• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සූදු නියාමන පනත තවම නෑ! සිටි ඔෆ් ඩ්‍රීම්ස් කැසිනෝ එක අවුලක! හොංකොං සමාගම කනස්සල්ලෙන්! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
‘චයිනීස් ඔන්ලි’ සුපිරි කැසිනෝ ගැහිල්ලක් කොළඹින් අල්ලයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

‘ශ්‍රී ලංකාවේ කැසිනෝ පාලනය කරන නියාමන රාමුව සාපේක්ෂව සීමිතයි. එහිදී බලපත්‍ර අවශ්‍යතා, ක්‍රීඩා බදු බැඳීම් සහ සාමාන්‍ය මුදල් විශුද්ධිකරණයට එරෙහි ප්‍රමිතීන් කෙරෙහි අපි අවධානය යොමුකරනවා. අපි ශ්‍රී ලංකා බලපත්‍රය ලබාගෙන තිබුණත්, නුදුරු අනාගතයේදී නීතිමය සහ නියාමන පරිසරය වෙනස් විය හැකි ආකාරය පිළිබඳ සැලකිය යුතු අවිනිශ්චිතතාවක් පවතිනවා. එපමණක් නොව වත්මන් නියාමන රාමුව සීමිතව පවතින බැවින් වගකිව යුතු ක්‍රීඩා ආයතනික පාලනය සහ මුදල් විශුද්ධිකරණයට එරෙහි නීති හෝ රෙගුලාසි ගැන දැඩි අවධානයක් යොමුකළ යුතුයි. එසේම එම වටපිටාවේදී එවැනි නීති හෝ රෙගුලාසි අනාගත කැසිනෝ නියාමන අධිකාරියක් විසින් සම්මත කරගන්නේ හෝ බලාත්මක කරගන්නේ හෝ කෙසේද යන්න පිළිබඳ අපට ඇත්තේ අර්ධ වශයෙන් මතයක් පමණයි. ඊට අමතරව ශ්‍රී ලංකාවේ කැසිනෝ පිළිබඳ මහජන මතය වෙනස් වුවහොත් හෝ ප්‍රතිපත්ති සම්පාදකයන් වඩාත් සීමිත අදහස් අනුගමනය කළහොත් හෝ අපගේ බලපත්‍රය පවත්වා ගැනීමේදී සහ අපගේ මෙහෙයුම් පුළුල් කිරීමේදී අපට අනපේක්ෂිත අභියෝගවලට මුහුණ දීමට සිදුවිය හැකියි…’ Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ කැසිනෝ ව්‍යාපාරයට අදාළව ඇසෙන මෙම බැරෑරුම් කතාන්දරය කුමක්ද? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? එම තොරතුරු සොයා බලන්නට ප්‍රථම මෙම ආන්දෝලනාත්මක කතාව තවදුරටත් කියා සිටින්නේ කුමක්දැයි සොයා බලමු.

‘මෙම අවිනිශ්චිතතාවන් සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකාවේ සූදු ක්‍රීඩා සම්බන්ධයෙන් විකාශනය වන රෙගුලාසි සහ ආකල්ප අපගේ ව්‍යාපාරයට, මූල්‍ය තත්ත්වයට සහ මෙහෙයුම් ප්‍රතිඵලවලට අහිතකර ලෙස බලපාන්නේ නැති බවට සහතිකයක් තැබිය නොහැක. ශ්‍රී ලංකාව සතුව දැනට සූදු නියාමන අධිකාරියක් ස්ථාපිත කිරීමේ පනත් කෙටුම්පතක් ඇති අතර, එය සම්මත වුවහොත් අශ්ව රේසිං ආඥා පනත, සූදු ආඥා පනත සහ කැසිනෝ ව්‍යාපාර නියාමන පනත වැනි සූදු ක්‍රීඩාවට අදාළ අනෙකුත් නීති අවලංගු කරනු ඇත. ඔට්ටු ඇල්ලීමේ සහ සූදු බදු පනත පමණක් වලංගු වනු ඇත. මෙම නීතිරීති මගින් ඇමෙරිකානු ඩොලර් 3000 හෝ ඊට වැඩි ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතා සත්‍යාපනය කිරීම සහ සවිස්තරාත්මක තොරතුරු රැස්කිරීම ඇතුළුව පාරිභෝගික නිසි උද්‍යෝගය අනිවාර්ය වෙයි. එසේම දේශපාලනික වශයෙන් නිරාවරණය වූ පුද්ගලයන් වැනි ඉහළ අවදානම් සහිත ගනුදෙනුකරුවන් සඳහාද වැඩිදියුණු කළ නිසි උද්‍යෝගයක් අවශ්‍ය වේ. මෙම රෙගුලාසිවලට අනුකූල නොවීම යනු සැලකිය යුතු දඬුවම් සහ දණ්ඩ නීතිය නියාමන පියවර පැනවීමට හේතුවිය හැකිය…’

