අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පනවා ඇති තීරුබදු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා හෙට දිනයේ විශේෂ සර්වපාක්ෂික සමුලුවක් කැදවීමට ආණ්ඩුව තීන්දු කොට ඇත.Sri Lanka Latest News
හෙට පෙරවරු 11ට මෙම සර්වපාක්ෂික සමුළුව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පළමුවෙන්ම ඊයේ දින පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මෙම යෝජනාව ආණ්ඩුවට ඉදිරිපත් කළේය.
එමෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරු ඊයේ දින විශේෂ ලිපියකට අත්සන් තැබීමටද පියවර ගෙන තිබිණ.
ඒ අනුව හෙට දින මෙම සර්වපාක්ෂික සමුලුව කැදවීමට ආණ්ඩුව තීරණය කොට ඇත.










