• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඳානෙන් අල්ලපු සුදු ගල්වල රස පරීක්ෂක වාර්තාව ඇවිත්! හොයාගත් සුදු ගල්වල අයිස් හදන රසායනික නෑලු! හැබැයි ඒ දවස්වල මිද්දෙණියෙන් මතුවුණේ ‘අයිස්’ කියලා ආණ්ඩුවේ මැතිඇමැතිවරු රටට කිව්වා! ලංකාව ඇතුළේ අයිස් හදන්න කඳානට නුවරඑළියට අරන් ගිහිල්ලත් කිව්වා! මාධ්‍යයෙන් ලොකු ප්‍රචාරයකුත් දුන්නා! දැන් ඒ කියපු ඒවට මොකද වෙන්නේ? VIDEO I Sri Lanka Latest News

November 4, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
මිද්දෙණියෙන් අහුවුණු ‘අයිස්’ කඳානේ සුපිරි ගෙදරකිනුත් හමුවෙලා! කාටවත් සැක නොහිතෙන්න ලස්සනට වත්තේ ගස් යට අතුරලා තියලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කඳානේ පිහිටි නිවසකින් සහ එම නිවස ඉදිරිපිට පිහිටි වෙල්යායෙන් සොයාගත් සුදු පැහැති කැට සහ කුඩු මෙතැන්පිටමින් නොහොත් අයිස් නිෂ්පාදනය කිරීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් නොවන බවත්, ඊට අදාළ වාර්තාව රස පරීක්ෂකවරයා විසින් කඳාන පොලිස් ස්ථානයට යොමුකර ඇති බවත්, එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට කඳාන පොලිසිය පියවර ගෙන ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය. Sri Lanka Latest News

එහි තිබී ඇත්තේ ටැල්ක් පාෂාණය බව ඒ අනුව තහවුරු වී තිබේ.

මෙම සුදු පැහැති කැට සහ කුඩු විශේෂය කැල්ක් නමැති පාෂාණය බව සඳහන් කරමින් ඉරානයේ සිට කන්ටේනර් දෙකකින් මෙරටට රැගෙනවිත් තිබුණේ ඉකුත් වසරේ අගය. එම කන්ටේනර් දෙකේ මත්ද්‍රව්‍ය ඇතැයි ජාත්‍යන්තර බුද්ධි ඒජන්සියක් මගින් කළ දැනුම්දීමකට අනුව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේත් ශ්‍රී ලංකා රේගුවේත් නිලධාරීන් කන්ටේනර් රථ දෙක දැඩි පරීක්ෂාවකට ලක්කර තිබිණි.

එහිදී අනාවරණ වී තිබුණේ එහි ඇත්තේ ටැල්ක් බවත් මත්ද්‍රව්‍ය නොමැති බවත්ය.ඒ අනුව කන්ටේනර් දෙක නිදහස් කර ඇති බව කියවිණි. මෙම කන්ටේනර් දෙක කෙහෙල්බද්දර පද්මේ විසින් එවා ඇති බවත් බැකෝ සමන් විසින් එය ශ්‍රී ලංකා පොදු පෙරමුණේ පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයෙක් වූ සම්පත් මනම්පේරි නමැත්තා මගින් මිද්දෙණියට රැගෙන ගොස් ඇති බවත් විමර්ශනවලින් අනාවරණ විය. ඒ අනුව සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී ඔහු පලාගොස් සැඳව සිටියේය. පසුව ඔහු අධිකරණයට භාරවීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. පසුව පොලිසියේ ඉල්ලීම මත රැඳවුම් නියෝගයක් මත බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට ඔහුව භාර කෙරිණි.

සම්පත් මනම්පේරි අත්අඩංගුවට ගැනීමට මුල්වූ කන්ටේනර් දෙකේ වූ සුදු පැහැති කැට සහ කුඩු විශේෂ ගැන පොලිසිය පවසන්නට වූයේ ඒවා අයිස් නිෂ්පාදනයට ගන්නා රසායනික ද්‍රව්‍ය බවය. සම්පත් මනම්පේරි ප්‍රශ්න කිරීමේදී පවසා තිබුණේ තමන් ඒ ගැන කිසිවක් නොදන්නා බවය.

කන්ටේනර් දෙකේ තිබුණු දුසු කැට සහ කුඩුවලින් කොටසක් නුවරඑළියට සහ කඳානට රැගෙන ගිය බවද පොලිසිය සිය විමර්ශන මගින් හෙළිකර ගත්තේය. මිද්දෙණියේ ගෙව්තක වළදමා තිබී ඇත්තේ ඉතිරි කොටසය. ඒ තැන බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පසුගිය සැප්. 05 දා සොයාගැනීමෙන් අනතුරුව වළදැමූ එම කැට සහ කුඩු ගොඩන්නේ 06 වැනිදාය. එම අවස්ථාවට අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ රසායනාගාර පරීක්ෂකවරුන්ද කැඳවා තිබිණි.

එදින සවස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිල වශයෙන් දැනුම් දෙන්නේ අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය විසින් පරීක්ෂා කළ සාම්පල 20න් 05කම අයිස් අන්තර්ගතව ඇතැයි දැනුම්දී තිබෙන බවය.

සැප්. 12 වැනිදා වනවිට ඒ ලබාගත් සාම්පල් සම්බන්ධයෙන් රසායනාගාර පරීක්ෂාවක් සිදුකර අන්තරාජයකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය විසින් බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසයට දැනුම්දී තිබුණේ සාම්පල් 20න් 19කම මෙතැන්පිටමින් නොහොත් අයිස් ඇති බවය. මේ ගැන පොලි්ස මාධ්‍ය ප්‍රකාශකද නිල නිවේදනයක් දින දෙකක් ඇතුළත් නිකුත් කරනු ලැබීය. රජයේ රස පරීක්ෂකවරයාද මේ සම්බන්ධයෙන් පරීක්ෂාවක් සිදුකර තිබිණි. සැප්. 07 වැනිදා රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මිද්දෙණියට ගොස් සාම්පල ලබාගෙන තිබිණි.

දිනමිණ -ගයාන් කුමාර වීරසිංහ

මිද්දෙණියෙන් අහුවුණු ‘අයිස්’ කඳානේ සුපිරි ගෙදරකිනුත් හමුවෙලා! කාටවත් සැක නොහිතෙන්න ලස්සනට වත්තේ ගස් යට අතුරලා තියලා! VIDEO I Sri Lanka Latest News
මිද්දෙණියේ සාම්පල් බහුතරයක ‘අයිස්’! වාර්තාව නිකුත් වෙයි! I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ලංකාවට ආපු වතිකානු විදේශ ලේකම් අගරදගුරු ගැලගර් හිමිපාණන් අනුර හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

ගිය මාස 2ට අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු රාජ්‍ය නිලධාරීන්ගේ ලයිස්තුව එළියට! I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.