මෙම කතාව කියා සිටින්නේ කවරකු විසින්දැයි අපි දැන් සොයා බලමු. මෙයට දින කීපයකට පෙරදී මෙම ආන්දෝලනාත්මක පුවත අපට අසන්නට ලැබුණේ එක්තරා විදේශ පුවත් වාර්තාවක් හරහාය. පසුගිය අගෝස්තු 02 වැනිදා මෙරටදී විවෘත කෙරුණු සුවිශාල ‘සිටි ඔෆ් ඩීම්ස්’ නමැති හෝටල් සහ කැසිනෝ සමාජ ශාලා ව්‍යාපෘතිය ගැන බොහෝ දෙනකු කරුණු දන්නේය. දින දෙකක් පුරා එම විවෘත කිරීමේ උත්සවයේ විවිධ අවස්ථා මෙරටදී පවත්වන ලදී. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන මෙහෙයුම්කරු වන්නේ හොංකොං රාජ්‍යයේ ස්ථාපිත කර ඇති ‘මෙල්කෝ රිසෝට්ස් ඇන්ඩ් එන්ටර්ටේන්මන්ට් ලිමිටඩ්’ නමැති සමාගමයි. මෙම සමාගම සතුව ලෝකයේ රටවල් ගණනාවක් තුළ හෝටල් සහ කැසිනෝ සමාජ ශාලා ව්‍යාපෘතීන් රැසක් ඇත. 2004 වසරේදී ආරම්භ කරන ලද මෙම සමාගමට වසර 21ක ඉතිහාසයක් ඇති අතර, වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් බිලියන 8.5ක පමණ ආදායමක් උපයයි. මෙම සමාගමේ රටවල් ගණනාවක් තුළ දැනට සේවකයන් 21,000ක් පමණ සේවය කරති. ශ්‍රී ලංකාව තුළද ඇමෙරිකානු ඩොලර් මිලියන 400ක් පමණ ආයෝජනයකින් මෙම කැසිනෝ ව්‍යාපෘතිය ආරම්භ කරන ලද්දේ මෙරට තිබෙන ජෝන් කීල්ස් සමාගමේද සම්බන්ධය ඇතිවය. මෙවැනි වටපිටාවක් යටතේදී මෙම ලිපියේ ඉහත ඔබට ලියා තැබූ ප්‍රකාශය සිදුකරන්නේ ‘මෙල්කෝ රිසෝට්ස්’ සමාගමේ 2024 වාර්ෂික වාර්තාවට අනුවය. එම සමාගම පසුගියදා මෙරටදී තම ව්‍යාපෘතිය ආරම්භ කළද, තම ව්‍යාපාරය ගැන එක්තරා ආකාරයක අවිනිශ්චිතභාවයකින් සහ කනස්සල්ලකින් අදහස් ප්‍රකාශ කළ ආකාරය එම නිල වාර්ෂික වාර්තාවට අනුව දැකිය හැකිය. මෙම සිදුවීම ගැන තවත් තොරතුරු විශ්ලේෂණයක් පසුගියදා ඉංග්‍රීසි පුවත්පතක පළවී තිබිණි. එම තොරතුරු තවදුරටත් සොයා බලමු.

