• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

”ආදරණීය දෝණි – තුඹ ගසක් බිඳී ගිය – නැවති අද අප නිවස – අඳුරු වූ ලෝකයක – නිවුණු පහනක ලකුණු” අලුත් අවුරුද්දේ ජීවිතයක් බිලිගත් විදුලි මාරයා! Sri Lanka Latest News

January 11, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
”ආදරණීය දෝණි – තුඹ ගසක් බිඳී ගිය – නැවති අද අප නිවස – අඳුරු වූ ලෝකයක – නිවුණු පහනක ලකුණු” අලුත් අවුරුද්දේ ජීවිතයක් බිලිගත් විදුලි මාරයා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දරුවෝ කියන්නේ මවුපියන්ගේ මුළු ජීවිතයම කිව්වොත් ඒකේ වරදක් නැහැ. ඔවුන් හැම දෙයක්ම කරන්නේ දරුවන් වෙනුවෙන්. අම්මා තාත්තා තමයි දරුවන්ගේ ශක්තිය. දරුවන්ගේ ආරක්ෂාව ඉදිරියේ මුලින්ම හිටගන්නේ මේ දෙන්නා. ඒත් යම් මොහොතක දරුවන්ගේ ආරක්ෂාව අනපේක්ෂිත ලෙස මඟහැරී ගියොත් සිදුවෙන්නේ ජීවිත කාලයටම නිවැරැදි කරන්න බැරි වරදක්. (Sri Lanka Latest News)

අපි පාවිච්චි කරන විදුලි උපාංග වගේම විදුලි රැහැන්වල පලුදු ස්ථාන දැක්කාම අපි හිතනවා ඒක පස්සේ හදනවා, තව ටික කාලයක් පාවිච්චි කරලාම අලුත් වයරයක් දානවා කියලා. නමුත් ඔබ හිතන්නේ නැහැ ඒ පුංචි දේ දවසක තමන්ගේ ආදරණීයයෙකුගේ ජීවිතය බිලි ගන්න තරම් දරුණු වේවි කියලා. ඒ පුංචි මගහැරීම ජීවිත ගණනාවක් අඳුරට ඇදලා දාන්න හේතුවනවා. මේ ලියපු පූර්විකාවට අදාළ සිදුවීම පසුගියදා 03 වැනිදා වාර්තා වුණේ මහියංගනය ප්‍රදේශයෙන්. මහියංගනය හසලක තෝරපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි මෙත්මි සිතුම් කුමාරි දැරියට නොසිතූ විදියට ජීවිතයෙන් සමුගෙන යන්න සිදුවුණේ පලුදු වූ වයරයකින් කාන්දු වූ විදුලි සර හේතුවෙන්. මෙත්මි හසලක පැලැස්ස යශෝධරා විද්‍යාලයේ 09 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි සිසුවියක්.

මෙම හදිසි මරණය සම්බන්ධයෙන් මෙත්මිගේ සීයා හැඬූ කඳුළින් පොලිස් නිලධාරීන්ට පවසා තිබුණේ මෙවැන්නක්.

‘ඊයේ මම පොත්වල ගණන් වගයක් හදමින් සාලේ හිටියා. බෑණාත් (දැරියගේ පියා) සාලේ එහා පුටුවේ ඉඳගෙන ටීවී බැලුවා. අම්මා කුස්සියේ උයනවා. මට ඇහුණා කියනවා පොල් ටිකක් ගාන්න කියලා. මෙයා පොල් ටික ගාලා කාමරේට ගියා. මේ ළමයා වෙනදාට කුරුමිනියන්ට කැරපොත්තන්ට බයේ කෑගහනවා. ඊයේ කෑගැහිල්ල ඒ කෑගැහිල්ලට දෙගුණයක් තුන්ගුණයක් වැඩියි. මම හිතුවේ සර්පයෙක් ඇවිත් වෙන්න ඇති කියලා. මම දුවගෙන යනකොට අම්මා ඉස්සරහින් දුවගෙන ගියා. අම්මා දුවගෙන ගිහින් අල්ලනකොට අම්මාටත් කරන්ට් එක වැදිලා පස්සට වීසිවුණා. තාත්තාත් ගිහින් අල්ලනකොට පස්සට වීසිවෙලා වැටුණා. එතකොටම මම අර වයර් එක ඇදලා කැඩුවා. කඩනකොට දරුවාගේ අප්පච්චි ගිහිල්ලා ටි්‍රප් එක ඕෆ් කරලා ආවා. මම කිව්වා දරුවාගේ අම්මාටයි තාත්තාටයි දරුවාගේ ඇඟ තළලා මසාජ් කර කර ගෙනියන්නක කියලා. දරුවා පොඩ්ඩක් නැගිටලා බැලුවා. මොනවාදෝ කියන්න ගියා. නමුත් ඒකත් නතර වුණා. වයර් එක තිබිලා තියෙන්නෙ මල්ටි ප්ලග් එකේ. ඒක ඇඳේ එක කකුලකට යටවෙලා. ඒක යකඩ ඇඳක්. ඒකේ කකුලට වයර් එක කැපිලා ගිහිල්ලා කරන්ට් එක ඇඟට වදින්න ඇති. ඒ ඇඳ ළඟ තියෙන ප්ලග් එකට ෆෝන් එක ගහලා තියෙනවා චාර්ජ් වෙන්න. මෙයා කුස්සියේ ඉඳලා ඇවිත් මේක ගලවන්න ඇති. ඇඳේ හැම තැනම යකඩ නිසා කරන්ට් එක තිබිලා තියෙනවා. ඒක වැදිලා තියෙනවා. අපි බලනකොට අත ගන්න බැහැ. අත ඇඳටම හිරවෙලා. ටි්‍රප් එක අපි ඕෆ් කළාට පස්සේ තමයි අත අත ඇරුණේ. උදේ 7.10ට වගේ තමයි මේ සිදුවීම වුණේ…’
‘මියගිය දැරියගේ වැඩමහල් සහෝදරිය පවසා සිටියේ මෙවැන්නක්.

