පාර්ලිමේන්තු වරප්‍රසාදවලට ආවරණය වී ක්‍රීඩා අමාත්‍යවරයා නිවැරදි නොවන, නොමඟ යවන සුලු චෝදනා එල්ල කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.Sri Lanka Latest News
එම නිවේදනයේ දැක්වෙන්නේ, ලබන වසරේ දී මෙරට පැවැත්වීමට නියමිත යොවුන් ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ලබාදීම අරමුණ බවයි.
එම තරගාවලිය 2024 ජනවාරි මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බව ඒ සම්බන්ධයෙන් තමන් මේ දිනවල කැප වී කටයුතු කරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.
විශේෂයෙන් මේ දිනවල දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය සවි කිරීම සහ එහි අනෙකුත් පහසුකම් වැඩිදියුණු කිරීම 2023 ආසියානු කුසලාන තරගාවලියට සාපේක්ෂ ව ආරම්භ කළ බවත් ආනයන සම්බාධක හේතුවෙන් එහි කටයුතු අපේක්ෂා කළ පරිදි නිම කිරීමට නොහැකි වූ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.
එබැවින් එම ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක පද්ධතිය නැවත ස්ථාපනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් බිලියන 1.5ක් වියදම් කර ඇති බවට යෝජනා කළහොත් එය සත්‍ය නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනය පහතින්,