පොලිස්පති ධූරය හිස්වී මේ වනවිට දින 3ක් ගතවී තිබුණද තවමත් පොලිස්පතිවරයකු හෝ වැඩබලන පොලිස්පතිවරයකු පත් කොට නොතිබීම සම්බන්ධයෙන් මේ වනවිට රට තුළ බරපතළ කතාබහක් මතුව තිබේ. Sri Lanka Latest News
පොලිස්පති ධූරයේ රාජකාරී කළ සීඩී වික්‍රමරත්න මහතා වෙත ලබා දී තිබූ මාස 3ක සේවා දිගුව පසුගිය 26 වැනිදා අවසන් වී තිබිණ.
ඒ අනුව 26 වැනි දින සිට මේ දක්වා දින 3ක් ගෙවී ගොස් තිබුණද තවමත් පොලිස්පති ධූරය සදහා අනුප්‍රාප්තිකයකු හෝ වැඩබලන අයකු පත් කොට නැත.