ගල්අඟුරු වංචාව ගැන දැන් බොහෝ දෙනෙක් බොහෝ කතා කියනවා. සමහරු උත්සාහ කළා ගල්අඟුරු වංචාව සිද්ධ වුණේ නෑ කියලා කියන්න. ඒත් අවාසනාවකට දැන් එහෙම ගල්අඟුරු වංචාවක් සිද්ධ වුණේ නෑ කියලා කියන්න පුළුවන් ජගතෙක් නෑ. දැන් බොහෝ අය උත්සාහ කරන්නේ ගල්අඟුරු වංචාවක් වුණා, වුණාට ඉස්සරත් වුණා, කලිනුත් වුණා, ඒ කාලෙත් කරලා කියලා කියන්න. අපි දන්නවා ඒ කාලේ කළා කියලා. මහින්ද රාජපක්ෂලාගේ ආණ්ඩුවෙන් හොරකම් කළා කියලා අපි දන්නවා. හොරු හිටපු නිසයි හොරකම් කරන්නේ නෑ කියලා කියන අයට මේ පාලනය භාර දුන්නේ. දැන් ඊට පස්සේ ඒගොල්ලොත් හොරකම් කළා, මේගොල්ලොත් හොරකම් කළා, අරගොල්ලොත් හොරකම් කළා කියලා ඇඟ බේරගන්න හදනවා නම් ඒක මේ පාලන ක්‍රමය යටතේ අපි බලාපොරොත්තු වුණු දේශපාලනය නෙමෙයි. මේ දේශපාලනය ඇතුළේ අපි බලාපොරොත්තු වුණේ යළි ගල්අඟුරු වංචා සිද්ධ නොවන පාලනයක්.Sri Lanka Latest News
ගල්අඟුරු වංචාව සිද්ධ වුණාට පස්සේ ගල්අඟුරු වෙනුවට ඩීසල්වලින් කරන්ට් එක හදන්න පුළුවන් කියලා කියන්න හදනවා නම් ඒක තමයි අපි දකින බරපතළම ප්‍රශ්නය. එවැනි දේවල් රට ඇතුළේ සිද්ධ නොවිය යුතුයි. ගල්අඟුරු වංචාව සම්බන්ධයෙන් අපේ රටේ ප්‍රධාන ධාරාවේ ඉන්න දේශපාලනයට සම්බන්ධ කිහිපදෙනෙක් කියපු කතා අපි මේත් සමග පළ කරනවා. ඒගොල්ලෝ වෙනදා ආණ්ඩුවෙන් යම්කිසි වංචාවක් සිද්ධ වුණා නම් ඒ වංචාව සම්බන්ධව බොහෝ දේවල් කියලා ඒවා බේරගන්න උත්සාහ කරපු අය හිටියා. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ උත්සාහ කළේ නෑ එහෙම දෙයක් වුණේ නෑ කියලා කියන්න. ඒත් අවාසනාවකට හෝ වාසනාවකට දැන් ඒගොල්ලෝ එහෙම කියන්නේ නෑ. ඒගොල්ලෝ කියන්නේ මෙවැනි කතා. මේ ඔබ දකින්නේ මේත් සමග පළවෙන්නේ අලුත් අය ඒ සම්බන්ධව කියන කතන්දර ටිකක්.
රට ඇතුළේ දැන් හඬ පටයක් එහේ මෙහේ යනවා. ඒ හඬ පටයෙ ඔහු කියනවා නෑ කියනවා, ඒක සත්‍ය කියනවා, අසත්‍ය කියනවා. ඒ සම්බන්ධව විවිධ අය මත පළකරනවා. දැන් අපි දන්නවා ගල්අඟුරු සම්බන්ධව දැන් කාර්යාලයට සීල් තියලා ඉවරයි. දැන් මේ කතාව තවදුරටත් ඉස්සරහට කරගෙන යන්න බැරි තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. ඒ වගේම මේ බාල ගල්අඟුරු සම්බන්ධයෙන් දැන් ටික දවසකින් මේ ආණ්ඩුවටත් කරකියා ගන්න දෙයක් නැති කටඋත්තර නැති තත්ත්වයකට පත්වෙමින් යනවා. ඒ නිසාවෙන්ම අපි බලමු ලංකාවේ ආණ්ඩුව ගේන්න උත්සාහ කරපු ප්‍රධාන ධාරාවේ කිහිප දෙනෙක් මොනවාද මේ ගල්අඟුරු වංචාව ගැන කියන්නේ කියලා. ඒගොල්ලෝ කියනවා නම් එහෙම දෙයක් වෙලා නෑ කියලා, අපි එකඟයි අපි පිළිගන්නම්. හැබැයි ඒගොල්ලෝ කියනවා නම් එහෙම දෙයක් වෙලා කියලා, අපිට දැන් නම් එකඟ වෙන්න බෑ. මොකද ඒකට හේතුව මේ වෙලාවේ රට ඇතුළේ ගල්අඟුරු වංචාවෙන් ඇතිවෙන පීඩා ඇතිවෙන ප්‍රශ්න පැහැදිලිව පෙනෙමින් තියෙන වග අපට දැනෙනවා.

ජීවන පහන් තිළිණ










