යටත් විජිත සමයේ සිට රටේ විවිධ ප්‍රදේශවල පිහිටුවන ලද දැනට ගරා වැටී හා අබලන් තත්ත්වයේ පවතින තානායම් පරිශ්‍ර 44 ක් ව්‍යාපෘති යෝජනා කැඳවා සංවර්ධනය කිරීමට අදාළව නාගරික සංවර්ධන අධිකාරියට ඒවා පවරා ගැනීම සඳහා නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස ඇමැතිවරයා ඉදිරිපත් කළ යෝජනාවකට කැබිනට් අනුමැතිය ලැබී ඇත.Sri Lanka Latest News
මෙම තානායම්වල දේපළ කළමනාකරණය හා පාලනය නාගරික සංවර්ධන අධිකාරියට සහ අදාළ තානායම පිහිටි ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට පැවරී ඇත.
මෙම තානායම් වත්මන් ආර්ථික පරිසරයට ගැළපෙන පරිදි සංවර්ධනය කර ජනතාවට ලාභදායි සහ ගුණාත්මක සේවාවක් සැපයීමටත්, ආදායම් ඉපැයීමේ මාර්ගයක් නිර්මාණය කිරීමටත් නියමිත බව අදාළ කැබිනට් යෝජනාවේ දැක්වේ.