‘මමයි අම්මායි කුස්සියේ ඉන්නකොට අම්මා නංගිට කිව්වා පොල් ටිකක් ගාලා දෙන්න කියලා. එයා පොල් ගාලා කාමරේට ගියා. කාමරේට ගිහිල්ලා ඉන්නකොට එයා හයියෙන් අම්මා… අම්මා… කියලා කෑගැහුවා. එහෙම කෑගහනකොට අපි හැමෝම ගියා බලන්න. ගියාම දැක්කා ඇඳේ පොල්ල වගේ එක මෙයා තද කරගෙන අල්ලගෙන ඉන්නවා. අම්මා ඇදලා ගන්න යද්දි අම්මත් වීසිවෙලා ගියා. අප්පච්චිත් වයර් එකෙන් ඇදලා ගන්න යනකොට වීසි වුණා. අප්පච්චි එක පාරටම ටි්‍රප් එක වහන්න ඕනේ කියලා දුවගෙන ගියා. එතකොට තමයි අත ඇරලා බිමට වැටුණේ. අම්මා පපුව තදකරලා මසාජ් කළා. එතකොටත් ඇස් උඩ ගිහිල්ලා තිබුණේ. අම්මලා ත්‍රීවීල් එකක් ගෙන්නගෙන ඉක්මනින්ම ඉස්පිරිතාලෙට අරගෙන ගියා…’

මෙම මරණය පිළිබඳ පරීක්ෂණ හසලක පොලිසියේ නිලධාරීන් විසින් සිදුකරනු ලබයි. මේ දැරියගේ වෙන්ව යාම බොහෝ දෙනකුගේ හදවත් කම්පනයට පත්කරනු ලැබුවා. ඇගේ මවුපියන් ඇය වෙනුවෙන් බොහෝ සිහින බලාපොරොත්තු හදවතේ තියාගෙන ඉන්නට ඇති. නමුත් ඇයට දෛවයට පිටුපාන්නට නොහැකි වුණා.
මෙත්මිගේ ආදරණීයයන් ඇගේ වෙන්ව යාම දරාගැනීමට නොහැකිව මෙවැනි සටහනක් බැනරයක ලියා තිබුණා.

‘ආදරණීය දෝණි
තුඹ ගසක් බිඳී ගිය
නැවති අද අප නිවස
අඳුරු වූ ලෝකයක
නිවුණු පහනක ලකුණු
සොවින් බරවූ හදක
හැඬුම් රැව් පිළිරැව් නැගේ
එවන් වූ නෙතු අගින්
කඳුළු බිඳු වැටේ
කියා නිම කරන්නට බැරිවූ
නුඹේ නමින් තිබුණි බලාපොරොත්තු…
ගොන්නක් තිබුණි අප සිත්තුළ
උතුරා මහ මෙර ලෙසට….’

ඇගේ පවුලේ අය බුද්ධිමත්ව කටයුතු කළා නම් මෙහෙම පසුතැවීමට ලක්නොවී ඉන්නට තිබුණා. මේ පලුදු වයරය දකින ඕනෑම කෙනකුට තේරෙනවා කොයි තරම් කාලයක සිට මේ වයරය පලුදු වන්නට ඇතිද යන්න. කොයි තරම් අගහිඟකම් තිබුණත් ඒ වගේ දේවල් සකසා ගැනීමට මුල්තැන දිය යුතුමයි. කුසට අහරක් නැති වුණොත් ඒක ඉවසා දරාගෙන ඉන්න පුළුවන්. නමුත් මේ වගේ අපරාධයක් පවුලකට සිදුවුණොත් එය මුළු ජීවිතයටම පසුතැවිල්ලක් වෙනවා.

