දික්වැල්ල පොලිසිය මඟින් කේරළ ගංජා ළඟ තබාගැනීමේ වරදට පසුගියදා අත්අඩංගුවට ගත් තම සැමියා සහ මත්ද්‍රව්‍ය වරදකට රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින තම මාමා (තම මවගේ සහෝදරයා) බන්ධනාගාරගත කිරීම තවදුරටත් දීර්ඝ කිරීම සඳහා 2023-08-28 දින කොටවිල, මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අතර, මෙම අවස්ථාවේදී තම මාමාට ලබාදීමේ අපේක්ෂාවෙන්, මෙම කාන්තාව විසින් තම අත්බෑගයේ රහස් පතුලක මුව ආලේපන බහාලන ඩප්පියක සඟවාගෙන රැගෙන විත් තිබූ හෙරොයින් පැකට් දෙකක්, ලද තොරතුරක් මත මෙම කාන්තාව පරීක්ෂා කිරීමේදී හමුවී ඇත. (Sri Lanka Latest News)
මිලිග්‍රෑම් එක්දහස් පන්සීයක් පමණ වූ මෙම හෙරොයින් සමඟ කොටවිල, මාතර මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී අත්අඩංගුවට ගත් කාන්තාව විසි දෙහැවිරිදි වියේ පසු වේ.
මෙම වැටලීම කොටවිල පොලිසියේ අපරාධ අංශයේ වැඩ බලන ස්ථානාධිපති අනුර හේවාපතිරණ, උප පොලිස් පරීක්ෂක එම්. ජයරත්න, පොලිස් කොස්තාපල් (33698) එන්. රණසිංහ, පොලිස් කොස්තාපල් (29822) ආර්. සමරතුංග, පොලිස් කොස්තාපල් (82428) කේ. සුගීෂ්වර, යන මහත්වරු විසින් සිදුකර ඇත.
dinamina