• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු දහස් ගණනකගෙ ජීවිත අහිමි වෙද්දිත් හීනයක් වුණ ඩොප්ලර් රේඩාර් පද්ධතිය! Sri Lanka Latest News

June 8, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

නායයෑම්, කඳු කඩාවැටීම්, ගංවතුර ඇතුළු ආපදා රාශියක් එක පිට එක සිදුවෙමින් තිබෙන මොහොතකයි මම මේ ලිපිය ලියන්නේ. වෙනදා නම් මේ වගේ වෙලාවට අපි ලියන්නේ ආපදාව ගැන. ඒත් රවාගෙන ඉන්න අහසට බැණ බැණ ඉඳලා ඒ කතන්දරේ ඉවර නොවන බව දන්න නිසා දැන් මහ වැස්ස අරගෙන ගිහිල්ලා හංගගත්ත මිනිස්සුන්ගේ ජීවිත ගැන ලියනවා වෙනුවට, මහ වැස්සට ගහගෙන නොගිය මිනිස්සුන්ගේ ජීවිත පරිස්සම් කිරීමේ වගකීම වෙනුවෙන් මේ ලිපිය ලියන්න තීරණය කළා. මම දන්නවා මේ වෙද්දී පස් කඳු යට හැංගිච්ච පුංචි පැටවුන්ගේ කතන්දර, මහ ගංවතුරේ දියවෙච්ච පුංචි හීනවල කතන්දර ගොඩක්. මේ පත්තර පිටුවලට ගැළපෙන්න රස කරලා, දුක සතුට වේදනාව කළවම් කරලා ඔබ වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව මට තියෙනවා. ඕනේ නම් ඔබව කාලයක් හඬවන්න පුළුවන් විදියේ කතන්දර ගොඩක් මගේ ළඟ තියෙනවා. ඒත් මම මේ වෙලාවේ තීරණය කළා ඒ කිසිවක් නොලියා ඒ කතාවේ අග මුල විතරක් ඔබට කියන්න. ඒකට හේතුව පත්තරකාරයෙක් විදියට මම මගේ වගකීම මීට අවුරුදු ගානකට කලින් ඉෂ්ට කළා නම් සමහර විට ඒ දරු පැටව් මේ ලියන මොහොත වෙද්දීත් සතුටින්, සැනසීමෙන් ජීවත් වෙයි කියන දැනෙන පවුකාර සිතුවිල්ල හිතේ දරාගෙනයි මම මේ ලිපිය ලියන්නේ. ඒකට හේතුව අපි තවමත් ආපදාවලදී පෙර සූදානම් වීමේ හැකියාවක් නැති හරියට ගල් යුගයේ ජීවත් වෙන මිනිස්සු වගේ අනාවැකි කියන හරිම ගොං ජාතියක් බව මේ මොහොතේ හිතන කොට ඒ තත්ත්වෙට රට ඇදලා දාන්න මමත් හවුල්ද කියලා වේදනාවක්, හිත් තැවුලක් ඇතිවෙනවා. එතකොට මේ වැඩේට කෙළින්ම හවුල් වෙච්ච මිනිස්සු මිනීමරුවෝ විදියට සලකන්න ඔබට පුළුවන්. ඒ වගේම ඒ මිනිස්සුන්ට මේ ලිපිය හෝ වෙනත් ලිපියක් කියවන මොහොතක මේ දරු පවුල් මරාදැමීමේ ශාපය නුඹට වදින බව හිතනවා ඇති යැයි මා විශ්වාස කරනවා. ඉන් ඔබට ගැළවිය හැකි යැයි මා හිතන්නේ නැහැ. (Sri Lanka Latest News)

ලංකාවේ ආපදා සම්බන්ධයෙන් පෙර දැනගැනීම සඳහා භාවිත කරන විවිධාකාරයේ ක්‍රමවේද තියෙනවා. ඒවා සියල්ලක්ම අසාර්ථක බව කාලගුණ විද්‍යා හා වෙනත් අංශ විසින් කියන අනාවැකිවලදී අපිට සක් සුදක් සේ පැහැදිලි වෙනවා. වහින දවසට ඔවුන් නොවහිනවා කියන්නත්, නොවහින දවසට ඔවුන් වහිනවා කියන්නත් පුරුදු වෙලා තියෙන්නේ අපි ගාව තියෙන තාක්ෂණයේ දුර්වලකම නිසා බවයි අප විශ්වාස කරන්නේ. ඇතැම් විට ඒ තර්කය නිවැරැදි නොවන්න පුළුවන්. නමුත් ඒ තර්කය 100%ක් නැතත් 99%ක් නිවැරැදි බව අපි දන්නවා.