මේ පලුදු වයරය කවුරුවත්ම දැක්කේ නැද්ද? දුවලා දෙන්නෙක් ඉන්න ගෙදරක නිතර අතුපතු ගාන නිසා මේ ගැන ඔවුන්ගේ අවධානය යොමුවිය යුතුමයි. නමුත් එවැන්නක් සිදුවී තිබුණේ නැහැ. ඒ නිසාම සමාජ මාධ්‍යයේ මේ ගැන විවේචන එල්ල වී තිබුණේ මේ ආකාරයටයි.

අනුෂා පී. ආරච්චිගේ
‘අම්මෙකුයි දුවලා දෙන්නෙකුයි හිටපු ගෙදරක, කරන්ට් වයර් එකක් ඇඳේ කකුලට අහුවෙලා කාලයක් තිස්සෙ ඒක කැපිලා, ඒකෙන් කරන්ට් එක ලීක් වෙලා මරණයකුත් වෙලා. වරද කාගෙද? ෆෝන් එක ඔබ ඔබ හිටියාම ඇතිද? අඩු තරමේ කාමරය අතුගානකොටවත් ඇඳ කකුලට අහුවුණු වයර් එක අයින් කරන්න ඕනෙ කියන සිතුවිල්ල ඒ අයට ඇති වුණේ නැද්ද? ඕක දැකපු වෙලාවෙම අයින් කළා නම් අද තාමත් ජීවත් වෙනවනේ…’

මලින්ද ලක්ෂාන්
.ඔරසච ිඅසඑජය එක තමයි ගෙදර කාට හරි විදුලි සර වැදීමක් සිදුවුණොත් ස්වයංක්‍රීයව ගෙදරම විදුලිය විසන්ධි කරන්නෙ. ටි්‍රප් එක දාලා තිබුණට වැඩක් නෑ ඒක අවශ්‍ය වෙලාවට වැඩ කරන්නෙ නැත්නම්. ටි්‍රප් එකේ තියන ඔැිඑ ඊමඑඑදබ එක මිනිස්සු දන්නෙවත්නෑ ඒක දාලා තියෙන්නෙ ටි්‍රප් එක හරියට වැඩ කරනවද බලන්න. මාසෙට පාරක් ඔැිඑ ඉමඑඑදබ එක ඔබල බලන්න. ඒක එබුවම ඔරසචිඅසඑජය එක ්මඑද දff වෙන්නේ නැතිනම් අනිවාර්යයෙන්ම හොඳ වර්ගයේ එකක්ම දාන්න. නැත්නම් ඊටත් වඩා ගානක් දීල මිනී පෙට්ටියක්ම ගන්න වෙයි. මේ ගෙදර ඔරසච ිඅසඑජය එක හරියට වැඩ කළා නම් අද ඒ ළමයා බේරෙනව….’

ප්‍රදිප් බණ්ඩාර
`ඍක්‍ක්‍ඊ නැත්නම් එරසච ස්විච් හොඳම ඒව දාන්න ඕනෙ. ඒව විතරක් නෙවෙයි අනෙක් ඕනෙම ස්විච් එකක් වුණත් රුපියල් දෙතුන්සීයක ලාබෙ නොබලා හොඳම ඒවා දාන්න ඕනෙ. විශේෂයෙන් ටි්‍රප් ස්විච් මාසෙකට සැරයක් චෙක් කරල බලන්න ඕනෙ. දූවිලි කූඹි ගිහින් ඕවා හිර වෙනව. ඒ නිසා චෙක් කරන්නම ඕනෙ.
ඊළඟ එක අනිවාර්යයෙන් ැ්රඑය වයර් එක හොඳට පොළොවට සම්බන්ධ වෙලා තියෙන්න ඕනෙ. නිකන් උඩින් නෙවෙයි. යකඩය අඩි තුනක්වත් පොළොවට බැහැල තියෙන්න ඕනෙ. අනිත් එක කවදාවත් ඔහොම උඩින් පල්ලෙන් වයර් අදින්න හොඳ නෑ ගෙදරක. රබර් කේසින් දිරනව. සත්තු කනව. අන්තිමට දන්නෙම නෑ මිනිස්සු මැරෙනකන්. බාල බඩු නොදා හරි විදියට මාරම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනෙ දෙයක් ැකැජඑරසජසඑහ කියන්නෙ…’

