• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සංචාරය කරන්න – විනාශ නොකරන්න! කැලෑ කොලමේ අවුරුදු පැතුම! Sri Lanka Latest News

April 18, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
සංචාරය කරන්න – විනාශ නොකරන්න! කැලෑ කොලමේ අවුරුදු පැතුම! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පරිසරය, සංස්කෘතිය හා සිංහල දෙමළ අලුත් අවුරුද්ද කියන්නේ ගහට පොත්ත වගේ බැඳිලා තියෙන දෙයක්. සිංහල දෙමළ අලුත් අවුරුද්ද බැඳිලා තියෙන්නේ පාරිසරික සාධක එක්ක. ඒක චිරාත් කාලයක් තිස්සේ පැවැතගෙන එන දෙයක්. ලෝකයේ විවිධ රටවල විවිධාකාර සංස්කෘතික උත්සව අටෝරාශියක් තිබුණත්, පරිසරය හා බැඳුණු සාධක එක්ක අතීතයේ ඉඳන් වර්තමානය වන තෙක් මේ මහා සංස්කෘතික උත්සවය පැවැතීගෙන එනවා. ඒක තමයි සිංහල හින්දු අලුත් අවුරුද්ද.Sri Lanka Latest News

ගොවිතැන ජීවිකාව කරගත්ත අපේ පුරාතන ගොවි ජනතාව තමන්ගේ අස්වැන්න නෙළාගෙන, අටුකොටු පුරවාගෙන, බත බුලතින් සරු කරගෙන, සූර්යයා මුල් කරගෙන උත්සවශ්‍රීයෙන් සමරන සංස්කෘතික උත්සවය මෙරට ජන ජීවිතය හා ඇලීගැලී පවතින්නක්. වර්තමානය වනවිට එකී සංස්කෘතික උත්සවය විවිධ වෙනස්කම්වලට භාජනය වෙමින් තිබුණත් එහි මූලික හර පද්ධතිය තවමත් නොනැසී පැවතීම අගය කළ යුතු දෙයක්. සමහර සංස්කෘතික විරෝධීන් එක එක උප්පරවැට්ටි දැම්මත් ඒ මහා සංස්කෘතිය බිඳදැමීම ලේසි පහසු කාර්යයක් නොවෙයි.

කුටුම්භයට මුල් තැන දෙමින් ආරම්භ වෙන ඒ මහා සංස්කෘතික මංගල්‍යය මුළු රටම එකම වෙලාවකට එහෙම නැත්නම් එකම නැකතකට වැඩකිරීම අපේ රටේ හැර ලෝකයේ වෙන කොහේවත් නැති චාරිත්‍රයක්. සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට ගමන් කිරීම නිමිති කොටගෙන ආරම්භ වන මෙකී උළෙලට විවිධ චාරිත්‍ර වාරිත්‍ර, ජන ක්‍රීඩා, ජන ගායනා හා ආචාර සමාචාරවලට මුල් තැන දෙමින් ආරම්භ වන උත්සවයක් කිව්වොත් එය නිවැරදියි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද උදාවන සමය වනවිට පරිසරයේ විවිධ වෙනස්කම් රාශියක් සිදුවෙමින් පවතිනවා. ගහකොළ මලින් පලින් බරවී මුළු පරිසර පද්ධතියම නැවුම් බවක් හා සුන්දර බවකින් හැඩගැන්වෙනවා. එකී සුන්දරත්වය එක්ක පරිසරය හා සතා සීපාවන්ට මුල් තැන දීම මෙකී සංස්කෘතික උත්සවයේ ඉතා ප්‍රශංසනීය කටයුත්තක්. විශේෂයෙන්ම ගව මහීෂාදීන් වෙනුවෙන් හින්දු චාරිත්‍රානුකූලව සිදුවන වතාවත් හා වත්පිළිවෙත් අදටත් නොනැසී පැවතීම ඉතා අගය කළ යුතු දෙයක්.

අපේ රටේ බහුතරයක් වූ පොදු ජනතාව අප්‍රේල් මාසය මුලදී තම ගම් නියම්ගම් බලා යාමට කටයුතු කරන අතර, ප්‍රධාන නගර සියල්ලක්ම පාහේ ඉතා පාළු ස්වභාවයක් ගැනීම විශේෂයි. සැබෑ අවුරුදු සිරිය සැමරීම තවමත් අපේ රටේ ඈත ගම් නියම්ගම්වල චාරිත්‍රානුකූලව සිදුවෙනවා. කවුරු කොහොම මොන විදිහට අපහාස උපහාස කළත් මේ පින්බිමේ මේ මහා සංස්කෘතියට අභියෝග කිරීමට තවමත් කිසිවකුත් සමත් වී නැහැ. එය චිරාත් කාලයක් එසේම පවතිනු ඇති. සියලු ශ්‍රී ලාංකිකයන් මෙම මහා සංස්කෘතියේ කොටස්කරුවන්.

මෙකී කාලසීමාව තුළදී අපේ රටේ සංචාරක ප්‍රජාව පාරිසරික වටිනාකමකින් යුත් ප්‍රදේශවල පරිසරය විඳීම සඳහා රටේ විවිධ ප්‍රදේශවලට සංචාරය කිරීම දකින්නට පුළුවන්. එහි කිසිම වැරැද්දක් නැහැ. හැබැයි ශෝචනීය කරුණ වන්නේ එකී සංචාරකයන් විසින් අදාළ පාරිසරික පද්ධති කැළිකසළ දමා විනාශ කිරීමයි. කැලෑ කොලමේ අපි ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ, ඔබ සංචාරය කරන්න, නමුත් පරිසරය විනාශ නොකර නැවත පැමිණෙන ලෙසයි.

පරිසරයට මුල්තැන දෙමින් මේ මහා සංස්කෘතික මංගල්‍යය චාරිත්‍රානුකූල වත්පිළිවෙත්වලට අනුව සැමරූ සියලු ශ්‍රී ලාංකිකයන්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවායි කැලෑ කොලමේ අපි ඉතසිතින් ප්‍රාර්ථනා කරමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

පොඩි මිනිහගේ ආණ්ඩුවකින් මෙහෙම දෙයක් වෙයි කියලා හීනෙකින්වත් හිතුවෙ නෑ! ලොක්කො නොදැක්ක වැල්ලවායෙ කොල්ලාගේ වළං කඳුළු! Sri Lanka Latest News

Next Post

කඩේ ගිය අයටත් කටඋත්තර නැති කළ ගල්අඟුරු වංචාව! Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.