• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මැයි 01 වැනිදා! රටම දුක් වුණු දවස! Sri Lanka Latest News

May 11, 2024
in Exclusive
Reading Time: 9 mins read
A A
Share on WhatsAppShare on Facebook

හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණානුස්මරණය මැයි 01 වැනිදාට යෙදී තිබිණි. ඒ නිමිත්තෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් විසින් එතුමාගේ ගුණානුස්මරණය කරමින් ආශීර්වාද පණිවුඩ නිකුත් කර තිබිණි. පහත පළවන්නේ එම පණිවුඩයන්ය.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිගෞරවනීය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමියන්ගේ ශුභාශිංසන පණිවුඩය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි විධායක ජනාධිපති ධුරය දැරූ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මිනිසත්කමෙන් පිරිපුන්ව ජාතිය, ආගම, සසුන වෙනුවෙන් පමණක් නොව දුගී දුප්පත් මිනිසුන් කෙරෙහි අසීමිත ආදරයක් දැක්වූ ජන නායකයෙකි. හිසට සෙවණක් නැති දුගී ජනතාව කෙරෙහි මහත් කරුණාවෙන් උදාගම් ව්‍යාපාරය බිහි කළේය. රැකියා විරහිත අසරණ තරුණ තරුණියන්ට ආර්ථික ශක්තිය ලබාදීම සඳහා කම්හල් රැසක් පිහිටුවීය.
සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම හා අභිවර්ධනය උදෙසා බුද්ධ ශාසන අමාත්‍යාංශයක් පිහිටුවා එහි අමාත්‍ය තනතුර දරමින්, මහා සංඝයා වහන්සේගෙන් සමන්විත උත්තරීතර මණ්ඩලයක් පිහිටුවීය. සම්බුද්ධ ශාසනයේ පෝෂණය හා සංරක්ෂණය පිණිස අරමුදලක්ද ඇති කළේය. විසිතුරු රන් වියනක් තනවා ශ්‍රී දළදා මාලිගාව සුරක්ෂිත කරවා ඓතිහාසික මාලිගාවිල, කතරගම දේවාලය වැනි පූජ්‍යස්ථාන පිළිසකර කරවීය. ජනතාවගේ මංමාවත්, ජලය, විදුලිය වැනි පොදු පහසුකම් පසුරා දුන්නේය.

ප්‍රායෝගික දැනුම හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් හෙබි ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා, තීරණ ගැනීමේ දක්ෂ, අනාගත නායකයන්ට ආදර්ශයක් ගත හැකි දේශපාලන නායකයෙකි. එතුමාගේ 31 වැනි ගුණ සමරු උත්සවයේ සියලු කටයුතු තෙරුවන් සරණනින් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ආශිංසන කරම්හ.

අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිගෞරවනීය වරකාගොඩ ධම්මසිද්ධි මාහිමියන්ගේ ශුභාශිංසන පණිවුඩය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ දෙවැනි විධායක ජනාධිපති ධුරයට පත් දිවංගත රණසිංහ ප්‍රේමදාසයන් අප ජාතියට පහළවූ සුවිශේෂ ජන නායකයෙකි. මැයි මස 01 වැනි දිනට යෙදී ඇති එතුමාගේ 31 වැනි ගුණානුස්මරණ උත්සවය පැවැත්වෙන අවස්ථාවේ ඒ සඳහා මෙවන් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉතාමත් කෘතවේදීත්වයෙනි.

එතුමාගේ පාලන කාලය තුළ දිවයින පුරා සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා විශාල කාර්යභාරයක් ඉෂ්ට සිද්ධ විය. සමස්ත බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ ශ්‍රීමත් ගෞතම බුදුරජාණන් වහන්සේගේ වාම දන්ත ධාතුන්වන්සේ වැඩසිටින්නා වූ සෙංකඩගල ශ්‍රී දංෂ්ඨ්‍රාධාතු මන්දිරයේ වැඩසිටිනා මාලිගාව ආවරණය වන පරිදි රන්මුවා වියනක් නිමකොට පූජා කිරීම එතුමාගේ ශාසන අභිලාශී සේවයන්ගෙන් කැපීපෙනෙන්නකි.

