හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමය ආරම්භක අවස්ථාවේදී අමාත්‍ය මණ්ඩලය දිව්රුම් දීම අතරතූර සිදුවූ කිසිවකුත් නොදත් කතාවක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විසින් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News
ඒ, අලි සබ්‍රි මහතා අධිකරණ අමාත්‍ය ධූරයේ දීව්රුම් දීමට නියමිතව සිටියදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් ලැබුණු දුරකතන ඇමතුමක් පිළිබදවය.
එදින තමන් මහනුවර හෝටලයක ටිරාන් අලස් මහතාගේ කාමරයේ රැදී සිටි බවත්, ඒ වනවිට එම කාමරයේ ඩලස්-විමල්-මහින්දානන්ද යන මන්ත්‍රීවරුන් සිටි බවත් කී ගම්මන්පිල මහතා එවිට ජනාධිපතිවරයාගෙන් ලැබුණු දුරකතන ඇමතුමකින් කාදිනල් හිමිපාණන් සබ්‍රි මහතාට අධිකරණ ඇමැති ධුරය ලබා දෙනවාට විරෝධය පළ කරන බව ජනාධිපතිවරයා දැනුම් දුන් බව කියා සිටියේය.
ඒ අනුව ජනාධිපතිවරයා සබ්‍රිට කම්කරු ඇමැති ධූරය ලබා ගැනීමට එකග කරවා ගන්නා ලෙස තමන්ට දැනුම් දුන් බව කී ගම්මන්පිල මහතා ජනාධිපතිවරයා කී ලෙස තමන් ඒ බව සබ්‍රි මහතාට දැනුම් දුන් බවත්, ඊට ඔහු විරෝධය පළ කළ බවත් සදහන් කළේය.
පසුව ඒ බව තමන් ජනාධිපතිවරයාට දැනුම් දුන් බවත්, ඒ අනුව සබ්‍රි මහතාට අධිකරණ ඇමැති ධූරයම හිමිවූ බවත් ගම්මන්පිල මහතා අනාවරණය කළේය.










