බොරැල්ල පොලිස් වසමේ අංක 63/17 මැගසින් පාර, බොරැල්ල යන ලිපිනයේ පදිංචි, කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනාගත් පුද්ගලයෙකු නිවසින් පළා ගොස් ඇතැයි පොලිසිය පවසයි.
සංගීත් ධනුෂ්ක දාබරේ නැමති 28 හැවිරිදි අදාළ පුද්ගලයා, මැයි 26 වන දින සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයකින් ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබේ.
ඒ අනුව, ඊයේ (මැයි 28) දින බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්, සෞඛ්‍ය අංශ නිලධාරීන් සමග එම පුද්ගලයා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යොමු කිරීම සඳහා ඔහුගේ නිවසට යන විට නිවැසියන්ට ද නොදන්නවා ඔහු නිවසින් පිටව ගොස් ඇතැයි පොලිසිය පවසයි.
ඔහු පිළිබඳ යම් තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහ ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ස්ථානාධිපති බොරැල්ල – 071 8 591 587
පොලිස් ස්ථානය බොරැල්ල – 011 2 694 019










