ජාතික ජන බල වේගයට බලය හිමි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද 03කින් පරාජය වී තිබෙනවා.Sri Lanka Latest News
ඒ අනූව අයවැයට විපක්ෂව විපක්ෂය නියෝජනය කරන සභිකයින් 08 දෙනෙකු ඡන්දය භාවිතා කළා.
මේ අතර විපක්ෂයේ සභිකයින් 03 දෙනෙකු අද දිනයේ සභාවට නොපැමිණි බවයි සඳහන්.
මෙහිදී ජාතික ජන බලවේගයේ සභාපතිවරයා සභිකයින් 04 දෙනා පක්ෂව ඡන්දය ලබාදී තිබෙනවා.
සොරණාතොට ප්‍රාදේශීය සභාවේ විපක්ෂයට සභික ධූර 10ක් හා ජාතික ජන බල වේගයේ සභිකයින් 05 දෙනෙක් සමන්විතයි.
නමුත්, සභාපතිවරයා තේරීමේදී විපක්ෂ දෙදෙනෙක් ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාට පක්ෂව ඡන්ද භාවිත කර තිබුණා.
ඒ හේතුවෙනුයි සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ජාතික ජන බල වේගයෙන් පත්ව ඇත්තේ.










