• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුංචි ආණ්ඩු සහ කොත්තු රොටි! Sri Lanka Latest News

June 29, 2025
in Exclusive
Reading Time: 8 mins read
A A
පාර්ලිමේන්තුවේ නොගැළපෙන ඇඳුම් නිසා වෙච්ච අලකලංචි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විවෘතද? රහස්ද? මේ දවස්වල දේශපාලන ක්ෂේත්‍රය තුළ වැඩිපුරම අසන්නට ලැබෙන වචන දෙක එයයි. මීට පෙර වැඩිපුරම අසන්නට ලැබුණේ බහුතරයයි. ආණ්ඩු පක්ෂයේ හෝ විරුද්ධ පක්ෂය බහුතරයේ ගැටලුවට කෙසේ හෝ විසඳුම් සොයාගත් විට අනතුරුව මතුවී තිබෙන ප්‍රශ්නය වන්නේ විවෘතද, රහස්ද යන්නයි. Sri Lanka Latest News
ඊට හේතුව කිසිවකුට බලය පිහිටුවීම සඳහා 50%ක් නොමැති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම ඡන්ද විමසීමකින් සිදුකෙරෙන අතර, එම ඡන්දය පවත්වනු ලබන්නේ විවෘතවද, රහසේද යන කාරණය නිසා ආයතනවල සභා පිහිටුවීම උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ. තවත් එය උණුසුම් වී තිබෙන්නේ ආයතනවල බලය පිහිටුවීම සඳහා ඡන්ද විමසීම විවෘතවද රහසේද යනුවෙන් පැවැත්වීම තීරණය කිරීමටද ඡන්ද විමසීමක් සිදුකෙරෙන අතර එයටද රහස් ඡන්දයක් භාවිත කරන නිසාය.

ඡන්දය විවෘත නම් විරුද්ධ පක්ෂයට සභාවේ බලය හිමිවන බවත්, ඡන්දය රහස් නම් මාලිමා ආණ්ඩුවට බලය හිමිවන බවත් මේ වනවිට සාමාන්‍ය සිද්ධියක් බවට පත්ව තිබේ. ඉඳහිට හෝ එම අවස්ථාවන් වෙනස් වීමට තිබෙන හැකියාව ඉතා විරලය.

මෙම විවෘත-රහස් ඡන්ද කතාව සමාජයට එතරම් අවධානයට ලක් නොවුණද මෙය බොහෝ දෙනකු කතාකරන්නට පටන් ගත්තේ පසුගිය 16 වැනිදා කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීමත් සමගය.

පැය දෙකහමාරකට ආසන්න කාලයක් තිස්සේ කොළඹ මහනගර සභාවේ නගරාධිපති තෝරාගනු ලබන්නේ කුමන ඡන්ද ක්‍රමයකටද කියා යම් එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා වාද විවාද සිදුවිය. එය ටෙලිවිෂන් නාලිකා කිහිපයක් ඔස්සේ සජීවීව මුළු රට පුරාම විකාශය කෙරිණි.

කොළඹ මහනගර සභාවේ සිදුවන්නේ කුමක්ද කියා මුළු රටම දැනගැනීමෙන් අනතුරුව කිසිවකුටත් බහුතරයක් හිමි නොවූ පළාත් පාලන ආයතනවල සභිකයන්ට මෙන්ම රටේ පොදු මහජනතාවටද විවෘත රහස් හුටපටය ගැන යම් උනන්දුවක් ඇතිවිය.

කොළඹ මහනගර සභාවෙන් පැමිණි මෙම විවෘත-රහස් ඡන්දය මේ වනවිට රට පුරා පළාත් පාලන ආයතනවලට පැතිර ගොස් තිබේ.