ශ්‍රී ලංකාවේ ඌන සංවර්ධිත ප්‍රදේශවල වෙහෙර විහාර එතුමාගේ අවධානයට පාත්‍ර විය. කැඩී බිඳී සුන්බුන් වූ මාලිගාවිල ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ ප්‍රතිසංස්කරණය කොට සැදැහැවතුන්ගේ වන්දනාමානයට ලක්කිරීම මෙයට ප්‍රධාන සාධකයකි.

සැමගේ හිසට වහලක් ලබාදීමේ පාරිශුද්ධ චේතනාවෙන් නිවාස දස ලක්ෂයේ වැඩපිළිවෙළ සහ අඩු ආදායම්ලාභීන්ට ජනසවිය වැනි සහනදායී වැඩපිළිවෙළවල් හඳුන්වා දෙමින් එමගින් මහඟු සේවයක් ඉටු කළේය.

දේශමාමක ප්‍රගතිශීලී ප්‍රතිපත්ති මත කටයුතු කළ රණසිංහ ප්‍රෙමදාසයන්ගේ දර්ශනය ඉදිරියට ගෙන යෑමට සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට ශ්‍රී දළදා සමිඳුන්ගේ ආශීර්වාදය ලැබේවායි ආශිංසනය කරම්හ.

රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිගෞරවනීය මකුලෑවේ ශ්‍රී විමලාභිධාන මාහිමියන්ගේ ශුභාශිංසන පණිවුඩය

අප ශ්‍රී ලංකා දීපයේ අභිවෘද්ධිය වෙනුවෙන් අනුපමේය සේවයක් ඉටුකළ දිවංගත ජනාධිපති ශ්‍රීමත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ තිස්එක් වැනි ගුණානුස්මරණ පින්කම මැයි මස පළමු වැනි දිනට යෙදී තිබේ. ජන හදවත් දිනාගත් නායකයකු වශයෙන් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා සම්බුද්ධ ශාසනයේත්, පොදු ජන සමාජයේත් දීර්ඝකාලීන උන්නතිය වෙනුවෙන් විශාල සේවාවන් රැසක් සිදුකර තිබේ. එම සේවාවන් අතර බුද්ධ ශාසන අමාත්‍යාංශය පිහිටුවීම, ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩසිටින දළදා මාලිගය සඳහා රන් වියනක් පූජා කිරීම, ඓතිහාසික මාලිගාවිල ශ්‍රී සම්බුද්ධ ප්‍රතිමා වහන්සේ නගාසිටුවා ප්‍රතිසංස්කරණය කිරීම, රට පුරා වෙහෙර විහාරස්ථාන බොහොමයක් සංවර්ධනය උදෙසා කටයුතු සිදුකිරීම ආදී කාර්යයන් රැසක් සිදුකළ නායකයෙක් ලෙස බොදු ජනතාවගේ ජනාදරයට පත්ව ඇත. එසේම ජන ජීවිතය නගාසිටුවීම සඳහා ගම්උදා සංකල්පය ආරම්භ කරමින් අඩු ආදායම්ලාභී ජනතාවට සහන සැලසීම සඳහා ජනසවිය වැඩසටහන ජනගත කිරීම මෙන්ම ඔවුන්ගේ පානීය ජල අවශ්‍යතාවන් සපුරාලීම සඳහා නළ ළිං ආදී වාරි ව්‍යාපෘති බොහොමයක් රට පුරා ස්ථාපනය කර තිබේ. ඉන් එක් නළ ළිඳක් අප විහාරස්ථානයේද අදටත් ප්‍රයෝජනයට ගනිමින් තිබේ.

රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා දිවංගත වී තිස්එක් වසරක් සපිරීම නිමිත්තෙන් විශේෂ ගුණානුස්මරණ පින්කම් සිදුකරන මෙම අවස්ථාවේ එතුමාට උතුම් වූ අමාමහ නිවනින් සැනසීම ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති මහානායක මාහිමියන්ගේ ශුභාශිංසන පණිවුඩය

දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ගේ ගුණානුස්මරණ උළෙල මැයි මස 01 වැනි දිනට යෙදී ඇත. එතුමාණන් දශක ගණනාවක් ජනතා සුබසිද්ධිය උදෙසා ක්‍රිය ාකළ අතර මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා ලෙස ඉටුකළ සේවය ප්‍රශංසනීයය.

