• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෙඩ දාන්න ආව උනුත් එහෙ මෙහෙ ලොකු කල්ලී – හාල් තවත් අඩු කරලා දෙනවා ඩඩ්ලි මල්ලී! Sri Lanka Latest News

October 5, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවට ඩොලර් එක බස්සගන්න බෑ! යන්න ගෙදර! අපිට දෙන්න බස්සලා පෙන්නන්නම්! මෛත්‍රීගෙ මල්ලි ගේමට එන්ටර් වෙයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඩඩ්ලි සිරිසේන මහතා හදිසියේම පහුගිය දවසක ප්‍රකාශයක් නිකුත් කරනවා. මේ ප්‍රකාශය නිකුත් කරන්නේ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ම කැඳවලා. මේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු පැහැදිලිවම කියනවා ‘දැන් අපි රජයට උදව් කරන්න ඕනෙ’ වගේ අදහසකින් ‘අපි සහල් මේ වෙනකොට පනවලා තියෙන පාලන මිලටම ලබාදෙනවා’ කියලා. දැන් මේ කතාවත් එක්ක අපිට බැලූ බැල්මට පේන දේ තමයි හරි ෂෝක් කියන එක. හේතුව සහල් පාලන මිලට ලබාදෙනවා කිව්ව ගමන් අපිට අනියමාර්ථයෙන් දැනෙනවා මේ කියන්නේ හාල් මිල අඩුවෙනවා වගේ කතාවක්. (Sri Lanka Latest News)

ඇත්තටම අපි මේ පහුගිය කාලවකවානුව තුළ දැක්කා නොතිබූ ආකාරයට සමහර පාරිභෝගික ද්‍රව්‍යවල මිල අඩුවෙලා තියෙන ආකාරය. බිත්තරවල මිල අඩුවීමත් ඒ වගේ දෙයක් තමයි. දැන් රුපියල් විසිඅටට තිහට ඊටත් වඩා අඩු මිලට බිත්තර මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි ඡන්දෙට කලින් දවසෙත් අපි දැක්කා සමහර කඩවල බිත්තර මිල රුපියල් 28යි කියලා බෝඩ් ගහලා තියෙනවා. ඒ අතරතුරේදී මේ සිද්ධ වුණේ අතරමැදියන් විසින් පවත්වාගෙන ගියපු ඒකාධිකාරය අඩුවෙලා බිත්තරවලින් ගත්ත විශාල ලාභය අතරමැදියන්ගෙන් ගිලිහිලා මේක බිත්තර මුදලාලි සහ කුකුළු හිමියා අතර බෙදීයන මට්ටමට පත්වීම කියලයි අපිට හිතෙන්නේ. අපි දන්නෙ නෑ මේ වෙලාවේ ආණ්ඩුව කරපු ආශ්චර්යයක් මේකට බලපෑවාද කියලා. කොහොම නමුත් එහෙමනම් ඉතාම හොඳයි. දැන් කොත්තු මිල අඩුවෙලා. සමහර ආහාර ද්‍රව්‍යවල මිල අඩුවෙලා. තෙල් මිල අඩුවීමත් එක්ක බස් ගාස්තු මිල අඩුවෙලා. මේ දැනෙන වෙනසක් මිනිස්සුන්ට වෙමින් තියෙනවා. ඒක හරි හොඳ දෙයක්.

ඒ අතරතුරේ විවිධ පාර්ශ්ව විසින් මේ වගේ මිල අඩුවීම් ගැන මවාපාන, විවිධ ලාභ විවිධ ප්‍රයෝජන ලබාගනිමින් ඉන්නවා. ඇත්තටම හාල් මිල අඩු වුණාද? හාල් මිලේ වෙනසක් වුණාද? වෙනස කියන එකෙන් අදහස් කරන්නේ අඩුවීම හෝ වැඩිවීම. දැන් අඩුවීම කියන එකනේ ජනතාවගේ බලාපොරොත්තුව. ජනතාවට ලබාදෙන සහනය, රටට කරන උදව්ව. මිනිසුන්ගේ බර අඩුකරන එක. සහල් මිල අඩු කරන්න විද්‍යාත්මකව තියෙනව නම් ක්‍රමවේදයක්, ඒ යටතේ අඩු කරලා දෙනව නම් එහි කිසි ගැටලුවක් නැහැ. නමුත් අපිට පේන්න තියෙන දේ තමයි මේ කියන්නේ මිල අඩු කරගැනීම නෙමෙයි. මේකත් පොඩි නාට්‍යයක් වගේ අපිට පේනවා. මොකද අද වෙද්දී සහල් මිල නැත්නම් ඔය කියන දවස වෙද්දී සහල් මිල තිබුණේ පාලන මිලට වඩා පහළින්. පාලන මිල කියලා අදහස් කරන්නේ ඊට වඩා වැඩියෙන් විකුණන්න බැහැ කියන එක. හැබැයි ඊට වඩා අඩුවෙන් විකුණපු අවස්ථා අපි දැක්කා. මොකද සමහර සහල් වර්ගවල මිල ගණන් පහළ වැටිලා එහෙම සිල්ලර මිලට හෝ තොග මිලට අලෙවි වුණු අවස්ථා අපට පෙනුණා. දැන් මේ කතන්දරෙත් එක්ක අපිට පේන කාරණය තමයි මේ අය මේ කියන්නේ. දැන් අපි පරණ මිලට දෙන්නෙ නෑ. එහෙම නැත්නම් අපි දෙන්න පුළුවන් ගානට අපි දෙන්නේ නෑ. පාලන මිලක් තියෙනවනේ ඔයාලා පනවලා. අන්න ඒ පාලන මිලටයි අපි හාල් දෙන්නේ කියල වගේ කතාවක්. ඒක බැලූ බැල්මට පේනවා ආණ්ඩුවට හිතකර උදව් කරන අපේ සහයත් ආණ්ඩුවට වගේ එකක්. නමුත් මෙන්න මේ සහය ආණ්ඩුවට වගේ වුණාට අපිට පේන්නේ මේක මේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වීම සහ එළියට පෙන්වීම කියන නාට්‍යයේම කොටස් දෙකක් විදිහටයි.
මේ වෙලාවේ සහල් මිල මේ වගේ ප්‍රකාශ නිසා ඉහළ යා හැකි බව අපිට දැනෙනවා. ඒකට හේතුව තමයි පාලන මිලට සහල් දෙනවා කියන කතාවත් එක්ක පාලන මිල හඳුනාගෙන අන්න ඒ පාලන මිල යටතේ සහල් ලබාදීමේ ව්‍යාපෘතියක් ඇතැම් විට රට පුරා දියත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හාල් කීයට හම්බ වුණත් කමක් නෑ ඔවුන් කරන්නේ සිල්ලර මිල පාලන මිල දක්වා ඉහළ නංවාලීම වෙන්න පුළුවන්. ඒ නිසා මතක තබාගත යුතුයි මේ කියන ආකාරයට රටට, මහජනතාවට, සාමාන්‍ය ජනතාවට විශාල සහයෝගයක් ලැබෙන බවක් නම් සහල් වෙළෙඳපොළෙන් මේ ප්‍රකාශයත් එක්ක අපිට දැනෙන්නෙ නෑ අපිට පෙනෙන්නේ නෑ.

