• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගාමිණී ජීවරත්නගෙන් ගොඩයන්න හදන්න එපා! Sri Lanka Latest News

August 16, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ගාමිණී ජීවරත්නගෙන් ගොඩයන්න හදන්න එපා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ගාමිණී ජීවරත්න’ මේ දවස්වල වැඩියෙන් ඇහෙන, වැඩියෙන් කියවෙන නමක්. ජීවරත්න කියන එක අපූරු වචනයක්. රත්න කියන්නේ මැණික්වලට. ජීව රත්නයක් කියන්නේ පණ තියෙන මැණිකක් කියන එක. තාමත් ගාමිණී ජීව රත්නයක්. එහෙම නැත්නම් ගාමිණී තාමත් පණ තියෙන මැණිකක්. ගාමිණී මියගියාට පස්සේ ඔහුගේ මළගෙදර කරන කතාවේදී ඔහු විශිෂ්ට කලාකරුවෙක් කියලා, ඔහුගේ මරණය දවසේ ඔහුගේ නිවසේ පින්තූරයක් සමාජ මාධ්‍යවල පළකරලා ඔහුට අත්පුඩි ගහන්න දඟලන මිනිස්සු ඉන්න රටක, අපිට ගාමිණී ජීවරත්නයක්ව ඉන්න කොටම ඔහු ගැන කතාකරන්න මේ විදිහට ලැබිච්ච එකට අපි හරි සතුටුයි. හැබැයි ගාමිණී ජීවරත්නව සමාජයට උස්සලා තියලා, ඔහු හැබෑ කලාකරුවෙක් බව ලෝකෙට කිව්වේ අපි නෙවෙයි. වෙන කිසිම මාධ්‍යයකුත් නෙවෙයි. මේකෙන් ලකුණු දාගන්න දඟලන දහස් ගණන් දෙනා හිටියට, ඇත්තටම ගාමිණී ජීවරත්න ගැන සඳහනක් සමාජ මාධ්‍ය තුළ තියලා තිබුණේ 2022දී. මේ සමාජ මාධ්‍ය සටහන අපි කියෙව්වා, අපි දැක්කා, අපි ගාව ඒක දැනුත් තියෙනවා.Sri Lanka Latest News

ෂෝන් මැක්ස්මස් දිසානායක තමයි මේ ෆේස්බුක් සටහන තියලා තිබුණේ. ඔහු ගැන කතාකරන්න බොහෝ දෙනකුට අමතක වුණාට, මේ අය ඔහු වෙනුවෙන් සටන් කළා. ශ්‍රී ලංකාවේ කලාකරුවන්ගෙන් බොහෝ දෙනකුගේ ඉරණම සාමාන්‍යයෙන් එක වගේ. ඒ අය ජීවිතේ අවසාන කාලේ ගතකරන්නේ දුක්ඛිත කාලයක්. සමහර වෙලාවට ප්‍රසංගවලින් විශාල මුදල් හම්බ කරන කලාකරුවෝ පවා තමන්ගේ ජීවිත කාලයේ මූල්‍ය කළමනාකරණයක් නැති නිසා බරපතළ ලෙස කඩාවැටෙනවා. එහෙම උදාහරණ දැනටත් ජීවතුන් අතර ඉන්නවා. ඒගොල්ලෝ ගැන වැඩි විස්තර අපිට කියන්න අවශ්‍ය නැහැ.

අපි ගාමිණී ජීවරත්න ගැන කියලා ඉන්නම්. ගාමිණී ජීවරත්න කියලා කියන්නේ ඉතාම අපූරු කටහඬක් සහිත දක්ෂ ගායකයෙක්. ඔහු දැන් ඉතා වයස්ගත මට්ටමේ තමයි ඉන්නේ. නමුත් දැන් ගාමිණී ජීවරත්න ගැන මේ වෙනකොට වැඩියෙන් කතාබහට ලක්වෙලා. සමාජ මාධ්‍ය තුළ ඔහු ප්‍රසිද්ධ වෙලා. දැන් ඔහුට කොරියාවේ ප්‍රසංගයකට යන්නත් අවස්ථාව උදාවෙලා තියෙනවා. නව පරපුරේ ගායන ශිල්පීන්, ශිල්පිනියන් ඔහුව හොයාගෙන එනවා. නව පරපුරේ කණ්ඩායම් ඔහුව කැඳවාගෙන යන්නට සැලසුම් හදනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා ගාමිණීගේ ජීවිතේ අන්තිම කාලේ ඉතාම සැපවත් සහ සුන්දර කාලයක් බවට පත්වෙයි. ඔහුට මේ වෙනකොටත් හිතට ලොකු සතුටක් ඇති. ඔහුගේ හිතේ තිබිච්ච වේදනාව නිමවෙලා ඇති.