මේ වගේ අවස්ථාවල් පෙර දැනගැනීම සඳහා ලෝකයේ භාවිත කරන ඉතා දියුණු ක්‍රමවේදයක් විදියට සලකන්නේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය. අපට ක්‍රියාත්මක මට්ටමේ තියෙන ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මේ වෙද්දී නැහැ. හැබැයි ඔබ දන්නවද, 2007 අවුරුද්දේ හෝ ඊට ආසන්න කාලයේදී රුපියල් කෝටි 320කට ආසන්න මුදලකට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් අපි මිලදී ගත් බව? මේ විදියට ඩොප්ලර් රේඩාර් පද්ධතියක් මිලදී ගෙන එම පද්ධතිය සවිකරන්නට ගොන්ගල කියන කඳුවැටියේ ස්ථානයක් සුදුසු බව තීරණය කරලා, අදාළ උපකරණ සවිකිරීම සඳහා කුලුනක් හදලා, ඒ කුලුන ගාවට මේ උපකරණ රැගෙන යෑමට පාරක් හදලා, ඒ සඳහා දොඹකර කුලියට අරගෙන විශාල වැඩ ගොඩක් ලංකාවේ කළා. මේ ඔක්කොම රජය වියදම් කළේ මහජනතාවගේ සල්ලි. මේ කුලුන හැදීමේ කොන්ත්‍රාත්තුව පිළිබඳවත් ප්‍රශ්න ගොඩක් සිදුවෙච්ච බව අපි අහලා තියෙනවා. ඩොප්ලර් රේඩාර් පද්ධතිය ලංකාවට ගෙනල්ලා අදාළ කුලුනේ වැඩ නිමකරන්න නිසි කාලයේදී බැරිවුණු බව තමයි අපි අසා තිබෙන කාරණාව. මේ කුලුන හදන්න අවුරුද්දක විතර කාලයක් ගතවුණු බවත්, එම කාලය තුළදී විශාල මුදලක් දීලා ගෙනාපු රේඩාර් පද්ධතිය කොරිඩෝවක තෙමෙන්න ඔහේ දාලා තිබුණාය කියන එකත් අපි අහලා තියෙන කතාවක්. මේවා අපි එහෙන් මෙහෙන් වටින් පිටින් හොයාගත්ත කරුණු නිසා ඒවා බොරු නම්, ඒවා එහෙම නැත්නම් අපිට කියන්න, අපි ඒවත් අපේ පත්තරේ පළකරන්නම්.

මේ කුලුන හදලා ඉවර කරලා රේඩාර් පද්ධතියට අදාළ උපකරණ ඉහළට උස්සන්න ගෙනාපු දොඹකරය බිමට පෙරලුණා කියලත් අපි අහලා තියෙනවා. දොඹකරය පෙරලුණාට පස්සේ උඩට උස්සපු රේඩාර් පද්ධතිය කෑලිවලට කැඩුණා කියලත් කියනවා. දොඹකරයේ ක්‍රියාකරුටත් බරපතළ තුවාල සිදුවූ බව කියනවා. නමුත් රේඩාර් පද්ධතියට අදාළ උපකරණවල කොටස් ටික අරගෙන මුර කුටියකට දාලා වැහුවා කියලා අන්තර්ජාලයේ පළවෙලා තිබුණු ඇතැම් ලිපිවල අපි දැක්කා.

