• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්කෝලෙ අස්සේ අසරණ වෙන ඊළඟ පරම්පරාවේ අනාගතේ! Sri Lanka Latest News

June 1, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඉස්කෝලෙ අස්සේ අසරණ වෙන ඊළඟ පරම්පරාවේ අනාගතේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

.
පහුගිය දවසක ශ්‍රී ලංකාවේ අගමැතිනිය, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යතුමිය විශේෂ සාකච්ඡාවක් කරලා ඒ පිළිබඳ සමාජ මාධ්‍යවල පළවෙලා තිබුණා. ඒ කතාබහේදී කියැවුණේ පාසල් දරුවන්ට සිද්ධ වෙලා තියෙන අපයෝජනවල ඉහළ යෑමක් සිදුවෙලා තියෙන බව. මේ ගැන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය තමයි සඳහන් කරලා තිබුණේ. කොළඹ දිස්ත්‍රික්කයේ විදුහල්පතිවරුන් දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ 27 වැනිදා පැවැති රැස්වීමකදී එතුමිය මේ බව කියූ බව තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. දැන් මේ කතාව ඉතා භයානක සහ ඉතා නරක දෙයක්. හේතුව අපි දරුවන්ව පාසලට ඇතුළත් කරන්නේ පාසල කෙරෙහි විශ්වාසය තියලා. ලෝකේ තියෙන කිසිම ආයතනයක් කෙරෙහි විශ්වාසය නොතියන අපි පාසල කියන ආයතනය කෙරෙහි විශ්වාසය තියනවා. ඒකට හේතුව පාසලට විදුහල්පතිවරුන් විදියට බඳවා ගන්නේ, ගුරුවරු විදියට බඳවා ගන්නේ විශේෂ පුහුණුවක්, හික්මීමක් සහිත විශේෂිත පුද්ගලයන්. ඒ පුද්ගලයන් දරුවන්ව ආරක්ෂා කරන බවත්, ඒ පුද්ගලයන්ට දරුවන් කෙරෙහි විශේෂ ඇල්මක් ආදරයක් ඇති බවත් අපේ පූර්ව නිගමනය විදියට අපි හිතේ තියාගෙන ඉන්න දෙයක්.Sri Lanka Latest News

ලංකාවේ ඉස්සර දරුවෝ ඉගෙනගත්තේ ගුරු ගෙදර. නැත්නම් ගුරුවරයාගේ ගෙදරට ගිහිල්ලා. ගුරුවරයාගේ ගෙදර අන්තේවාසිකව ඉගෙනගත්ත කාලයක් අතීතයේ තිබිලා තියෙනවා. ඒ කියන්නේ ගෙදර වැඩකටයුතු කරලා දීලා උයලා පිහලා දර පළලා ඉගෙනගත්ත කාලයක් අතීතයේ තිබුණු බව කියැවෙනවා. ඒ වගේම පන්සලට ගිහිල්ලා ඉගෙනගත්ත කාලෙකුත් තිබුණා. පන්සලට ගිහිල්ලා ඉගෙන ගන්නකොට කාන්තාවන් පන්සලට යවන්න හොඳ නැති නිසා ගෑනු දරුවන්ගේ අධ්‍යාපනය නතර කරලා පිරිමි විතරක් ඉගෙනගත්ත කාලෙකුත් තිබුණා. මේ සියල්ලමත් එක්ක අධ්‍යාපනය කියලා කියන්නේ මිනිස්සුන්ට ඉතා වැදගත් දෙයක්. අපි අහලා තියෙනවා අධ්‍යාපනය කියලා කියන්නේ පියාඹන්න ලැබෙන අත්තටු. දුප්පත් පවුලක ඉගෙනගත්ත අපි වගේ අයට ජීවිතේ ඉහළට එන්න උදව් කළේ අධ්‍යාපනය. එහෙම තියෙන අධ්‍යාපනය සෙල්ලමක් විදියට භාර අරගෙන දරුවෝ ඉගෙනගන්න පාසලට ආවට පස්සේ ඒ දරුවන්ව අපයෝජනයට ලක්කිරීමේ සිද්ධි පාසල් තුළින් වාර්තා වෙනවා නම් අපිට කියන්න තියෙන්නේ වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් ඒ අමාරුව කියලාම තමයි.

මේ විදියේ සිද්ධි දිනෙන් දින වාර්තා වෙනකොට මේ සිද්ධි සම්බන්ධයෙන් පාසල්වල නම්ගම් සහිතව ගැටලු නිර්මාණය වෙනකොට ඒ ගැන කතාබහ කරන්නට දේශපාලන වේදිකාවේ පවා ඉඩ හසර වෙන් වෙනකොට දරුවෝ තමන් අපයෝජනයට ලක්වුණු නිසා වේදනාවෙන් බයෙන් තැතිගැන්මෙන් එය සමාජයට හෙළිවේ යැයි කියන බයෙන් ගොඩනැගිලිවලින් බිමට පැනලා මැරෙනකොට අපි දැන් ඉන්නේ මොන යුගයේද? අපි දැන් ඉන්නේ කොතැනද? කියන එක ගැන අපිට දෙපාරක් තුන්පාරක් නෙවෙයි දහදොළොස් වතාවක්, නැත්නම් සිය දහස් වතාවක් හිතන්න සිද්ධ වෙනවා.