ගාමිණී ගැන තිබුණු සමාජ මාධ්‍ය සටහනේ තිබුණු දේවල්වලින්ම මේ කතාව ඔබට කියන්න මම හිතුවා.
ඔහු සංගීතයට එකතු වෙන්නේ 80 දශකයේ බව තමයි අපිට මේ ලිපිය කියවපුවාම හිතෙන්නේ. කැලණිය පුරවරයෙන් තමයි ගාමිණී ජීවරත්න කලාවට එකතු වෙන්නේ. සිංලංකා සමාගම විසින් පටිගත කරපු ‘දොරට වැඩුම’ කියන කැසට් පටය තමයි ඔහු මුලින්ම කළ බව කියන්නේ. එහි මුල් කවරය සැරසෙන්නේ ගාමිණී ජීවරත්න, දීපිකා ප්‍රියදර්ශනී, සුජීවා ප්‍රියන්ති කියන අයගේ රූපවලින්. ගාමිණී මෙන්ම දීපිකා ප්‍රියදර්ශනී පීරිස්ගෙත් ප්‍රථම ගීතය වෙලා තියෙන්නේ ‘සිනා පොදක් වී’ ගීතය ඇතුළත් වෙලා තියෙන්නේ මේ කැසට් පටයට. කුමාරදාස සපුතන්ත්‍රී ලියපු ‘පාළොස්වක පුරා හඳට’ ගීතයත් මේකේ තමයි තිබුණාය කියලා කියන්නේ.

‘පාළොස්වක පුරා හඳට බෑ නුඹ උපමා කරන්න,
කළුවන් කළු වුණත් ඊට වැඩි රුව හින්දා
කාටද මට නොදුරේ හිරිමල් ලන්දා’ කියන ගීතය තමයි මේ විදිහට ඇතුළත් වුණු බව කියන්නේ.

ගාමිණී ජීවරත්න ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක්. ඔහුට ‘ඒ’ ශ්‍රේණියේ ගායකයෙක් විදිහට රූපවාහිනී තිරයේදී ගී ගැයීමේ අවස්ථාව පවා හිමිවෙනවා. රෝහණ වීරසිංහ, කුලරත්න ආරියවංශ වගේ විශිෂ්ටයන් සමග ඔහුට වැඩකරන්න අවස්ථාව ලැබෙනවා. සජීවීව ගී ගැයීමේ දක්ෂ හැකියාවක් සහිත ගාමිණී ජීවරත්න ගායනා කරන ලද ගීත විශාල ප්‍රමාණයක් අපිට තියෙනවා. බණ්ඩාර ඇහැළියගොඩ, කුමාරදාස සපුතන්ත්‍රී වගේ අය ඔහුට ගීත ලියලා තියෙනවා. ඒ කතාව විශේෂයි ඇත්තටම. ඇන්ටනී නානායක්කාර ගාමිණී ජීවරත්නට ලියපු ‘අපට එරෙහි වී’ ගීතයත්, ඒ වගේම එම්.ඩී.පී. පාලිත නම් ගීත රචකයෙක් ගාමිණී ජීවරත්නට ලියපු ‘සිඟිති කැකුළු අවදි වී’ කියන ගීතයත් ඉතා විශිෂ්ටයි.
ගාමිණී එක වෙලාවක මෙහෙම කියනවා. ‘මගේ ආච්චි සහ සීයා මට ඉඩමක් ලියලා දුන්නා. ඒ 1980 කාලේ. මම ඒ ඉඩම රුපියල් 27,500කට විකුණලා ගීත හතරක් කළා…’
හැබැයි ඉඩම රුපියල් 27,500කට විකුණලා ගීත හතරක් කළත් ඔහුට ඒ නිසි ප්‍රයෝජනය ලැබුණු බවක් අපිට විශ්වාස කරන්න බැහැ. යුනයිටඩ් මෝටර්ස් සමාගමේ රාජකාරි කරපු ගාමිණී ජීවරත්නට ඉතාම සංයමයක් සහිත කටහඬක් තිබුණු බව බොහෝ දෙනෙක් සඳහන් කරනවා. රෝහණ වීරසිංහ, කුමාරදාස සපුතන්ත්‍රී, බණ්ඩාර ඇහැළියගොඩ, වසන්ත කුමාර කොබවක, කුලරත්න ආරියවංශ, මේ අයගේ ඇසුර ලබමින් ඔහුට මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට අවස්ථාව තිබුණත්, අපි විශ්වාස කරනවා වාසනාව තිබුණේ නැහැ කියලා.