ඇතැම් පළාත් පාලන ආයතනවල රහස් ඡන්ද පැවැත්වීමට අදාළ පළාත් කොමසාරිස්වරුන් තීරණය කළ අතර, ඇතැම් පළාත් කොමසාරිස්වරුන් තීරණය කළේ විවෘතව ඡන්දය පැවැත්වීමටයි.

කෙසේ නමුත් පළාත් පාලන ආයතන සැලකිය යුතු සංඛ්‍යාවක බලය මේ වනවිට පිහිටුවා ඇති අතර, බහුතරයක් පළාත් පාලන ආයතන පිහිටුවීමට මාලිමා ආණ්ඩුව සමත්ව ඇත. විපක්ෂය ඒකාබද්ධ වී සැලකිය යුතු පළාත් පාලන ආයතන සංඛ්‍යාවක පාලන බලය පිහිටුවීමට කටයුතු කර තිබීමද විශේෂත්වයකි.

බහුතරයක් නොමැති ස්ථානවල ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් ලෙස පිහිටුවාගෙන තිබෙන්නේ සිතාගැනීමටත් නොහැකි පාර්ශ්ව සම්බන්ධ කරගෙනය.
සමහර පළාත් පාලන ආයතනවල සභාපති මාලිමාවේ වන විට උපසභාපති හෝ නියෝජ්‍ය නගරාධිපති පොහොට්ටුවේය. එසේත් නොමැති නම් සමගි ජන බලවේගයේය. එසේත් නොමැති නම් එක්සත් ජාතික පක්ෂයේය. එසේත් නොමැති නම් රිෂාඩ් බදියුදින්ගේය. එසේත් නොමැති නම් පිල්ලෙයාන්ගේය. එසේත් නොමැති නම් ජීවන් තොන්ඩමාන්ගේය. එසේත් නොමැති නම් මනෝ ගනේෂන්ගේය. එසේත් නොමැති නම් ස්වාධීන කණ්ඩායම්වලය.

විපක්ෂයටද සිදුව ඇත්තේ ඊටම සමාන දෙයකි. විරුද්ධ පක්ෂයට පාලන බලය හිමිවූ බොහෝ පළාත් පාලන ආයතනවල සභාපති ධුරය හිමිවූයේ සමගි ජන බලවේගයටය. එවිට උපසභාපති හෝ නියෝජ්‍ය නගරාධිපතිකම හිමිවූයේ පොහොට්ටුව නොහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටය. එසේත් නොමැති නම් එක්සත් ජාතික පක්ෂයටය. එසේත් නොමැති නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණටය. එසේත් නොමැති නම් මාලිමාවටය. එසේත් නොමැති නම් ස්වාධීන කණ්ඩායම්වලටය.
එක් පැත්තකින් බලන කල පුංචි ආණ්ඩු නොහොත් පළාත් පාලන ආයතන මේ වනවිට කොත්තු රොටියක් බවට පත්ව ඇත. කොත්තු තැටිය රත්කර රොටි කපා, එළවළු කපා, තෙල් දමා මිශ්‍රකර කොත්තු තැටි දෙක මගින් කොත්තු රොටිය හොඳට ගහපු පසුව නැවත එළවළු හෝ කොත්තු රොටියේ අඩංගු අංග වෙන් කිරීම ඉතා අසීරුය. කොත්තු රොටිය කනවා හැරෙන්නට වෙනත් දෙයක් කිරීමට නොහැක.

ආණ්ඩු පක්ෂය හෝ විරුද්ධ පක්ෂය කිසිදු භේදයක් නොමැතිව බොහෝ පළාත් පාලන ආයතනවලට අද සිදුව තිබෙන්නේද කොත්තු රොටියට සිදුව තිබෙන දේමය.
ආණ්ඩු පක්ෂය, විරුද්ධ පක්ෂය කියා භේදයක් නොමැත. පළාත් පාලන ආයතන බහුතරයක ආණ්ඩු පක්ෂයත්, විරුද්ධ පක්ෂයත් කලවම් වීම නිසා එය කොත්තු රොටියක් බවට පත්ව ඇත.