පොදු මහජනතාවගේ සුබසිද්ධිය පිළිබඳ නිතර අවධානය යොමුකළ මෙතුමා ගම්උදා ව්‍යාපාරය, සෙවණ ව්‍යාපෘතිය, ජනසවිය වැනි වැඩසටහන් තුළින් දුගී දුප්පත් ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීම සඳහා කටයුතු කළේය. එපමණක් නොව මෙරට ආර්ථිකයට සුවිශාල දායකත්වයක් අදටත් ලබාදෙන ඇඟලුම් කර්මාන්ත ඇතිකිරීමේ පුරෝගාමියාද මෙතුමාය.

සිංහල බෞද්ධ ගුණාංගවලින් පෝෂිතව දේශීයත්වයත් සත් චාරිත්‍රාදියත් ආරක්ෂා කරමින් බුද්ධ ශාසනයෙහි දියුණුව උදෙසා බුද්ධ ශාසන අමාත්‍යංශය පිහිටුවීමෙහිලා මූලික වූයේද මෙතුමාය. ගිහි පැවිදි බොහෝ දෙනාගේ ආදර ගෞරවයට පාත්‍රවී සිටි මෙතුමාගේ අකල් වියෝව රටදැය සමයට සිදුවූ බලවත් පාඩුවකි. තවද අපගේ ගුරුදේවෝත්තම අතිපූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහානාහිමිපාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ඇසුරු කළ මෙතුමා ශාසනික වශයෙන් කර ඇති මෙහෙය අතිවිශිෂ්ටය.

දිවංගත රණසිංහ ප්‍රේමදාස ශ්‍රීමතාණන්ට උතුම් නිවන් සුවය අත්වේවායි හෘදයංගමව ප්‍රාර්ථනා කරමු.

මේ අතර, දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණානුස්මරණය වෙනුවෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතාද විශේෂ පණිවුඩයක් නිකුත් කර ඇත. පහත පළවන්නේ එම පණිවුඩයයි.

‘ලොකු අය වඩාත් ලොකු වන්නේ, කුඩා අයට ලොකුවට උදව් කළ පමණටය. ලොකු අය කුඩා අය පාගා දැමීමට වෙර දැරුවොත් සිදුවන්නේ ලොකුකමේ කුඩා බව ඉස්මතු වීමයි…’ ‘ඕනෑම සමාජයක දුප්පත්කම ඉවසීම අපරාධයක් ලෙස මම සලකමි…’

රණසිංහ ප්‍රේමදාසයන්ගේ මේ වදන් තුළින් එළිදකින්නේ ඔහුගේ දැක්මයි. ඔහු දේශපාලන බලය හඹා ගියේ ඒ දැක්ම ක්‍රියාවට නගන්නටය. ඔහුගේ දේශපාලනයට අරමුණක් තිබිණි. අප සමාජයේ නැතිබැරි මිනිසුන් වෙනුවෙන් ඔහුට සිහිනයක් තිබිණි. ඒ සඳහා වූ ගමනේ දී හමුවන තහංචි, අභියෝග, බාධා පරදවා ඉදිරියට යන්නට නිර්භීතකම ඔහුට තිබිණි.

සාන්ත බස්තියම වැනි එදා මුඩුක්කු නිවාස බහුලව තිබූ පසුබිමක හැදුණු වැඩුණු ඔහුට, ඒ ජීවිතවලට අභිමානයෙන් ජීවත් වියහැකි හෙට දවසක් ලබාදීමේ සිහිනය සහ අධිෂ්ඨානය තිබිණි. ඔහු වෙතින් අප එදා දුටුවේ, සාම්ප්‍රදායක දේශපාලනයේ රඟපෑම් නොවේ. අප දුටුවේ ඒ ජීවිතවලට අභිමානයක් ලබාදෙන්නට ඔහු තුළ තිබූ සිහිනය සහ අධිෂ්ඨානයයි.

