විවිධ වංචා හා දූෂණ අක්‍රමිකතා සඳහා දේශපාලඥයින්ට සහය දැක්වූ බව කියන උසස් රාජ්‍ය නිළධාරින් 18 දෙනෙකු පමණ අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇති බව වාර්තාවේ.Sri Lanka Latest News
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඇතුලු විමර්ශන කණ්ඩායම් විසින් එම පරීක්ෂණ ආරම්භ කර ඇත.
විවිධ දූෂණ චෝදනා එල්ල වූ උසස් රාජ්‍ය නිලධාරීන් 5 දෙනෙකු දැනට විදේශයන් වෙත ගොස් ඇතැයිද ආරංචි මාර්ග අනාවරණ කරයි.
එසේම අදාළ නිළධාරීන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කිරීමට ද එම විමර්ශන කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර, අයථා ලෙස වත්කම් රැස්කිරීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත පසුගිය දා අත්අඩංගුවට ගත් අතර ඔහු ලබන මස 8 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කෙරින.










