පොදු දේපල පනත යටතේ වන සිද්දියකට අදාලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි පැමිණිල්ල හෙට (29) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ කැඳවීමට නියමිතයි.Sri Lanka Latest News
එංගලන්තයේ වුල් හැම්ප්ටන් පෞද්ගලික විශ්ව විද්‍යාලයේ පැවති උපාධි ප්‍රදානෝත්සවයක් සඳහා පෞද්ගලික සංචාරයක් ගොස් දවස් එක හමාරක කාලයක් සඳහා රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වැයකර රජයට පාඩු කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව කරන විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහායි අදාල නඩුව මෙලෙස කැඳවීමට නියමිතව ඇත්තේ.