ඒ වගේම මේ කතාබහ එළියට එන්නේ මල්වානේ රඹුටන් හැදෙන කාලෙට රඹුටන් ගැන කතාකරනවා වගේ, දූරියන් කාලෙට දූරියන් ගැන කතාකරනවා වගේ දරුවෙක් මැරුණම, දරුවෙක් අපයෝජනයට ලක්වුණාම, දරුවෙක් ප්‍රශ්නෙකට මුහුණ දුන්නාම ඊට පස්සේ සතියක් දෙකක් තුනක් විතරයි නම්, මේවා කතා නොකර නිකන් ඉන්න එක වඩා හොඳයි. ලෝකේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත, එහෙම නැත්නම් ලෝකේ අධ්‍යාපනය ඉතා ගුණාත්මක රටවල් අතරින් එකක් විදියට අපිට ලංකාව හඳුන්වා දෙන්න පුළුවන්. එහෙම රටක මෙහෙම දේවල් දිගින් දිගටම සිද්ධ වෙන බව දකිනවා නම්, දැනෙනවා නම්, පෙනෙනවා නම් අපිට දැන් හිතන්න වෙනවා මේක පාලනය කරන්න කාලය උදාවෙලාය කියන එක.

ගොඩක් වෙලාවට මේ විදියේ අපයෝජන සිද්ධි පාසල තුළ සිද්ධ වුණාම ඒ සිද්ධි එළියට නොඑන විදියට වහගන්න, එහෙම නැත්නම් ඒ සිද්ධි හෙළිදරව් නොකර ඉන්න, අඩුම තරමේ පොලිසියටවත් පැමිණිලි නොදා ඉන්න මවුපියෝ සහ දරුවෝ දෙකොට්ඨාසයම කටයුතු කරනවා. පහුගිය දිනෙක ජීවිතක්ෂයට පත්වෙච්ච ගෑනු දරුවාගේ සිදුවීමත් අපිට පේන්නේ ඒ විදියට. මොකද මේ සිද්ධියේදී ඒ දරුවාව පාසලෙන් ඉවත් කරගෙන, වෙන පාසලකට දාලා මේ සියල්ලම සිද්ධ වෙන්නේ මුළු ලෝකෙටම හොර රහසේ. ඔවු, ඇත්තටම යම්කිසි දෙයක් අධ්‍යාපනය කියන කාරණාවේදී රහසේ සිදුවුණාට අපිට කිසි ගැටලුවක් නෑ. මොකද අපි දන්නවා දරුවෙක්ගේ ගෞරවය ඉතා වටිනා බව. ලංකාවේ මාධ්‍ය බොහෝ වෙලාවට විශ්වවිද්‍යාලයක ගෞරවය ගැන, ගුරු අභ්‍යාස විද්‍යාලයක ගෞරවය ගැන නොහිතුවට පාසලක ගෞරවය ගැන ටිකක් හිතනවා. ඒක හොඳ දෙයක්. දරුවෙක්ගේ ගෞරවය ගැනත් හිතන්න ඕනේ. දරුවා කවුද, දරුවාට සිද්ධ වුණේ මොකක්ද, ඒක වුණේ කොහොමද කියන එක හෙළිදරව් කරලා, ඒ දරුවාව මානසිකව වට්ටලා, විශාල පීඩනයක් ඇතිකරලා, ඒ දරුවා සියදිවි හානි කරගන්න තැනට පත්කරන්නේ නැතුව ඉන්න එක රටේ බලධාරීන්ට තියෙන වගකීමක්. හැබැයි වැරැදි කරපු පුද්ගලයන් සම්බන්ධයෙන් ලබාදිය යුතු දඬුවම් නම් ඉතා ඉහළින් ලබාදිය යුතුයි. ගෑනු දරුවෙක් හෝ පිරිමි දරුවෙක් හෝ කුමන ආකාරයක හෝ දරුවෙක් පාසලක් තුළදී අපයෝජනයට ලක්වෙනවා නම්, ගැටලුවකට මුහුණ දෙනවා නම්, අර්බුදයකට පත්වෙලා තියෙනවා නම් ඒ සිද්ධියට අදාළ වෙච්ච ගුරුවරයා හෝ කාර්යාල කාර්ය සහායකයා හෝ වෙනත් කුමන හෝ පුද්ගලයාට නිවැරැදි නිසි දඬුවම ලබාදෙන්නට අප කටයුතු කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය කරන නීතිරීති ඕනේ තරම් තියෙනවා. එවැනි අය සම්බන්ධයෙන් මැදිහත් වෙන්න යම්කිසි දේශපාලන පාර්ශ්වයක් එහෙම නැත්නම් යම්කිසි බලපුළුවන්කාර පාර්ශ්වයක් උත්සාහ කරනවා නම් ඒ අයට විරුද්ධවත් නීතිමය පියවර ගන්නට කටයුතු කළ යුතු බවයි අපට දැනෙන්නේ.

ඉතින් හරිනි අමරසූරිය මැතිනිය කියපු මේ කතාව පුංචි අහිංසක කතාවක් නම් නෙවෙයි. ඒක ඉතාම භයානක කතාවක්. අපි කියන්නේ මේ අගමැතිතුමියගේ වරදක් නෙවෙයි. එතුමිය කිව්වේ රටේ තියෙන තත්ත්වය. එතුමිය මේ රටේ තත්ත්වය හෙළිදරව් කළාට පස්සේ අපිට දැන් සිද්ධ වෙලා තියෙනවා වහාම හැකි ඉක්මනින් පියවර ගන්න. එහෙම නොවුණොත් වෙන්නේ ලෙඩේ ඔඩුදුවන එක. ලෙඩේ වැඩිවෙන්න කලින් බෙහෙත් නොදුන්නොත් ලෙඩා මැරෙන්න පුළුවන්. පාසල් පද්ධතිය තරම් වටිනා දෙයක් අපට මේ මුළු රටේම නැති වග අපි හොඳින් මතක තබාගත යුතුයි.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විජය-මාලනී ආදර සබඳතාවට මැදිවූ චන්ද්‍රිකා! Sri Lanka Latest News

Next Post

අනුදි පැරදුණේ අකුදි නිසාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.