අද දින චීන තානාපතිවරයා තමන් හමුවීම සදහා පැමිණීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා තබා තිබූ සටහන මෙසේය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මැතිතුමා සහ මා අතර කෙටි හමුවක් අද දින විජේරාම නිල නිවසේදී පැවැත්විණි.
විජේරාම නිල නිවස තුළ මා විසින් සිදු කරන ලද අවසන් රාජ්‍ය තාන්ත්‍රික නිල හමුව වන මෙය විජේරාම නිල නිවසින් පිටවීමට සුළු වේලාවකට පෙර පැවැත්විණි. එහිදී වත්මන් තත්ත්වය සහ ඉදිරි කටයුතු පිළිබඳව කතාබහක යෙදුණි. එම පැමිණීම සම්බන්ධයෙන් චීන තානාපති චී ෂෙන්හොන් ( Qi Zhenhong ) මැතිතිතුමන්ට ස්තූතිවන්ත වෙමින්, රාජ්‍යතාන්ත්‍රිකව ද පෞද්ගලිකව ද අප අතර පවතින දිර්ඝ කාලීන මිත්‍රත්වය සතුටු සිතින් සිහිපත් කරමි.


