පළාත් පාලන ආයතනවලට ඡන්දය දුන් ඡන්දදායකයන්ටද ගැටලුවක් පවතී. තම කොට්ඨාසයේ ඡන්දය දුන් සභිකයා අද ඉන්නේ කොතැනද, කා සමගද කියා දැනගැනීමට පවා අපහසු වී ඇත. කොත්තු රොටියකින් එළවළු වෙන්කර ගන්නා සේ එය අසීරු වී ඇත.

ඇතැම් පළාත් පාලන ආයතනවල සභා පිහිටුවීමට රහස් ඡන්ද පැවැත්වීම නිසා තම කොට්ඨාසයේ ඡන්දය දුන් සභිකයා ආණ්ඩුවේද විරුද්ධ පක්ෂයේද කියා දැනගැනීමට ඡන්දය ලබාදුන් ජනතාවටද හැකියාවක් නොමැති වීම තවත් බරපතළ කාරණයක් නොවේද?

රටේ පොදු මහජනතාව වෙනුවෙන් පවත්වනු ලබන ඡන්ද රහස් ඡන්දයක් ලෙස නීතිය අනුවම පවත්වන්නේ කාරණා කිහිපයක් හේතුවෙනි.
මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ (93 ව්‍යවස්ථාව) අනුව පරමාධිපත්‍යය හිමි ජනතාවගේ ඡන්දය දීම ස්වාධීනවද, සමානවද, රහසේද විය යුතුය.
මේ අවස්ථාවේදී යම් කෙනකුට තර්ක කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සියලු නීතිවලට උඩින් පවතින නිසා සෑම ඡන්දය දීමක්ම රහසේ විය යුතු බව කියාය.
එහෙත් නිවැරැදි සාමාන්‍ය තත්ත්වය එය නොවේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා තිබෙන්නේ තනි පුද්ගලයකුගේ ඡන්දය පිළිබඳවය.

තනි පුද්ගලයකුගේ ඡන්දය කාට දුන්නේදැයි දැනගැනීමට බැරි තත්ත්වයක් ඇතිකර තිබෙන්නේ ඡන්දදායකයාගේම ආරක්ෂාවටත්, ඔහුගේ තීරණය නිදහසේ ගැනීමටත් ඉඩ දීමටය.

මෙහිදී වඩාත් වැදගත් වන්නේ මහජන නියෝජිතයන් යනු සාමාන්‍ය පුරවැසියන් හෝ ඡන්දදායකයන් නොවීමය. මහජන නියෝජිතයන්ට සිය නියෝජනය තුළින් ඡන්දයක් ප්‍රකාශ කරන විට එය එම මහජන නියෝජිතයාට ඡන්දය ලබාදුන් පොදු මහජනතාව දැනගත යුතුය. ඒ සඳහා අදාළ කොට්ඨාසයේ ජනතාවටද අයිතියක් ඇත.
එවැනි නියෝජිතයකු අදාළ නියෝජිත ආයතනයේදී සාමාන්‍ය තත්ත්වයක් යටතේ මෙන්ම තීරණාත්මක අවස්ථාවන්හිදී ඡන්දය දෙන්නේ කාටදැයි, කුමකටදැයි ඔහු හෝ ඇය පත්කර එවනු ලබන මහජන කොට්ඨාසය දැනගත යුතු වීම ප්‍රජාතන්ත්‍රවාදයේ ලක්ෂණයක් නොවේදැයි කියා ප්‍රශ්න කිරීම අසාධාරණද?

මෙහිදී ඊට ප්‍රතිවිරුද්ධ මතයක් ඉදිරිපත් වෙයි. යම් ජනතා නියෝජිතයකුට තම හෘදය සාක්ෂිය අනුව ඡන්දය ලබාදීමට අවශ්‍ය නිසා රහස් ඡන්දයක් පැවැත්වීම වඩා යහපත් බවටද මතයක් ඉදිරිපත් වෙයි.