මේ විදියට ගත්ත රේඩාර් පද්ධතියේ කොටස් ටික පසුව අදාළ තැනක කාමරයකට දාලා වහලා එතැනට මුරකරුවෙක් යොදවනවා. ඒ මුරකරුවාට වැටුප් ගෙවලා තියෙන්නේ කොන්ත්‍රාත් පදනම මත. එක්තරා ආයතනයකින්. හැබැයි මේ ප්‍රශ්නය අතරතුරේදී කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ‘මේ කුලුන අපට එපා’ කියලා කිවූ බවත් අන්තර්ජාලයේ සඳහන් වෙලා තියෙනවා. කොහෙම නමුත් මේ වෙලාවේ මුරකරුවාට වැටුප් ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනවා. මුරකරුවා ඩොප්ලර් රේඩාර් පද්ධතිය පැත්තකට දාලා ගෙදර යනවා. ඔහු ගෙදර ගියාට පස්සේ රුපියල් කෝටි 320ක් මිල වෙච්ච රේඩාර් පද්ධතියේ කොටස් ටික හොරු ඇවිල්ලා ගලවාගෙන යනවා. ඒ වෙනකොට මේ වෙනුවෙන් ලංකාවේ අවම වශයෙන් රුපියල් මිලියන 500ක් විතර වැයකරලා තිබුණු බව අන්තර්ජාලයේ සඳහන් වෙලා තිබුණු ලිපියක තිබුණා. ඒ ලිපිය පළවෙලා තිබුණේ praja.lk කියන වෙබ් අඩවියේ. එහි රචකයෙක්ගේ නමක් සඳහන් වෙලා තිබුණේ නැහැ. හැබැයි Admin කියලයි සඳහන් වෙලා තිබුණේ. මේ කතන්දරේ අපි හොයාගත්තේ එතැනින්. කොහොම නමුත් මේ ඩොප්ලර් රේඩාර් පද්ධතියට රුපියල් මිලියන 500ක විතර මුදලක් වැයකරලා තිබෙන බව අපට පසුකාලීනව දැනගන්න ලැබුණා.

මේ උපකරණයේ සමහර කෑලි හොරු අරගෙන ගිය නිසා සහ විනාශ වෙලා ගිය නිසා එය අලුත්වැඩියා කරනවාට වඩා අලුතෙන් උපකරණයක් මිලදී ගන්න එක ලාභයි කියලා ඔන්න දැන් අලුතෙන් මේ අය ලෑස්ති වෙනවාලු ඩොප්ලර් රේඩාර් පද්ධතියට අලුත් වැඩක් කරන්න. මේ විදියට ඩොප්ලර් රේඩාර් පද්ධතියක අවශ්‍යතාව ගැන දිගින් දිගටම රට ඇතුළේ කතාබහට ලක්වෙලා දැන් ඩොප්ලර් රේඩාර් පද්ධතියක අවශ්‍යතාව ගැන තමයි කතාබහ කෙරෙන්නේ. දැන් ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ලංකාවට ගේනකොට ඒකට උදව් වෙන්න මැති ඇමැතිවරු රට යනවා, නිලධාරීන්ට වරප්‍රසාද ලැබෙනවා වගේ ගොඩක් තියෙනවා. මේ වියදම් වෙච්ච බිලියන ගානක මුදල් සියල්ලම අපි හොඳාකාරවම දන්නවා මේවා අදාළ කටයුත්ත සඳහා වියදම් කරපුවා නෙවෙයි, එක එකා තැන් තැන්වලින් ගසාකාපු සල්ලි. ඉතින් ඩොප්ලර් රේඩාර් පද්ධතිය සහ ගංවතුර සම්බන්ධව තියෙන කතන්දරයේ යථාර්ථය ඕක තමයි. කොහොම නමුත් මේ වෙනකොට මේ අවශ්‍යතාව නෑ කියලා කියන්න බෑ අපිට. හැබැයි ඒ අවශ්‍යතාව සඳහා රුපියල් බිලියන ගණන් වියදම් කරනවාට වඩා වෙනත් සාර්ථක වැඩපිළිවෙළක් දියත් කළා නම් හොඳයි කියලත් අපට හිතෙනවා.

