• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොසොන් පෝදා කැලෙන් එළියට ආ සුබ පණිවුඩය! Sri Lanka Latest News

June 21, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
පොසොන් පෝදා කැලෙන් එළියට ආ සුබ පණිවුඩය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සොබාදහම කියන්නේ අපූර්වත්වයට. ඒක අනුල්ලංඝනීයයි. මිනිසා වන අපට කිසිම අයුරකින් පාලනය කළ නොහැකි දෙය සොබාදහමයි. එයත් පාලනය කළ හැකි වුණා නම් සොබාදහමත් මිහිදන් වෙලා හුඟක් කල්. සොබාදහමේ අපූර්වත්වය මොනවට කියාපාන සංසිද්ධියක් පසුගියදා මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් වාර්තා වුණා. ඒ, මිනිනේරිය ජාතික වනෝද්‍යානයේ හැඩකාරයා වුණු ‘සුමේධ’ නැවත වනාන්තරයෙන් මතුවීමේ පුවතයි. පොසොන් පොහෝ දින පරිසරහිතකාමීන්ට අහන්න ලැබුණු හොඳම ප්‍රවෘත්තිය එයයි. සුමේධ රිය අනතුරකට ලක්වන්නේ පසුගිය මාර්තු 07 වැනිදා මරදන්කඩවල – හබරණ මාර්ගයේ ගලපිටගල ප්‍රදේශයේදීයි. දරුණු අනතුරකින් පසුව දළයක් බිඳුණු සුමේධ රිටිගල ආශ්‍රිත ප්‍රදේශයට ඇතුළු වී සැඟවුණා. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විශේෂ කාර්ය බළකාය, ගුවන් හමුදාව හා ඊට උදව් කළ බොහෝ දෙනෙක් සති ගණනක් පුරා සුමේධ සොයා මෙහෙයුම් සිදුකළත් හෝඩුවාවන් පමණක් ඉතිරි කරමින් සුමේධ අතුරුදන් වුණා. Sri Lanka Latest News

අලි ඇතුන් පිළිබඳ ඔවුන්ගේ චර්යා රටාවන් ගමන් බිමන් සිතියම් ගැන නිරන්තර උනන්දුවක් දක්වන චන්දික ලක්මාල්, කුෂාන් සමීර, සමීර වීරතුංග, අසංක නිලඟරත්න යන අයගේ පොදු මතය වූයේ ඉතා දරුණු අලකලංචියක් නොවුණේ නම් සුමේධ විසින්ම ඔහුගේ අනතුරට ස්වභාවික බෙහෙත් සොයාගෙන සුවවී මැයි මස අග හෝ ජුනි මාසය වනවිට හබරණ එකෝ පාර්ක් හරහා මින්නේරියට පැමිණෙන බවයි. ඊට හේතු සාධක ලෙස ඔවුන් පවසා සිටියේ ස්වභාවිකව තෝරාගත් ගස් කොළන් හා බෙහෙත් ගස් අතු ඉති හා පොතු කඩාගෙන ආහාරයට ගැනීම ගැන තොරතුරු වාර්තා වීමයි. මේ එක් නිදසුනක් පමණයි. ඊට එරෙහිවද සමාජ මාධ්‍ය දොස්තරලා සහ ඔස්තාර්ලා දැඩි විවේචන ඉදිරිපත් කර තිබුණා අපට දැකගත හැකි වුණා.

අලි ඇතුන් යනු ස්වභාව ධර්මයේ අපූරු නිර්මාණයකි. ඔවුනට අතුරුආන්තරාවක් වූ විට බෙහෙත් කරන්නට හෝ ආවතේව කරන්නට වෙදදුරන් කැලේ නෑ. ඒවා ස්වභාවධර්මය විසින්ම උරුම කරලා දීපු දේවල්. අතුරු ආන්තරාවකදී බෙහෙත් හේත් කරගන්න එක ඔවුන්ම සිදුකරගත යුතුයි. ඒක තමයි කැලේ නීතිය. සුමේධටද එම නියමය වෙනස් වූයේ නෑ. මාස තුනකට පසු සුමේධ ඉතා හොඳ ශරීර සෞඛ්‍යයෙන් යුතුව නැවත පැමිණෙන්නේ ඒ නිසා. ඊට හේතුපාදක වූයේ කුමක්ද?