ගාමිණීත් එක්කම කරළියට ආපු බොහෝ ගායකයෝ වේගෙන් ඉදිරියට යද්දී, ගාමිණී ජීවරත්නට ඉදිරියට යන්න බැරි වෙන්න හේතුව සමහර වෙලාවට ඔහු ගැයූ ගීතවල කොමර්ෂල් වැලිව් එකක් නැති වීම කියලා මේ ලිපිය තුළ සඳහන් වෙලා තියෙනවා.

මේ කාලයේදී චිත්‍රපට ගීත ගායනා කිරීමේ අවස්ථාව බොහෝ ශිල්පීන්ට ලැබෙනවා. ඒ හරහාත් ඔවුන් ප්‍රසිද්ධ වෙනවා. නමුත් ගාමිණීට ඒ අවස්ථාවත් ලැබුණු බවක් අපිට දැනෙන්නේ නැහැ. ඔහුට පසුකාලීනව සිද්ධ වෙනවා සුනිල් එදිරිසිංහගේ ගීත ප්‍රසංගවල ගයන සාමාන්‍ය ගායකයෙක් බවට පත්වන්නට. අපි විශ්වාස කරනවා ගාමිණී ජීවරත්න කියන කලාකරුවා මියයන්නේ, මැකිලා යන්නේ මෙන්න මේ සුනිල් එදිරිසිංහගේ හෙවණැල්ල යට. සුනිල් එදිරිසිංහගේ ගීත ගායනා කරන ගාමිණී මිසක්, ගාමිණීගේ ගීත ආයෙත් අපි කාටවත් අහන්න ලැබෙන්නේ නැහැ.

ඇත්තටම ගාමිණී පහුකාලීනව ගමේ තියෙන පැදුරු ප්‍රසංගවලට සීමාවෙච්ච, ගමේ අහිංසක ගායකයෙක් බවට පත්වෙනවා. සුනිල් එදිරිසිංහ, මිල්ටන් මල්ලවාරච්චි, විල්බට් ඇන්තනී, ගුණදාස කපුගේගේ ගීත ඔහු ගායනා කරනවා.

දැන් මේ කතාවේ අතීත කතාව ඉවරයි. දැන් තියෙන්නේ වර්තමාන කතාව. ‘ගාමිණී ජීවරත්නව හඳුන්වලා දුන්නේ මම, කරළියට ගෙනාවේ මම, ඔහු වීරයෙක් කරන්න උත්සාහ කරන්නේ මම’ වගේ දේවල් දැන් මේ වෙනකොට මාධ්‍යවලින් විවිධ අය විසින් ඉදිරිපත් කරන කයිකතන්දර බවට පත්වෙලා. නමුත් ඇත්ත මේ සියල්ලටම වඩා දුරයි. ගාමිණී ජීවරත්නව නගාසිටුවන්නට, ඔහුව උස්සගෙන යන්න උත්සාහ කරපු මිනිස්සු හිටියා. ඔහු වෙනුවෙන් 2022දී ප්‍රසංගයක් සූදානම් කරපු බව අපි දැක්කා. ගාමිණී ජීවරත්න වෙනුවෙන් සංවිධාන කරපු ‘ශ්වේත සැඳෑවේ’ කියන ගීතයත්, ඔහු එහිදී ගීත 10ක් පමණ ගායනා කරන්න සූදානම් බවත්, ඔහුගේ ස්වතන්ත්‍ර ගීත එහිදී ගායනා කෙරෙන බවත් මේ ලිපිය තුළ සඳහන් වෙලා තිබුණා. නමුත් මේක සාර්ථකව සිද්ධ වුණාද කියන්න අපි දන්නේ නැහැ. කොහොම වුණත් අපි ගාමිණී ජීවරත්නව මේ මොහොතේ රටට වටිනා මිනිහෙක් බවට පත්කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා.

මේ අසහාය කලාකරුවෝ හරියට කැලෑවල පිපුණු මල් වගේ පරවෙලා යනවා. ජීවත් වෙන්නවත් හරි හැටි විදිහක් නැතුව කලාකරුවෝ අපේ රටේ මියයනවා. කලාකරුවන් වෙනුවෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ කලාකරු අරමුදල් පිහිටුවීම ගැන අපි ඔබෙන් ප්‍රශ්න කරනවා. මේක මේ ආණ්ඩුවට චෝදනා කරලා වැඩක් නැහැ. දීර්ඝකාලීන වැඩපිළිවෙළක් අවශ්‍යයි මේ අය වෙනුවෙන් ඉටුකරන්නට. කොහොම වුණත්, ගාමිණී ජීවරත්න තවමත් ජීව රත්නයක් බව අපි අන්තිමට ලියනවා.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

සූදු නියාමන පනත තවම නෑ! සිටි ඔෆ් ඩ්‍රීම්ස් කැසිනෝ එක අවුලක! හොංකොං සමාගම කනස්සල්ලෙන්! Sri Lanka Latest News

Next Post

කවුද මේ හරිනි…? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.