පළාත් පාලන මැතිවරණය සඳහා බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී එකඟත්වය හිමි වි තිබේ. (Sri Lanka Latest News)
මෙම තීරණය ගෙන ඇත්තේ අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (20) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදීය.
කෙසේවෙතත් මෙම නාමයෝජනා අවලංගු කරගැනීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදීද සම්මත වීමට අවශ්‍යය.
මෙම අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ජානක වක්කුඹුර, අශෝක ප්‍රියනත ඇතුලු රාජ්‍ය අමාත්‍යවරුන්, විපක්ෂ නායකවරයා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, අදාළ රාජ්‍ය ආයතන සහ දෙපාර්තමේන්තු නිලධාරීහු රැසක් සහභාගී වූහ.











