ජනාධිපතිවරණයෙන් පසුව පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකරන ආකාරය සම්බන්ධයෙන් ජාතිකජන බලවේගයේ සමාජිකයෙක් යැයි කියන පුද්ගලයෙක් සිදුකරන ප්‍රකාශයක් පිළිබඳව කොළඹ දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ මධ්‍යස්ථානය විසින් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
මෙම වීඩියෝව දින කිහිපයක සිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වෙමින් තිබේ.
ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත්වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.
ජාතික ජන බලවේගයේ පක්ෂ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ ” අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා” යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරීම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක් සිදුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසත් එහි සදහන්ව තිබේ.
මෙන්න පැමිණිල්ල!










