අද උදෑසන කොළඹ සිට මොණරාගල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් ගොඩකවෙල ගලහිටිය ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 13 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.Sri Lanka Latest News
බස් රථයේ ගමන් කළ 13 දෙනෙකු තුවාල ලබා කහවත්ත මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
රියදුරාට නින්ද යාම හේතුවෙන් බස් රථය ඔහුගේ පාලනයෙන් ගිලිහී ගොස් අනතුරට ලක්ව ඇති බවටයි හෙළිවී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.