අලින් හා උන්ගේ වෙදහෙදකම් ගැන දැනුම් තේරුම් ඇති උඩුපිල කුමාරපේලි මහත්මයාගේ අදහස වූයේද සුමේධ වනයෙන් සොයාගත් ස්වභාවික ඖෂධ භාවිත කොට තම තුවාල සුව කරගෙන ඇති බවයි. සුමේධ අනතුරට ලක්වූ දිනයේ හා ආසන්න දිනවල ආහාරයට ගෙන ඇත්තේ එකම වර්ගයක ශාක කොටස් වේ. ඒ බෝල පනා නැමැති ශාකයයි. බෝල පනා රිටිගල ආශ්‍රිත වනයේ සුලබ ශාකයක්. එයින් ඉතා සැර සුවඳක් විහිදෙන බවත්, ඒ සැර නිසා මැස්සන් හා අනෙකුත් කෘමීන් ඇතාගේ තුවාලයේ වසන්නට නොපැමිණෙන බවත් උඩුපිල මහතාගේ අදහසයි.

මඩද ඉතා හොඳ ඖෂධයක් බවත්, ඉන් තුවාලය වැසූ විට බාහිරින් විසබීජ ඇතුළු නොවන බවත් ඔහු සඳහන් කරනවා. වැව් පිටිවල තෘණ බුදින ඇතුන් විශාල වශයෙන් ආහාරයට ගනු ලබන්නේ පැළෑටි හා තෘණ වර්ගයි. අස්වැන්න, මුස්වැන්න, පොල්පලා, නෙරෙංචි, බැලතණ වැනි දෑද ඒ අතර ප්‍රමුඛත්වයක් ගන්නවා. මෙයිනුත් බැලතණ ඉතා විශේෂයි. කැඩුම් බිඳුම්වලට යොදාගන්නා දේශීය ඖෂධයක් වන එයින් බොහෝ දුරට කැඩුම් බිඳුම්වලට මේවා ඉවහල් වන බවත්, සුමේධ ඒවා වැඩි වශයෙන් ආහාරයට ගන්නට ඇති බවත් විශ්වාස කළ හැකියි

කෙසේ වෙතත් කාලයට ඉඩදී සුමේධට සිදුවූ දේ දෙස බලා සිටියදී සොබාදහම සක්‍රීය වූවේ අපි කිසිසේත් නොසිතූ ලෙසයි. අද ඔවුන් කී දේ සත්‍යයක් වී ඇති සේම මින්නේරියේ හැඩකාරයා වන සුමේධ තනි දළයක් සහිතව යහපත් ශරීර සෞඛ්‍යයෙන් ඔහුගේ වාර්ෂික මද සමය ගතකිරීමට සහකාරියක් සොයා මින්නේරිය ජාතික වනෝද්‍යානයට පැමිණ ඇත. එකම සිත් තැවුලකට ඇත්තේ මින්නේරියේ සිටි තනි දළයා වන යුනිකෝන් වෙනුවට දළ දෙකක් තිබූ සුමේධ තනි දළයෙක් වී පැමිණීමත්, යුනිකෝන් සදහටම නොපැමිණීමත්ය.

අපිට සොබාදහමට අභියෝග කළ නොහැක. සොබාදහම අපිට දෙන දේ අපි භාරගත යුතුය. මින්නේරියේ හැඩකාරයා වන සුමේධ දිගු කාලයක් සොබාදහම හැඩ කරත්වා යන්න කැලෑ කොලමේ අපේ ප්‍රාර්ථනාවයි.

(ඡායාරූප අනුග්‍රහය : පියුමාල් ප්‍රදීප් – හබරණ සහ සමන් හල්ලොලුව)

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

ශ්‍රී ලන්කන් එකට ඇති විදුලිබල මණ්ඩලේට නැති ජනාධිපතිතුමාගේ එඩිතරකම! Sri Lanka Latest News

Next Post

එපා කිව්වට ඇහුවෙ නෑ! පාරේ හිඟා කාපු ළමයි 21ක් අල්ලගෙන යයි! Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.