හෘදය සාක්ෂිය යනු කුමක්ද කියා මෙහිදී ඉතා ගැඹුරින් විමසා බැලිය යුතුය.
සතමන්ගේ හෘදය සාක්ෂිය කුමක් වුවද තමා පත්කර එවන පොදු මහජනතාවගේ මතය දැනගැනීම හා ඒ මතයට අනුව ක්‍රියා කිරීම නියම හෘදය සාක්ෂිය නොවේදැයි යම් පුද්ගලයකුට මෙහිදී ප්‍රශ්න කළ හැකිය.

නමුත් තමන් එතැනට තෝරා පත්කර එවා ඇති ජනතාවගේ මතය සෑම තීරණාත්මක අවස්ථාවකදීම ජනතා නියෝජිතයාට එම ජනතාවගෙන් විමසීමට ප්‍රායෝගිකව නොහැකිය.
එම ප්‍රායෝගිකත්වය නොමැති නිසා මහජන නියෝජිතයා සහ මහජනතාව අතර යම් විශ්වාසයක් ගොඩනැගීම සඳහා යම් සමාජ ගිවිසුමක් අවශ්‍ය වේ. මෙම සමාජ ගිවිසුම ඡන්දයකට පෙර නිවැරැදිව ගොඩනැගිය යුතුය.

තමන්ට වුවමනා දෙය තමා පත්කර එවනු ලබන නියෝජිතයා විසින් ඉටුකරන බවට දෙපාර්ශ්වයෙන්ම ඇතිවන විශ්වාසය මෙහිදී ඉතා වැදගත් වේ.
මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරන්නේ 50%ක් නොතිබෙන ස්ථානවලද බලය පිහිටුවීමට වැඩි ඉඩක් ලබාදිය යුත්තේ වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගෙන ඇති දේශපාලන පක්ෂයට හෝ ස්වාධීන කණ්ඩායමට බවයි.

2018 පෙබරවාරි 10 වැනි දින පවත්වන ලද පළාත් පාලන මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) ඒ ආකාරයට 50% හිමි නොවූ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ක්‍රියා කළ බවත්, එය කඩාකප්පල් කිරීමට එවක විරුද්ධ පක්ෂය කටයුතු නොකළ බවත් මාලිමා ආණ්ඩුව විසින් පෙන්වා දෙයි.

නමුත් වර්තමාන විරුද්ධ පක්ෂය කියා සිටින්නේ මැයි 06 ඡන්දයේදී ආණ්ඩුවට ඡන්ද ලක්ෂ 23ක් අහිමි වී ඇති නිසා විරුද්ධ පක්ෂයට පළාත් පාලන ආයතන රැසක වැඩි බලයක් මෙරට පොදු මහජනතාව විසින් ලබාදී ඇති බවයි. ඒ අනුව විපක්ෂයට බහුතරයක් හිමි පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ යුතු බව විරුද්ධ පක්ෂය විසින් පෙන්වා දෙයි.

මහ ආණ්ඩුවේ ආශීර්වාදය පළාත් පාලන ආයතනවලට තිබිය යුතු බවත්, මාලිමා ආණ්ඩුව ප්‍රකාශ කරයි.

