• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අනුරගේ Clean Sri Lanka සහ ලී ක්වාන් යූගේ Keep Singapore Clean සමානද? Sri Lanka Latest News

January 11, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
අනුරගේ Clean Sri Lanka සහ ලී ක්වාන් යූගේ Keep Singapore Clean සමානද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති ධුරයේ වැඩ භාරගෙන දින 100ක් ගතවීමත් සමග මෙම වසරේ ජනවාරි 01 වැනිදා ජනාධිපති මූලිකත්වයෙන් ආරම්භ වූ Clean Sri Lanka ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මේ වනවිට බොහෝ දෙනකුගේ අවධානය යොමුව තිබේ. (Sri Lanka Latest News)

‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ අනුව රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කර දීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩපිළිවෙළ, වරක් සිංගප්පූරුවේ හිටපු අගමැතිවරයකු වන ලී ක්වාන් යූ විසින් ක්‍රියාත්මක කරනු ලැබූ Keep Singapore Clean වැඩසටහනේ අනුකරණයක්දැයි මේ වනවිට අදහස් මතුව තිබේ. ව්‍යාපෘති දෙකම අධ්‍යයනය කිරීමේදී ඒවායේ යම් යම් සමානකම් පවතින බව නිරීක්ෂණය විය.

Keep Singapore Clean පටන් ගත්තේ කොහොම ද?

Keep Singapore Clean ව්‍යාපෘතිය නිදහස් ජාතියක් ලෙස සිංගප්පූරුවේ ආරම්භ වූ පළමු ජාතික ව්‍යාපාරයයි. නිදහස් සිංගප්පූරුවේ පළමු අගමැති ලී ක්වාන් යූගේ ප්‍රධානත්වයෙන් 1968 ඔක්තෝබර් 01 දා ඇරඹි මෙම ව්‍යාපෘතියේ අරමුණ වූයේ අවිචාරවත් කසළ බැහැර කිරීම වැනි ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කරමින් සිංගප්පූරුව කලාපයේ වඩාත්ම පිරිසිදු සහ හරිත නගරය බවට පත්කිරීමයි.

1819 සිට දෙවැනි ලෝක යුද්ධය දක්වා බි්‍රතාන්‍ය යටත් විජිතයක් වූ සිංගප්පූරුව 1942 සිට 1945 දක්වා වසර තුනේ ජපන් ආක්‍රමණයට නතුව තිබිණි.
ජනගහනය වැඩිවීමේ ප්‍රතිශත ඉහළ මට්ටමක පැවතීම, ඉහළ යන විරැකියාව එකල සිංගප්පූරුව මුහුණ දුන් ප්‍රධාන ප්‍රශ්න විය. මෙම තත්ත්වයන් යටතේ පැවැති සිංගප්පූරුව තුළ 1968ට පෙර Keep Singapore Clean වැනි ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කෙරිණි.

1958 දී Keep Your City Clean ලෙස ව්‍යාපෘතියක් ආරම්භ වූ අතර, 1959දී ද සිංගප්පූරු නගරය පිරිසිදුව තබාගැනීම අරමුණු කරගත් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක විය.

ලී ක්වාන් යූ සහ Keep Singapore Clean

ලී ක්වාන් යූ සැලකෙන්නේ නිදහස් සිංගප්පූරුවේ නිර්මාතෘවරයා ලෙසයි. 1959 දී බි්‍රතාන්‍ය පාලනයෙන් නිදහස ලැබීමෙන් පසු වසර තිස්එකක කාලයක් අගමැතිවරයා වශයෙන් සිංගප්පූරුව පාලනය කරන ලද්දේ ලී ක්වාන් යූ විසින්ය. ඔහු සිංගප්පූරුව ආසියාවේ ධනවත්ම රටවලින් එකක් බවට පත්කළද මානව හිමිකම් සංවිධාන විසින් ඔහුව විවේචනයට ලක්කරනු ලැබුවේ දේශපාලනික සහ සාමාජීය නිදහස නොතිබූ බව පවසමින්ය.

1968 අගෝස්තු මාසයේදී Keep Singapore Clean ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා සිංගප්පූරු රජය විසින් ජාතික කමිටුවක් නිවේදනය කරනු ලැබුවේය. එයට ඇතුළත් වූයේ රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා, අධ්‍යාපන අමාත්‍යංශය, සංස්කෘතික අමාත්‍යංශය, පොදු වැඩ දෙපාර්තමේන්තුව වැනි ආයතනවල නියෝජිතයන්ය.

