මේ ජනාධිපතිවරයාට මේ පාර්ලිමේන්තුවට ඉන්න පුළුවන් විදියට එදා JR ජයවර්ධන කළා වගේ ජනමතවිචාරණයකින් කාලය දීර්ඝ කරන්න ඕන කියලයි..
විශිෂ්ටම සිවිල් සේවකයකු වූ එවකට මැතිවරණ කොමසාරිස් චන්දානන්ද සිල්වා මැතිතුමා ජනමත විචාරය ගැන පලකරපු වාර්තාව කියවා බලන්න කියලයි.. අපි එතුමා ඇතුලු පිරිසට කියන්නේ.. එම ජනමත විචාරණය තමයි අපේ මැතිවරණ ඉතිහාසයේ කළු ම කළුලපය….
.අපකීර්තිමත්ම ලකුණ..

අසූ දෙකේ ජනමතවිචාරණය තමයි මේ රට වසර ගණනාවක් පස්සට අරන් යන්ට බලපාපු මූලිකම සංසිද්ධි වලින් ප්‍රධානම එකක් වන්නේ.

දේශපාලන පක්ෂ තහනම් කරල විවිධ පළිගැනීම්වලට පාර කපපු ම්ලේච්ඡ මැතිවරණයක් විදිහටයි මම දකින්නේ .

ජනමත විචාරණය ජනාධිපති වරයාට ව්‍යවස්ථාව තුළින් ලබලා දීලා තියෙන්නේ නිශ්චිත කාරණාවක් පිළිබඳ ජනතාවගේ මතය විමසන්නට ම පමණයි .
ඒකෙන් කීයටවත් මැතිවරණයක් තියෙනවද නැද්ද යන්න වගේ තීන්දුවක් ගන්න අවස්ථාවකට යොමුවෙන්න ඉඩක් නැහැ.

අනිත් පැත්තෙන් මේ 225 ප්‍රමුඛ මේ ජනාධිපතිවරයට තවත් දේශපාලන ආයුෂ දෙන්න මෙරට ජනතාව කැමතියි කියලා විශ්වාස කරන එකම ලොකු මෝඩකමක් .

මම අහනව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණන්
මේ ජනමතවිචාරණය පිලිබදව කතාවට ඔබ එකග ද ?
කරුණාකර රටට උත්තරයක් දෙන්න
නැවතත් මේ රටේ ඉතිහාසය කළු අකුරින් ලියන්නයි මේ සුදානම .

දැන් අපට කල්පනා කරන්න පුළුවන් ප්‍රතිත්‍රස්ත පනත, පුනරුත්තාපන පනත විකාශන අධිකාරිය වගේ දේවල් ගේන්න හැදුවේ …මේ වගේ තීන්දුවක් ගැනීමේ පුර්ව සූදානමක් විදිහට කියලා.

ආණ්ඩුවට මේ විදියට හිතුවක්කාර විදියට මේ ගමන යන්න දෙන්න බෑ.

පසුගිය මාසයේ ඇතුලේ පමණක් සුරා බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර තිබෙනවා.
මාතර දිස්ත්‍රික්කයේ 37 ක් අලුතින් නිකුත් කර තිබෙනවා.
මාතර කඹුරුපිටියට නව සුරා බලපත්‍ර 9 ක් දීලා තිබෙනවා.
මම උදාහරණයක් විදිහටයි මාතර දිස්ත්‍රික්කයේ තත්වය ගෙන හැර දැක්වූයේ.

වර්තමාන මේ ආණ්ඩුව පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසියෙන් ටත් වඩා සීඝ්‍රගාමී ව ජනතාව මත්ද්‍රව්‍යට හුරු කිරීමේ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා.
රාජ්‍ය බදු ආදායමෙන්… මත්ද්‍රව්‍ය වලින් ලැබෙන්නේ 11% ක් වගේ ප්‍රමාණයක්.
පසුගිය වසරේ මත්ද්‍රව්‍ය නිසා ඇතිවන, බෝ නොවන රෝග වලට බෙහෙත් ලබා ගැනීම සඳහා රජය බිලියන එකසිය නමයක් වියදම් කරලා තියෙනවා
ඒ නිසා මේකේ තියෙන්නේ පෙන්වන තත්ත්වය නෙමෙයි.

මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්” .
යැයි සදහන් කලේය .

SendShareShare
Previous Post

කැලණියේ වෙඩි තියලා තියෙන්නේ ඇමැති ප්‍රසන්න රණවීරගේ රැස්වීමකට යන්න ආ අයෙකුට! ‌බේරෙන්න දුවද්දී පන්න පන්න වෙඩි තියලා! කුඩු කෝන්තරයක්ලු! I Sri Lanka Latest News

Next Post

බස්නාහිරට-දකුණට-සබරගමුවට අදත් වහිනවා! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.