ධනය, බලය ඉදිරියේ කොන්ද නොනමා, නිර්භීත ලෙසින් තීන්දු තීරණ ගන්නට ඔහුට ශක්තිය තිබුණේ, පැහැදිලි දැක්මක පිහිටා කටයුතු කරන නායකයකු වූ හෙයිනි.

රණසිංහ ප්‍රේමදාසයන් තුළ ශ්‍රී ලාංකික සමාජයේ අනාගතය උදෙසා තිබූ සිහිනය සිහිපත් කරන විට මගේ සිහියට නැගෙනුයේ, ඇමෙරිකානු සමාජය තුළ නිදහස, සමානාත්මතාව සහ මානව අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ මාටින් ලූතර් කිංගේ ‘මට සිහිනයක් ඇත.’ (ෂ ය්ඩැ ෘරු්ප) යන සුප්‍රසිද්ධ කතාවයි.
සැබැවින්ම මාටින් ලූතර් කිංගේ සිහිනයේත්, රණසිංහ ප්‍රේමදාසයන්ගේ සිහිනයේත් පදනම සහ මූලධර්ම දෙකක් නොව එකක්ම විය. ඔහුගේ ජනපතිවරණ ව්‍යාපාරයේ සියලු රැස්වීම්වලදී මාටින් ලූතර් කිංගේ ‘සිහිනය’ මම උපුටා දැක්වූයෙමි. රණසිංහ ප්‍රේමදාසයන් ජනපති ධුරයට පත්කර ගැනීම තුළින්, අපේ සමාජය පිළිබඳ අප තුළ තිබූ එබඳුම වූ සිහිනයන් සැබෑකර ගැනීම අපේ අරමුණ විය.

පොල් අතු පැලක, මැටි නිවසක, ලෑලි ගෙදරක, මුඩුක්කු නිවෙසක වැස්සට නිසි ආවරණයක් අහිමිව, හරි හැටි නින්දක් නොලබන දරු පවුල්වල ජීවිත ගැන දැඩි ලෙස සංවේදී නායකයෙක් විය.

පුංචි නවාතැනක ඉඩක නොමැති වූ නිසා මවුපියන්, දරුවන් සහ පවුල් කිහිපයක් මාරුවෙන් මාරුවට, වේලාව බෙදා හදා ගනිමින් නිදාගන්නා වූ දරු පවුල්වල ජීවිත ගැන ප්‍රමුඛ අවධානය යොමුකළ නායකයා විය. පූට්ටු ගෙවල්, අත්කම් නිවාස, නිවාස ලක්ෂය, නිවාස දස ලක්ෂය, ජාත්‍යන්තර නිවාස වසර ඔහු හඳුන්වා දුන්නේ ඒ කඳුළු නිවන්නටය.

‘ජනසවිය’ මේ පොළොවේ ජනිත වූ සංකල්පයකි. එය ක්‍රියාවට නැඟුණේ තුන්වේල කන්නට අවකාශ නැති අප සමාජයේ දරු පවුල් වෙනුවෙන් වූ අතර ‘සෙවණ මාපිය කැපකරු ක්‍රමය’ ක්‍රියාවට නැඟුණේ මවුපියන් අහිමි අසරණ දරුවන්ගේ ජීවිත ඉරණම වෙනස් කරන්නටය. උදයට හරි කෑම වේලක් නොමැතිව පාසලට පියමන් කරන දරුවන් වෙනුවෙන් පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ ඇරඹෙද්දී ‘පාසල් නිල ඇඳුම් වැඩපිළිවෙළ’ ක්‍රියාවට නැඟුණේ දහස් ගණනින් ආර්ථික දුෂ්කරතා හේතුවෙන් පාසල් හැරයන දරුවන්ට පිහිට වන්නටය.

‘මාවතේ අපි’ වැඩපිළිවෙළ ක්‍රියාවට නැඟුණේ, මහමඟ සිඟමන් යදින පවුල්වල ජීවිතවලට අභිමානයක් ලබාදෙමින් ඔවුන් නඟාසිටුවන්නටය.