ලංකාවෙ ලොකු හාල් මුදලාලිලා කරන්නෙ සෙල්ලමක්. පොඩි මෝල් හිමියන්ට ඒ සෙල්ලමේ කොටස්කාරයො වෙනවා ඇර වෙන කරන්න දෙයක් නෑ.
‘අපි ගාන උස්සනවා, ඉක්මනින් ගන්න…’

කිව්ව ගමන් වී හෝ හාල් ගන්න වෙනවා. එහෙම නොවුණොත් කරන්න වෙනත් දෙයක් නෑ. අවශ්‍ය නම් ලංකාවෙම හාල් අරගෙන ගබඩා කරගන්න පුළුවන්කම මේ ලොකු හාල් මෝල් හිමියන්ට තියෙනවා. ඒ නිසා ගණන් උස්සන්නත් පහළ දාන්නත් හිතුවක්කාර තීන්දු තීරණ ගන්න මේ අයට පුළුවන් වෙලා තියෙනවා. එකෙන් එක පොඩි මෝල් වසාදමමින් යන මේ සෙල්ලම අස්සෙ රැකෙන්නෙ ඒ ඒ අය විතරයි.

මේ වෙලාවෙ හිතූ හිතූ තීරණ ගන්න ලොකු මෝල් හිමියන්ට පුළුවන් වෙලා තියෙන්නත් පොඩි මෝල් හිමියන්ට බැරි වෙන්නත් හේතුව මේක.

ඒ අතර දැනගන්න තියෙන විදියට හාල් ඒකාධිකාරයෙ රජ්ජුරුවො වෙන්න සමහර අයට වුවමනාවක් තියෙනවා. මේ වෙලාවෙ රජ වෙලා ඉන්නෙ අරලිය ද නිපුන ද කියලා මෙතැන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අස්සෙ ගොවි සහල් එහෙමත් එහෙන් මෙහෙන් මතුවෙලා එන ගමන් ඉන්නෙ. මේවා මෙහෙම ලිව්වෙ හාල් ව්‍යාපාරය අස්සට බැහැලා හොයලා බලලා. ඒ නිසා කවුරුවත් කලබල වෙන්න එපා. දැනගන්න තියෙන්නෙ දැන් ගේම් එකේ නිපුන. අරලියලට ඕනෙ නිපුනව පහු කරන්න.

ඒ නිසා මේ වෙලාවෙ යම් සන්දර්ශනයක් කරනවා වෙන්නත් පුළුවන්. හදිසියෙම මෙහෙම හාල් සම්බන්ධව තීන්දු අරගන්න ප්‍රසිද්ධ වෙන්න මිසක් රටට ඇති ආදරයකට නෙමේ කියලයි සමහරු නම් කියන්නෙ. ඔය කනේ කොනේ කියැවෙන ආකාරයට කෝටි ගානක් දුන්නා ජීප් එක දුන්නා අරක දුන්නා මේක දුන්නා කියන එව්වා නං අපි දන්නෙ නෑ. ඒවා අපිට වැඩකුත් නෑ. කොහොම වුණත් හාල් අඩු කිරිල්ල නම් සෙල්ලමක් කියලයි අපිට පේන්නෙ.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

මහින්දගේ කාල්ටන් ගෙදරට විදුලි බල මණ්ඩලයෙන් පනී! තෙකලා විදුලිය විසන්ධි කරයි! I Sri Lanka Latest News

Next Post

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රය පිටවීම ගැන CIDය පරීක්ෂණ කරලා තියෙන්නේ බාගෙට! සාක්ෂි හරියට සටහන් කරගෙන නෑ! මානව හිමිකම් කොමිසම කරපු පරීක්ෂණයෙන් අනාවරණය කරලා! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.