ඩෙංගු රෝගය මර්දනය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ පුද්ගලයන් කොට්ඨාසයක් බඳවා ගත්තත් ඔවුන්ගේ රැකියා මේ වන විටත් ස්ථීර කර නොමැති බැවින් ඔවුන්ට හැකි ඉක්මනින් ස්ථිර පත්වීම් ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (20) පාර්ලිමේන්තුවේ දී පැවසීය. Sri Lanka Latest News
මේ මොහොත වන විට රටේ ඩෙංගු රෝගය ඉස්මතු වී ඇති බැවින් මේ තත්ත්වය පාලනය කිරීමට දිරිගැන්වීමක් වශයෙන් ඔවුන්ගේ පත්වීම් ස්ථීර කර දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේය.
එම ගැටලුව පිළිබඳව ඩෙංගු මර්දන නිලධාරීන් මීට පෙර විපක්ෂ නායක කාර්යාලයේ දී විපක්ෂ නායකතුමා හමුවී තමන්ගේ ගැටළුව දැනුවත් කරනු ලැබීය.