‘උණබම්බු ගේට්ටු වැඩපිළිවෙළ දුම්රිය හරස් මාර්ගවල දිනපතා රට පුරා අවදානමට ලක්වන මිනිස් ජීවිතවලට රැකවරණය ලබාදෙන්නට ඇරඹි අතර, ‘ජනපති ජංගම සේවා’ රට පුරා ගෙනගියේ, දේශපාලන නායකයන්ගේ නිසි අවධානය ලබාගත නොහැකි ජනතාව වෙනුවෙන්, එම දේශපාලන නායකයන් ජනතාවගේ දෙපා ළඟට ගෙනයාම පිණිසය.

‘කැපකරු ගම්මාන’ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරුණේ රජයේ ප්‍රතිපාදනවලට අමතරව දානපතීන්ගේ සහායද දිළිඳු ජනතාව නගාසිටුවීමේ වැඩපිළිවෙළට ලබාගැනීම සඳහාය.

ප්‍රශ්නයකට ‘නැහැ, බැහැ’ කියන්නට ඔහුගේ දිව නැමුණේ නැත. පුංචි මිනිසුන්ගේ වේදනාවන්ට සෑම විටම සංවේදී වූ ඔහු ‘සෙවණ අරමුදල’ ඇරඹුවේ, රජයේ ප්‍රතිපාදනවලින් ඉටුකරගත නොහැකි ජනතා සේවාවන්ට මූලාශ්‍රයක් ලෙසිනි.

දිස්ත්‍රික්කයක් ආවරණය වන ‘මහා ගම් උදාව’ සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් ආවරණය වන ‘ප්‍රාදේශීය ගම් උදාව’ මෙන්ම විවිධ ක්ෂේත්‍ර සම්බන්ධ කරගත් ‘සති වැඩපිළිවෙළ’ රටපුරා ගෙන යනු ලැබුවේ, ඒකාබද්ධ සංවර්ධනයක අරමුණු ඉටුකර ගන්නටය.

සංවර්ධනයේ ප්‍රතිලාභ වේගයෙන් ග්‍රාමීය දිළිඳු ජනතාව වෙත ගෙන යනු උදෙසා නිලධාරීන් ජනතාවට කිට්ටු කරමින්, දිසාපති ක්‍රමය වෙනුවට ‘ප්‍රාදේශීය ලේකම් කාර්යාල’ ක්‍රමය ඇරඹුණේ, සාම්ප්‍රදායික පරිපාලන ක්‍රමවේදය විප්ලවීය වෙනසකට ගෙන යමිනි.

පළාත් පාලන මැතිවරණවලදී ‘තරුණ නියෝජනත්වය සඳහා සියයට හතළිහක ප්‍රතිශතය’ අනිවාර්ය කෙරෙන නීති පැනවුණේද, තරුණ ප්‍රජාවට නිසි පිළිගැන්ම සහ පාලනයට ඔවුන්ගේ සහභාගීත්වය ලබාගැනීමේ අරමුණෙනි. රණසිංහ ප්‍රේමදාසයන් ජනාධිපති ධුරයට පත්වුණේ උතුරේ සහ දකුණේ එක ලෙසින් ගිනිදැල් ඇවිළෙමින් තිබූ පසුබිමකය. තුණ්ඩු කෑල්ලකින් පාසල්, රජයේ කාර්යාල වැසී යයි. දේශපාලන ක්‍රියාකාරිකයන් තනතුරුවලින් ඉවත් නොවුණහොත් ඔවුන් ඝාතනයට ලක්වීමය. රජකාරියට වාර්තා කරන රජයේ සේවකයන් ඝාතනයට ලක්වෙද්දී ආරක්ෂක හමුදා පවුල්ද තර්ජනයට මුහුණ දෙන්නට විය. සවස 6න් පසු විදුලිය තහනම් වෙයි. වටිනා රජයේ ගොඩනැගිලි දේපළ ගිනිබත් වෙයි. ඡන්දය පාවිච්චි කරන්නට ගිය අය ඝාතනයට ලක්විය. සමහරුන්ගේ අත් කැපිණි. තවත් සමහර කාන්තාවන්ගේ හිස් මුඩු කෙරිණි. ඝාතනයට ලක්වූ අයගේ මෘත දේහයන් දණ හිසට ඉහළින් ඔසවාගෙන යාම තහනම් කෙරිණි.

