• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් ගම්වල දුප්පත් පාසල්වල ඉගෙනගන්න අසරණ දරුවන්ට බස් දෙද්දි හිනාවුණා! බස් මෑන් කිව්වා! මඩ ගැහුවා! දරුවො එක්ක දේශපාලනය කරනවා කිව්වා! හැබැයි ආණ්ඩුව දැන් තීරණය කරලා තියෙනවා අඩු පහසුකම් තියෙන පාසල්වලට බස් රථ දෙන්න! I Sri Lanka Latest News

May 26, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
සාමාන්‍යයෙන් සිදු නොවන අසාමාන්‍ය සිදුවීමක්! ලෝක ළමා දිනයේ විපක්ෂනායක බස් රථයක් දරුවන්ට පරිත්‍යාග කරන උත්සවයට ඉන්දීය මහකොමසාරිස්තුමාත් එයි! වේදිකාවට නැග කතාවකුත් කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අඩු පහසුකම් සහිත පාසල්වලට බස් රථ ලබාදීමට කර්මාන්ත අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවැසීය.Sri Lanka Latest News

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (24) ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයට අයත් හෝමාගම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට එක් වෙමිනි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියානු රජයන් එක්ව ඒකාබද්ධව සාර්ථකව පවත්වාගෙන යන මේ ආයතනයෙන් උතුරු, නැඟෙනහිර, වතුකර සහ ග්‍රාමීය ජනතාවගේ භාවිතයට අඩු මිල නවීන තාක්ෂණය සහිත නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දීමට කටයුතු කරයි.

විශේෂයෙන්ම පාසල්, විශ්වවිද්‍යාල සහ අධ්‍යාපන ආයතනවලට අවශ්‍ය බස් රථ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය හරහා නිෂ්පාදනය කර පහසු මිලකට දීමට කටයුතු කෙරේ. ඉරිදියේදී Made in Sri Lanka නාමය යටතේ ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිෂ්පාදන ඉහළ මට්ටමකට ගෙන ඒමටත්, ආයතනයේ නිෂ්පාදන ධාරිතාව තවදුරටත් පුළුල් කරමින් අනෙකුත් රටවල් සඳහා ද අපනයන කටයුතු පුළුල් කිරීමටත් අපේක්ෂා කරයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේ ද කීවේය.

“ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනය අපේ අමාත්‍යාංශය යටතේ තිබෙන ලංකා ලේලන්ඩ් ආයතනය සමඟ ඒකාබද්ධව වැඩ කරන සමාගමක්. අපේ රට සහ ඉන්දියාව අතර ව්‍යාපාරයක් හැටියට මේ ආයතනය පවත්වාගෙන යනවා. මේ ආයතනයෙන් වාහන සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරනවා. ඒ වගේම උපාංග කොටස් කිහිපයක් පමණක් ගෙනත් ලංකාවෙන් විශාල ප්‍රමාණයක අගය එකතු කළ වාහන තියෙනවා.

ඉන්ධන ප්‍රවාහනය කරන්න අපහසු තැන්වලට ජංගම ඉන්ධන රථයක් නිෂ්පාදනය කර තිබෙනවා. සෑම පාසලකටම බස් රථ නෑ. ඉදිරියේදී කර්මාන්ත අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධ වැඩසටහනක් යටතේ අඩු පහසුකම් සහිත පාසල්වලට ඉතාම අඩු මුදලකට එහෙම නැත්නම් රජයේ පරිත්‍යාගයක් හැටියට බස් රථ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

