5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය පිටවී ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන අසම්පූර්ණ බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසයි.Sri Lanka Latest News
මානව හිමිකම් කොමිසම පැවසුවේ, ඒ අනුව අදාල ගැටලුව සම්බන්ධයෙන් වන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බවයි.
ඒ අනුව පැමිණිලි ඉදරිපත් කළ දෙමාපියන්ගෙන් සාක්ෂි ක්‍රමවත්ව සටහන් කර ගැනීමට එක්ඟතාව පළ කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාව ලැබෙන තෙක් ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර ගැටලුව සම්බන්ධයෙන් කිසිදු තීන්දුවක් නොගන්නා ලෙස ද අධ්‍යාපන බලධාරීන්ට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේ ය.
සිසුන් තුන් ලක්ෂ 24 දහසකට ආසන්න සංඛ්‍යාවක් මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පසුගිය 15 වැනිදා මුහුණ දුන්නේ ය.
නමුත් විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය විභාගයට පෙර පිටවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහකට ලක්වී ඇති අතර විමර්ශන අවසන් වන තෙක් විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම තාවකාලිකව අත්හිටුවීමට ද පියවර ගෙන තිබේ.