මේ පසුබිම තුළ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පැවැත්ම ගැන බලාපොරොත්තු සිඳීගොස් තිබිණි. ප්‍රේමදාස ජනාධිපතිවරයා රට භාරගත්තේ මෙවන් භීෂණයකින් රට වෙළාගෙන තිබූ යුගයකය.

‘ජීවිතවලට හානි කරන්නට එපා, මම ලැහැස්තියි ඔබලා සමග සාකච්ඡා කරන්නට. ඒ සඳහා ඇස් දෙක වසාගෙන ඔබ කියන ඕනෑම කැලෑවකට වුවද එන්න මම සූදානම්…’

මෙය ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඉල්ලීම විය. හෘදයාංගම ආයාචනය විය. ජීවිත හානි වළක්වාගන්නට ඔහු බැගෑපත් විය. එහෙත් ඒ ආයාචනාවලට ප්‍රතිචාර නොලැබිණි. ජනාධිපති ධුරයට පත්ව පළමු මාස පහ පුරාම සාකච්ඡාවෙන්, සම්මුතියෙන් සාමය උදා කරගන්නට ඔහු කොතෙකුත් උත්සාහයන් දැරීය. ඒ සියලු ප්‍රයත්නයන් ව්‍යර්ථ වීම තුළ, ප්‍රචණ්ඩත්වය අවසානයේදී හමුදාව විසින් මැඬලනු ලැබිණි. ජීවිත හානිවලින් තොරව, සාකච්ඡාවෙන් සාමකාමීව විසඳුමක් ලබාගන්නට අවසන් මොහොත දක්වා ඔහු ගත් උත්සාහයන් නිෂ්ඵල වීම ඔහුගේ වේදනාවට හේතු විය.

ජනාධිපති රණසිංහ ප්‍රේමදාසයන් යටත්විජිතවාදයට මෙන්ම වර්ගවාදයටද විරුද්ධව පැහැදිලි ස්ථාවරයක සිටියේය. නොබැඳි ප්‍රතිපත්තියේ පිහිටා සිටිමින්, ජාත්‍යන්තර ප්‍රශ්නවල දී මනා අවබෝධයෙන් සහ ක්‍රියාශීලීව කටයුතු කළේය. දකුණු අප්‍රිකානු නිදහස් අරගලය පිළිබඳ මෙන්ම පලස්තීන නිදහස් අරගලය ඇතුළුව, යටත්විජිත ප්‍රතිපත්තියට සහ වර්ගවාදී වෙනස්කම්වලට එරෙහිව ඒ ඒ රටවල මර්දනයට සහ පීඩනයට ගොදුරුව සිටින ජනතාව කරන සාධාරණ අරගල සඳහා ද ඔහු ක්‍රියාශීලීව සහයෝගය ලබාදුන්නේය. එයින් ශ්‍රී ලංකාවේ ස්ථාවරය මධ්‍යස්ථව බලා සිටීම නොව, නොබැඳිව නිවැරදි දෙය වෙනුවෙන් ක්‍රියාශීලීවීම බව පෙන්වා දුන්නේය. ජනපති රණසිංහ ප්‍රේමදාසයන් වෙනුවෙන් ලියැවුණු මේ සටහන, මා ප්‍රියකරන ඔහුගේම ප්‍රකාශයකින් සමාප්ත කරනු කැමැත්තෙමි.

‘ලොකු අය වඩාත් ලොකු වන්නේ, කුඩා අයට ලොකුවට උදව් කළ පමණටය. ලොකු අය කුඩා අය පාගා දැමීමට වෙර දැරුවොත් සිදුවන්නේ ලොකුකමේ කුඩා බව ඉස්මතු වීමයි….’

SendShareShare
Previous Post

දිළිසෙන ඇස්වලින් පැණි බේරෙන හිනාවකින් මුළු චීනයම වසඟයට ගත්තු කන්ද උඩ මල් කොල්ලා! Sri Lanka Latest News

Next Post

එයාර්පෝට් එකේ ගේම ඉල්ලපු එයා ඇත්තටම කවුද? නම ගම සේරම එළියට එයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.