කොහොම නමුත් දේශපාලන පක්ෂවල තීරණවලට පටහැනිව කටයුතු කළ සභිකයන්ගේ පක්ෂ සාමාජිකත්වය දැනටමත් බොහෝ දේශපාලන පක්ෂ විසින් තාවකාලිකව අත්හිටුවා ඇත. ඔවුන්ට චෝදනා පත්‍ර ඉදිරිපත් කර ඉදිරියේදී අදාළ දේශපාලන පක්ෂ විසින් විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

එහිදී ඔවුන් එම පක්ෂවල මන්ත්‍රී ධුරවලින් ඉවත් කර නව මන්ත්‍රීවරුන් එම පක්ෂවලින් නම්කළ යුතුය. එවිට අදාළ පළාත් පාලන ආයතනවල බහුතරයේ සංයුතියට සිදුවන්නේ කුමක්ද? අයවැය සම්මත කරගැනීමට නොහැකි වුවහොත් පළාත් පාලන කොමසාරිස්වරුන් යටතට එම පළාත් පාලන ආයතන පත්වෙයිද? එසේ වුවහොත් ඡන්දය දුන් පොදු ජනතාවගේ ගැටලු විසඳේවිද? මෙවැනි ප්‍රශ්න ගණනාවක් ඉදිරියේදී ඇතිවීමට පුළුවන.

එම නිසා ඉදිරියේදී පළාත් පාලන ආයතන ඡන්ද ක්‍රමයේද යම් යම් සංශෝධන අවශ්‍ය බව වර්තමානයේදී ඇතිවී තිබෙන අර්බුදකාරී තත්ත්වය තුළින්ද මැනැවින් පෙන්නුම් කරයි.
2012 අංක 22 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පතෙහි පවතින යම් යම් අඩුපාඩු හේතුවෙන් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ආයතනයේ ලේකම්වරයා විසින් මාර්ගෝපදේශ සංග්‍රහය නිකුත් කර තිබේ.

එම මාර්ගෝපදේශ සංග්‍රහයේ එක් තැනක පහත සඳහන් ආකාරයේ සඳහනක් වේ. ඡන්ද විමසීම සිදුකළ යුත්තේ විවෘතවද, රහසිගතවද කියා තීරණය කිරීම සඳහා පැවැත්වෙන ඡන්ද විමසීම සිදුකළ යුත්තේ කෙසේද කියා එහි සඳහන් වේ.

‘මුලින්ම සභාවේ සභිකයන් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලබයි. එම තේරීම විවෘත ඡන්ද විමසීමකින් කළ යුතුද, රහස් ඡන්ද විමසීමකින් කළ යුතුද යන්නයි. එහි දක්වා ඇත්තේ තෝරා පත්කර ගැනීමේ ක්‍රමය පිළිබඳ සභිකයන් අතර මතභේදයක් ඇතිවුවහොත් (උදාහරණ-එක් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර, අනෙක් පිරිස විවෘත ඡන්දයකට කැමැති වන්නේ නම්) ඒ සඳහා එක් එක් සභිකයාගේ නම අඬගසා, ඒ සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් කර බහුතරයේ එකඟතාව මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතු බවයි…’

ඉහත ආකාරයට මාර්ගෝපදේශ සංග්‍රහයේ සඳහන් වුවද ඇතැම් පළාත් කොමසාරිස්වරුන් එසේ නොකරයි. එසේ නොකරන පළාත් කොමසාරිස්වරුන්ට එරෙහිව අධිකරණයට යෑමට විපක්ෂය තීරණය කර ඇත.

දිනුවත් බහුතරය නොමැති වීම, ආණ්ඩු පක්ෂය හෝ විරුද්ධ පක්ෂය ජයග්‍රහණය කළත් එය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම කොත්තු රොටියක් හෝ අවුල්සහගත නූල් බෝලයක් නොවේද?

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

SendShareShare
Previous Post

5ක් දැනටමත් රටින් පැනලා! හොරකමට උල්පන්දම් දුන්නු උසස් රාජ්‍ය නිලධාරීන් 18ක් පසුපස අල්ලස් කොමිසම ලුහුබඳී! I Sri Lanka Latest News

Next Post

සහන කාලය ඉවරයි! හෙට රෑ 12න් පස්සේ ණය නොගෙවපු ව්‍යාපාරිකයන්ගේ දේපොළ බැංකුවලින් ඈවර කරන්න පටන් ගන්නවා! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.