කොවිඩ් වෛරසයෙන් ආරක්ෂාවීම සදහා ලබා දුන් ෆයිසර්, මොඩර්නා සහ ඇස්ට්‍රසෙනෙකා යන එන්නත්වල අතුරු ආබාධ පිළිබදව සිදුකර තිබෙන සොයා බැලීමක දී, මෙම එන්නත් ලබා ගත් පුද්ගලයන් තුළ, විවිධාකාර වූ සෞඛ්‍යමය තත්ත්වයන් 13 ක් උග්‍ර කර ඇති බව තහවුරු වී තිබේ.Sri Lanka Latest News
අදාල එන්නත් විසින් ඇති කරන අතුරු ආබාධ පිළිබදව මෙම අධ්‍යයනය සිදුකර තිබෙන්නේ Global Vaccine Data Network (GVDN) නමැති ආයතනයයි.
අධ්‍යයනයේ දී ලොව විවිධ කලාපවල, එන්නත්කරණයට ලක් වූ මිලියන සියයක පමණ පිරිසක් පිළිබදව අවධානය යොමු කර තිබේ.
Vaccine නමැති ප්‍රකාශනයෙ මෙම අධ්‍යයනය පිළිබදව වාර්තා කර තිබෙන අතර, එම වාර්තාවට අනුව, කොවිඩ් එන්නත සහ ඇතැම් සෞඛ්‍යමය තත්ත්වයන් [medical conditions] අතර සම්බන්ධයක් ඇති බව අනාවරණය වී තිබේ.
එන්නත් ලබාගත් පුද්ගලයන් අතර, ස්නායු, රුධිර සහ හෘදය ආශ්‍රිත ගැටළුවල සුළු වැඩිවීමක් දක්නට ලැබේ.
විශේෂයෙන්ම, මොඩර්නා නමැති එන්නත ලබාගත් පුද්ගලයන් තුළ හෘද පේෂිවල දැවිල්ලක් මතු කරන, myocarditis නමැති තත්ත්වය ඇති වීමේ වැඩි අවදානමක් ඇති බව තහවුරු වී තිබේ.
ඊට අමතරව, මොළයේ රුධිරය කැටි ගැසීම සහ ස්නායු ආබාධයක් වන නමැති තත්ත්වයද එන්නත සමග සම්බන්ධ බව සොයාගෙන තිබේ.
කොදු ඇටපෙලේ දැවිල්ල මෙන්ම මොළයේ සහ කොදු ඇට පෙලේ ඉදිමුම ද මොඩර්නා එන්නත ලබා ගත් පුද්ගලයන්ගෙන් ප්‍රදර්ශනය වී තිබෙන සෞඛ්‍ය තත්ත්වයක් බව හදුනාගෙන තිබේ.
කෙසේ වෙතත්, කොවිඩ් ආසාදනය වීමෙන් ඇති වන අවදානම හා ඉහත කී සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබදව තුලනාත්මකව සොයා බැලීමේ දී, එන්නත ලබා ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ ඉහළ අගයක පවතින බව මෙම අධ්‍යයනය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා ඇති තවත් විශේෂඥයන් පිරිසක් පවසයි.