1968 වසරේ ඔක්තෝබර් 01 වැනිදා මෙම ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ ප්‍රජා නායකයන් 1,500කට වැඩි සහභාගිත්වයකින් යුතුව සිංගප්පූරු සම්මන්ත්‍රණ ශාලාවේදීයි. මහජන සෞඛ්‍ය නීති වෙනස් කිරීම, වීදි වෙළෙන්දන්, පදික වෙළෙන්දන් මධ්‍යස්ථාන වෙත ගෙන යාම, නිසි අපද්‍රව්‍ය පද්ධති සංවර්ධනය කිරීම සහ රෝග පාලන පියවර මෙම ව්‍යාපෘතියට ඇතුළත් විය. ව්‍යාපෘතිය පිළිබඳ දැනුවත් කිරීම් පොදු ස්ථානවල සිංගප්පූරුවේ ප්‍රධාන භාෂා 4න් ප්‍රදර්ශනය කර තිබූ අතර, නිලධාරීන් විසින් පරික්ෂා කිරීම්ද සිදුකරන ලදී.

සමාජීය හැසිරීම පාලනය කිරීම සඳහා සිංගප්පූරුවේ පළමු වරට දඩ ගැසීම ආරම්භ කළේ මෙම ව්‍යාපෘතියෙන්ය. මෙම ව්‍යාපෘතියේ ආරම්භය සාර්ථක වූ නිසා වසර ගණනාවක් තිස්සේ එය ක්‍රියාත්මක වේ.

ව්‍යාපෘතියේ කැපීපෙනෙන තැන්

Keep Singapore Clean ජාතික ව්‍යාපාරය ආරම්භ කර මේ වන විට වසර 57කට ආසන්න කාලයක් ගත වී තිබේ. ඒ අතරතුර කාලයේදී සිංගප්පූරුව අග්නිදිග ආසියාවේ සංචාරක මර්මස්ථානයක් බවට පත්වී තිබෙන අතර, දැවැන්ත සේවා ආර්ථිකයකට ද හිමිකම් කියයි.

ව්‍යාපෘතියේ ආරම්භක සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ ද 2025 වසරේ දී ජිවිතයෙන් සමුගත්තේය.
මේ, එම ව්‍යාපෘතියේ කැපීපෙනෙන සංධිස්ථානයි.

● 1965 – සිංගප්පූරුව නිදහස ලැබීම
● 1968 – Keep Singapore Clean ආරම්භය
● 1971 – වාර්ෂික රුක් රෝපණ දිනයක් ආරම්භ කිරීම
● 1973 – Keep Our Water Clean ව්‍යාපෘතිය ආරම්භ කිරීම
● 1977 – සිංගප්පූරුවේ ගංගා පිරිසිදු කිරීම
● 1983 – Keep the Toilet Clean ව්‍යාපෘතිය ආරම්භ කිරීම
● 1992 – චුයිංගම් ආනයනය සහ විකිණීම තහනම් කිරීම
මෙම ව්‍යාපෘතියට සමගාමීව පසුකාලීනව පොදු උද්‍යාන පිරිසිදු කිරීම, බස් සහ බස් නැවතුම් පිරිසිදු කිරීම, කර්මාන්තශාලා පිරිසිදුව පවත්වාගෙන යාම වැනි දේවල් ද සිදුකෙරිණි.

Clean Sri Lanka සහ Keep Singapore Clean ව්‍යාපෘති දෙකෙහි සමානකම් මොනවාද?

මෙරට ජනතාවගේ යහපැවැත්ම, සංහිඳියාව සහ ප්‍රගමනය තහවුරු කිරීම තුළින් පරිවර්තනීය මුලපිරීමක් සඳහා මෙන්ම එහි සමාජීය, පාරිසරික හා ආචාරධර්මීය පිබිදීමක් ඉලක්ක කරගනිමින් ජාතික මෙහෙයුමක් දියත් කිරීම Clean Sri Lanka ව්‍යාපෘතියේ අරමුණයි.