ඩොප්ලර් රේඩාර් පද්ධතිය ගැන කතාකරනකොට පහුගිය කාලේ අපට දැනගන්න ලැබුණා ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් පිහිටුවන්න අපට විවිධ කණ්ඩායම්වලින් උපකාර ලැබිලා තියෙන බව. පුත්තලම සහ පොතුවිල් කාලගුණ මධ්‍යස්ථානවල තමයි මේ ඩොප්ලර් රේඩාර් පද්ධති දෙක පිහිටුවන්න කටයුතු කරලා තිබුණේ. ජෙයිකා ආයතනය විසින් ජපන් යෙන් මිලියන 2,503ක ප්‍රදානයක් 2017 ජුනි 30 වැනිදා ලබාදිලා තියෙන බවත්, ඒ සඳහා ගිවිසුම් අස්සන් කළ බවත් පහුගිය දවසක මාධ්‍ය වාර්තා කරලා තිබුණා. 2022 සැප්තැම්බර් 22 වැනිදා ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 513.78ක ප්‍රතිපාදන වෙන්කර, වියදම රුපියල් 3,60,161ක් පමණ වූ බවත් සඳහන් වෙනවා. නමුත් මේ කිසිවක් නිසි ආකාරව ක්‍රියාත්මක වෙලා නැති බවයි තේරෙන්නේ. රේඩාර් පද්ධති දෙක හෝ අදාළ උපකරණය හෝ තවමත් අපි නිසි ආකාරව සවිකරගෙන නැහැ. ඒ නිසා මේ හැම කාරණාවකින්ම අපට පැහැදිලි වෙන දේ තමයි 2006 වර්ෂයේදී අයවැය යෝජනාවලින් සම්මත වුණු, නැත්නම් යෝජනා වුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය තවමත් අපිට සිහිනයක් බවට පත්වෙලා තියෙන බව. ඉතින් ඒ සම්බන්ධව බොහෝ අය කතාබහ කරනවා. විශාල මුදලක් මේ සඳහා මේ වෙනකොට වියදම් කරලා තියෙනවා. ඇත්තටම රාජ්‍ය නිලධාරීන්ටත් ඒ සඳහා මුදල් රජයෙන් යොදවලා තියෙන බව අපි දන්නවා. ඒ සම්බන්ධව බොහෝ කරුණු කාරණා අපි සතුයි. නමුත් අපිට කියන්න තියෙන්නේ තාමත් මේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය නම් අපිට ලැබිලා නෑ කියලා. අවශ්‍ය නම් අපි ලබන සතියේත් මේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය පිළිබඳ ඔබට තව දැනගන්න තියෙනවා නම් අපිට යම් යම් නිලධාරීන් විසින් පැහැදිලි කරනවා නම්, එහෙම දෙයක් නෑ කියනවා නම්, ඩොප්ලර් රේඩාර් පද්ධතියක අවශ්‍යතාව රටේ තිබුණේ නෑ, නැත්නම් ඒවායින් මිල මුදල් එහෙට මෙහෙට ගිහිල්ලා නෑ කියලා කියනවා නම් අපි ලෑස්තියි තවදුරටත් මේ ඩොප්ලර් රේඩාර් පද්ධතිය ගැන ඔබට කියන්න.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නීති වෙනස් කරන්න ඕන රටටම අවශ්‍ය විදිහට මිස වික්‍රමසිංහලාට-විජේසේකරලාට ඕන විදිහට නෙමෙයි! අනුප්‍රාප්තික ආණ්ඩුවකට මේ විදිහට නීති හදන්න බෑ! මේ කරන්න හදන්නේ මුලු දේශපාලනයම බුල්ඩෝසර් කිරීමක්! මේ පනතෙන් රට ඇතුළේ කුණාටුවක් ඇතිවෙන්න පුලුවන්! විදුලි පනතේ ඇති අවුල් සියල්ල මහාචාර්ය චරිත හේරත් විනාඩි හතෙන් පාර්ලිමේන්තුවට කියයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගාමිණීට කරපු දේ සජිත්ට කරන්නද යන්නේ? I Sri Lanka Latest News

MORE NEWS

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.