අපේ සමහර පෞද්ගලික අංශයේ ආයතනවල, ඒ වගේම තේ කර්මාන්ත ශාලාවල ඉන්දියානු ශ්‍රමිකයන් විශාල ප්‍රමාණයක් වැඩ කරනවා. නමුත් කොටසක් ඉන්දියාවට අයිති මේ සමාගමේ සේවය කරන්නේ ශ්‍රී ලාංකිකයන්. ගාස්තු අය කිරීමකින් තොරව ආයතනයෙන් ගෙවීමක් කර අපේ තාක්ෂණික විද්‍යාලවල ඉගෙනුම ලබන දරුවන්ට මෙහි පුහුණු පාඨමාලා පවත්වාගෙන ද යනවා. ඔවුන් මේ ආයතනයේ ස්ථිර සේවයටත් අරන් තියෙනවා. ඒක ඉතාම හොඳ සමාජ සත්කාරයක්. මීට පෙර මේ ආයතනය කර්මාන්ත අමාත්‍යාංශය යටතේ තිබුණාට කර්මාන්ත අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව ව්‍යාපෘති ක්‍රියාත්මක කර නෑ.

එක අධ්‍යක්ෂ මණ්ඩලයක් හැටියට කටයුතු කර ඉදිරියේදී අපේ රටට ගැළපෙන නව තාක්ෂණය සහිත නිෂ්පාදන හඳුන්වා දෙන්න අපි තීරණය කළා. ලංකා ලේලන්ඩ් ආයතනයත්, ලංකා අශෝක ලේලන්ඩ් ආයතනයත් ඒකාබද්ධව විශාල වැඩකොටසක් කරන්න පුළුවන්කම තියෙනවා. අපේ රටට ගෙන්වන වාහනවල මිල අධික වෙලා තියෙනවා. ඉදිරියේදී ආනයනය කරන වාහනවල ඇති ගුණාත්මකභාවයෙන්ම වාහන නිෂ්පාදනය කරන්න බලාපොරොත්තු වෙනවා. බවුසර් වගේ විශාල වාහන සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරන්නේ ලංකාවේ. මේ අවස්ථාව අපි හරියට ප්‍රයෝජනයට ගන්න ඕනෙ. රටේ ජනතාවට වාහන අවශ්‍යතාව සම්පූර්ණ කරන්න ඉදිරියේදී විශාල වැඩපිළිවෙළක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.”

මේ අවස්ථාවට ලංකා ලේලන්ඩ් සභාපති මිල්ටන් සමරසිංහ, ලංකා අශෝක් ලේලන්ඩ් ප්‍රධාන විධායක නිලධාරී උමේෂ් ගෞතම්, කර්මාන්ත අමාත්‍යාංශයේ නිලධාරීන්, ලංකා අශෝක් ලේලන්ඩ් ආයතනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

මාලිමාවෙන් දිනපු පුංචි මන්ත්‍රීවරුන් සියලු දෙනා අනුර අරලිය ගහ මැදුරට කැඳවයි! වෙන දේවල් කරන්න ගියොත් කරන දේත් කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අද අවසන් කටයුතුවලට රාජ්‍ය ගෞරව දුන්නත් මීට සති තුන හතරකට කලින් පාර්ලිමේන්තුවේදී සිද්ධ වූ මාලිනියගේ හිත කම්පා කළ සිදුවීම මොකද්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News
Exclusive

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News
Exclusive

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News
Exclusive

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ට්‍රම්ප් තමයි මිනිහා! ‘යුක්රේන යුද්ධය වහා නවතා දැමීමට කටයුතු කරනවා’! ‘අනවශ්‍ය වියදම් නවතා ඩොලර් ටි්‍රලියන 2ක් ඉතිරි කරනවා’! ‘ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහා පිටුවහල් කරනවා’ !චීන භාණ්ඩවලට 60%ක බද්දක් – අනෙක් රටවලට 10%යි’! Sri Lanka Latest News
Exclusive

අමෙරිකන්කාරයන්ට හොඳ වැඩේ විශ්‍රාම යන්න ඕනේ මිනිහෙක් රටේ ජනාධිපති කළාට! අයියෝ ට්‍රම්ප් ඇදගෙන නෑවා..! I Sri Lanka Latest News

Exclusive

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යන වයස ගැන ආණ්ඩුවට අලුත් නීති උපදෙසක් ඇවිත්! I Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.