කොළඹ මහ නගර සභාවේ පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන බදාදා (31දා) පැවැත්වීමට නියමිතව තිබේ.Sri Lanka Latest News
නගරාධිපතිනි වායි කැලී බල්තසාර් මහත්මිය විසින් පසුගිය 18 වැනිදා කොළඹ මහනගර සභාවේ 2026 වර්ෂයට අදාළ අයවැය ලේඛනය සභාවට ඉදිරිපත් කරනු ලැබීය.
එදින රාත්‍රී 10.00ට පමණ ඡන්ද විමසීම සිදුව තිබේ .
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 57 ක් ද, විපක්ෂව ඡන්ද 60 ක් ද ලැබී තිබුණි.
ඒ අනුව වැඩි ඡන්ද 03කින් අයවැය පරාජයට පත්විය.
තවද පරාජයට පත්වූ අයවැය සඳහා දෙවැනි වර ඡන්ද විමසීම ලබන 31 වැනිදා පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතව ඇත.