මෙල්කෝ සමාගමේ වාර්තාව පෙන්වා දෙන පරිදි ශ්‍රී ලංකාවේදී මුදල් විශුද්ධිකරණයට එරෙහි සහ ත්‍රස්ත විරෝධී මූල්‍යකරණ රෙගුලාසි, විශේෂයෙන් 2018 අංක 01 දරන නම්කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර රීති, කැසිනෝ සහ සූදු ශාලාවන් සඳහා අවශ්‍යතා පනවනු ලබයි. මුදල් විශුද්ධිකරණයට එරෙහි අනුකූලතාව අධීක්ෂණය කිරීම, සැක සහිත ගනුදෙනු වාර්තා කිරීම හා වාර්තා තබාගැනීම සහ වාර්තා කිරීමේ බැඳීම් පිළිපැදීම සහතික කිරීම සඳහා කැසිනෝ ආයතන විසින් ජ්‍යෙෂ්ඨ කළමනාකරණ මට්ටමේ අනුකූලතා නිලධාරියකු පත්කළ යුතුය. මෙම රෙගුලාසිවලට අනුකූල නොවීම සැලකිය යුතු දඬුවම් සහ දණ්ඩනීය නියාමන පියවර පැනවීමට හේතුවිය හැකි බැව් මෙල්කෝ වාර්තාව සඳහන් කරයි. මෙවැනි ක්‍රියාපටිපාටීන් ඉටුකිරීමට අපොහොසත් වීම හේතුවෙන් පසුගියදා මෙරට ප්‍රකට කැසිනෝ ව්‍යාපාර දෙකක් වන බෙලාජියෝ ලිමිටඩ් සහ බැලීස් ලිමිටඩ් වෙත ශ්‍රී ලංකා මහබැංකුව විසින් එක් ආයතනය බැගින් රුපියල් මිලියන 1.5ක (ලක්ෂ 15ක්) දඩ මුදල් නියම කරන ලදී.පසුගියදා ‘සිටි ඔෆ් ඩී්‍රම්ස්’ නව කැසිනෝ ශාලාව විවෘත කිරීමට පෙර රජය විසින් යෝජිත සූදු නියාමන අධිකාරියේ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇතැයි අපේක්ෂා කරන ලදී. එහෙත් එය සිදු නොවිණි.

තවම පනත සම්මත කරලත් නෑ
මෙම වත්මන් රජය යටතේ හදිසියේම ප්‍රකාශයට පත්කරන ලද යෝජිත සූදු නියාමන අධිකාරියේ කෙටුම්පත, ‘සිටි ඔෆ් ඩී්‍රම්ස්’ (සිහින නගරය) කොළඹදී විවෘත කිරීමට පෙර පාර්ලිමේන්තුවේදී සම්මත කරගැනීමට රජයට අවශ්‍ය වූ බව පෙනෙන්නට තිබිණි. එහෙත් මෙතෙක් එවැන්නක් සිදුව නොමැත. ඉහත කැසිනෝ ව්‍යාපෘතිය දැන් ආරම්භ කර ඇතත් තවද පනත් කෙටුම්පත පාර්ලිමේන්තු ඡන්දයකට ඉදිරිපත් කර නොමැත. දෙස් විදෙස් සමහර විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත්තේ මෙම පනත් කෙටුම්පත් සංශෝධනයන් සිදුවිය යුතු බවයි. සූදු කර්මාන්තයට අඛණ්ඩතාව පිළිබඳ අවබෝධයක් ලබාදිය හැකි සූදු නියාමන අධිකාරියක් තිබීම අත්‍යාවශ්‍ය බැව් ඉහත මෙල්කෝ සමාගම මෙන්ම දේශීය හා ජාත්‍යන්තර ආයෝජකයකුගේම උනන්දුව බැව් විශ්ලේෂකයෝ කියා සිටිති.

ලයිසන් එක අවුරුදු 20කට දීලා
ශ්‍රී ලංකාවේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් පසුගිය 2024 වසරේ මාර්තු 27 දා ‘සිටි ඔෆ් ඩී්‍රම්ස්’ කැසිනෝ ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා වසර 20ක කැසිනෝ ව්‍යාපාර බලපත්‍රයක් ලබාදෙන ලදී. එම බලපත්‍රය 2044 වසර දක්වා බලපැවැත්වෙන අතර, වෙනත් පාර්ශ්වයකට පැවරිය නොහැකි අතරම, එමගින් මාර්ගගත කැසිනෝ මෙහෙයුම් සඳහාද අවසර ලබා නොදෙයි. කැසිනෝ ව්‍යාපාරයෙන් ලැබෙන ලාභ සඳහා ශ්‍රී ලංකාවේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 40%ක බද්දක් ගෙවිය යුතුය. එය වාර්ෂිකව රුපියල් මිලියන 500ක් පමණ විය හැකිය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හරිනි කිව්වේ බොරුද? හරිනි ලව්වා බොරු කියෙව්වද? එහෙනම් කරන්න ඕනේ මොකක්ද?අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු මාධ්‍ය ලේකම් සුනිල් ගාමිණී ජයලත්ගේ විග්‍රහය! Sri Lanka Latest News

Next Post

ගාමිණී ජීවරත්නගෙන් ගොඩයන්න හදන්න එපා! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.