Clean Sri Lanka සහ Keep Singapore Clean ව්‍යාපෘති දෙකෙහිම Clean යන වචනය විශේෂ කර දක්වා ඇති බව දැකිය හැකිය. මෙම ව්‍යාපෘති දෙකම පිරිසිදුකම මූලික කරගෙන ආරම්භ කර ඇති අතර, Clean Sri Lanka ව්‍යාපෘතියට සමගාමීව මේ වනවිට විවිධ පිරිසිදු කිරීමේ වැඩසටහන් ද ක්‍රියාත්මක වෙමින් පවතියි.

‘අපේ ප්‍රධාන වැඩකටයුත්ත තමයි Clean Sri Lanka ව්‍යාපෘතිය. මෙය පරිසර පද්ධතියේ පිරිසිදු කිරීම පිළිබඳ පමණක් නොවෙයි. මෙය සමස්ත ගරාවැටුණු, දිරාපත් වුණු මේ සමාජ දේහයත්, මේ අසරණභාවයට පත්වුණු මේ මාතෘභූමියත් ප්‍රතිස්ථාපනය කිරීම සඳහා සෑම අංශයකම සිදුකරන පිරිසිදු කිරීම, Clean කිරීම තමයි අපි අපේක්ෂා කරන්නේ…’ යනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක Clean Sri Lanka ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවයේදී ව්‍යාපෘතියේ අරමුණ විස්තර කළේය.

1968 ඔක්තෝබර් 01දා Keep Singapore Clean ආරම්භ කළ ආකාරයටම Clean Sri Lanka ව්‍යාපෘතිය ජනවාරි 01 දා ආරම්භ වූයේ ප්‍රජා නායකයින්, ස්වේච්ඡා නායකයන් ඇතුළු පිරිසක සහභාගිත්වයෙන්ය. සිංගප්පූරු ව්‍යාපෘතියේ සිදුකළ ආකාරයටම ශ්‍රී ලංකා ව්‍යාපෘතියේ ද මෙහෙයුම් කමිටුවක් නම්කර තිබේ.

විදී වෙළෙඳුන් ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය කටයුතු කර නැතත්, ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ වීදි වෙළෙඳුන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති බවයි. සිංගප්පූරු පිරිසිදු ව්‍යාපෘතියේද එය කොටසක් විය.

1988 දී සිංගප්පූරුවේ බස් රථ පිරිසිදුව පවත්වාගෙන යාම සහ ප්‍රමිතිගතව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණු අතර, පසුගිය ජනවාරි 02 දා පටන් වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි විශේෂ රථ වාහන මෙහෙයුමක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකාව සිංගප්පූරුවෙන් කොපි කළාද?

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ සිංගප්පූරුව පසුගිය කාලයේ දී සැලකිය යුතු අන්දමින් සාකච්ඡා විය.

ඒ 2019 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවේ ලී ක්වාන් යූ වැනි නායකයකු යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ එවක කළ ප්‍රකාශයක් ද සමගයි.

සෑම කාලයකම පාහේ ශ්‍රී ලංකාව දියුණු කිරීමේ දේශපාලනඥයන්ගේ පොරොන්දුවක් වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් බවට පත්කරනවා යන්නයි.
සිංගප්පූරුවේ 1968 ආරම්භ වූ ව්‍යාපෘතියේ සහ ශ්‍රී ලංකාවේ දැන් ආරම්භව තිබෙන ව්‍යාපෘතියේ යම් යම් සමානකම් ඇති බවක් නිරීක්ෂණය කළ හැකි නමුත් එය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ තවදුරටත් ගැඹුරින් නිරීක්ෂණය කළ යුතුය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

තිස්තුන් කෝටියක් දෙවියන් ගැන වාද විවාද අස්සේ පාර්ලිමේන්තුවේ මහ රෑ මහා යාගයක් කරලා! සමහර පුටුවලට දෙහි ගෙඩි 4, 5 කැපුවා! දෙහි කැපීම නතර කළේ පාන්දර 3ට! සභාගැබේ යාගය ඉවර වුණේ පාන්දර 5ට! කට්ටඬියා ආවේ රෑ 7ට! කතානායක ආසනයටයි ආසන 225ටමයි දෙහි කැපුවා! Sri Lanka Latest News

Next Post

”ආදරණීය දෝණි – තුඹ ගසක් බිඳී ගිය – නැවති අද අප නිවස – අඳුරු වූ ලෝකයක – නිවුණු පහනක ලකුණු” අලුත් අවුරුද්දේ ජීවිතයක් බිලිගත් විදුලි මාරයා! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.