ඇත්තෙන්ම යකඩ ඇඳක් සහ කරන්ට් වයරයක් එක ළඟ තිබීම කොයි තරම් අනාරක්ෂිතද? තවත් නිවසක මෙවැනි විපතක් නොවන්නට මෙය හැමෝටම පාඩමක් කරගත යුතුයි. තවත් කෙනකුගේ ජීවිතයක් හරි රැකගන්නට මේ ජීවිතය අහිමිවීම පාඩමක් කරගන්න.
නිවැසියන්ගේ නොසැලකිලිමත්කම නිසා අහිංසක දරුවෙක් ජීවිතය හැරගොස් අවසානයි. නමුත් තවත් දරුවකුට තවත් කෙනකුට මෙවන් විපතක් නොවන්නට අප සියලු දෙනා විදුලිය භාවිත කිරීමේදී දැනුවත් විය යුතුයි. සෑම දෙනාම තමන්ගේ ගෙදර ටි්‍රප් ස්විචය ගැන අවධානයෙන් සිටීම හරිම වැදගත්. තමන්ගේ නිවසේ ටි්‍රප් ස්විචය පරණ වෙලා නම් නව ටි්‍රප් ස්විචයකට මාරුකිරීමට වගබලා ගන්න.

හොඳ ටි්‍රප් ස්විචයක් තිබෙන නිවසක විදුලි කාන්දුවක් සිදුවූ වහාම විදුලිය විසන්ධි වෙනවා. ඒ නිසා යමෙකුට විදුලි සැර වැදුණත් මියයාමට තරම් වෙලාවක් නොතබා විදුලි සැපයුම ක්ෂණිකව අත්හිටුවනවා. විදුලිය කියන්නේ අපේ ජීවිතවලට අත්‍යාවශ්‍ය ශක්ති විශේෂයක්. හැබැයි එය ප්‍රවේසමෙන් භාවිත නොකළහොත් මෙවැනි ඛේදනීය ඉරණම්වලට මුහුණ දීමට සිදුවීම වැළැක්විය නොහැකියි. විදුලිය භාවිතය පිළිබඳ පාසල් අධ්‍යාපනයෙන් පවා දරුවන්ව දැනුවත් කරනවා නම් මෙවැනි විපත්වලින් බේරීමට හැකිවෙයි.

කෙනකුට විදුලි සරක් වැදුණහොත් ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳ පියවර කිහිපයක් තිබෙනවා.

  1. ප්‍රථමයෙන්ම ප්‍රධාන ටි්‍රප් ස්විචය විසන්ධි කළ යුතුයි.
  2. නැතිනම් වියළි ද්‍රව්‍යයක් ආධාරයෙන් රෝගියා ඉවතට ගත යුතුයි
  3. රෝගියා අසල දණගසා ප්‍රතිචාර විමසිය යුතුයි.
  4. එසේ ප්‍රතිචාරයක් නොමැති නම් රෝගියාගේ ශ්වසන මාර්ගය විවෘත කර ඇඟිලි දෙකක් නිකටටත් ඇඟිලි දෙකක් නළලටත් තබා ශ්වසනය පරීක්ෂා කළ යතුයි.
  5. ප්‍රතිචාර නොදක්වයි නම් හදිසි පණගැන්වීම (ක්‍ඡඍ යනු කුමන හෝ සිදුවීමකින් හෘදය අක්‍රීය වූ පුද්ගලයකුට හෘදය ක්‍රියාත්මක කිරීමට දෙනු ලබන ප්‍රථමාධාරයයි) මුවට මුව තබා හුස්ම ලබාදීම වගේම පපු ප්‍රදේශය තෙරපුමට ලක්කිරීම මගින් හුස්ම ලබාදීම කළ යුතුයි. මේ සියල්ල සිදුකළ යුතු වන්නේ රෝගියා රෝහල වෙත රැගෙන යන අතරතුරදී බව මතක තබාගන්න. අප සියලු දෙනා අපේ ආදරණීයයන් ආරක්ෂා කරගැනීමට දැනුවත්ව සිටිය යුතුයි. එසේ නොවුණහොත් අපේ හෙට දවසද මෙවැනි ඉරණමකට ගොදුරුවීම වැළැක්විය නොහැකියි.
Sri Lanka Latest News

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අනුරගේ Clean Sri Lanka සහ ලී ක්වාන් යූගේ Keep Singapore Clean සමානද? Sri Lanka Latest News

Next Post

උද්ගත වී ඇති කාලීන ප්‍රශ්න පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න විපක්ෂනායක සූදානම් වෙද්දී ඉඩ දීලා නෑ! පාර්ලිමේන්තුවේ උඩ තට්ටුවට ගිහින් විපක්ෂනායක ප්‍රශ්නය මුලු රටටම දැනුම් දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.