• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම ඒ කෙල්ල එනකොට ගුලි දෙකක් කාලා මත්වෙලයි හිටියේ! කුඩු ගහන්න සල්ලි ඉල්ලුවාම මට බැන්නා! මම ගැහුවාම මටත් ගැහුවා! පස්සේ මම බෙල්ල මිරිකුවා! ඊට පස්සෙ වළක් කපලා වැළලුවා! ගම්පොළ තරුණිය මරපු හැටි ඝාතකයා යාළුවන්ට වට්ස්ඇප් පණිවුඩයකින් කියයි!

May 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මම ඒ කෙල්ල එනකොට ගුලි දෙකක් කාලා මත්වෙලයි හිටියේ! කුඩු ගහන්න සල්ලි ඉල්ලුවාම මට බැන්නා! මම ගැහුවාම මටත් ගැහුවා! පස්සේ මම බෙල්ල මිරිකුවා! ඊට පස්සෙ වළක් කපලා වැළලුවා! ගම්පොළ තරුණිය මරපු හැටි ඝාතකයා යාළුවන්ට වට්ස්ඇප් පණිවුඩයකින් කියයි!
Share on WhatsAppShare on Facebook

සේවා ස්ථානය බලා යමින් සිටි වැලිගල්ල ඇල්පිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වූ 22 හැවිරිදි තරුණිය ඝාතනය කළ සැකකාර තරුණයා වට්ස්ඇප් පණිවිඩයක් මගින් තමන් කළ මිනීමැරුම පිළිබඳ පාපොච්චාරණය හිතවතුන්ට යවා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සැකකාර 24 හැවිරිදි තරුණයා ප්‍රදේශයේ ගවයන් හා එළුවන් බලාගැනීම රැකියාව වශයෙන් සිදුකරමින් සිටි අයෙක්.

ඔහු කළ පාපොච්චාරණයේ මෙලෙස සඳහන්.

මගේ නම අහමඩ්. මට වයස අවුරුදු 24යි. මම පාසල් යන කාලයේ හොඳින් ඉගෙන ගත්තත් නොයෙක් ප්‍රශ්න නිසා ඉහළට ඉගෙන ගන්න බැරිවුණා. ඉන් පසුව තමයි මම නරක මිතුරු ඇසුරට වැටුණේ. මේ මිතුරු ආශ්‍රයෙන් මම ගංජා මත් ගුලි ඇතුළු මත් ද්‍රව්‍යවලට ඉතාමත් බරපතළ ආකාරයෙන් ඇබ්බැහි වුණා. මට දිනපතා මත්ද්‍රව්‍ය භාවිතා නොකර ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. අපේ ගමේම මත්ද්‍රව්‍ය විකුණන අය ඉන්නවා. ඒ අයගෙන් තමයි මම මේවා ගන්නේ. මත්ද්‍රව්‍ය භාවිතයේ අවසානය තමයි මම මිනීමරුවෙක් වුණු එක. මේ සිද්ධිය වුණ දවසේ උදේම මම මත් ගුලි දෙකක් කාලා තණකොළ කපන්න තමයි පාර දිගේ ආවේ. මම මත් ගතියෙන් මෙහෙම ටික දුරක් යනකොට තමයි ඔය කෙල්ල දැක්කේ. මම මීට කලින් එයා දැකලා තියෙනවා. මේ කෙල්ල දැක්කම මට හිතුනා දවල්ට මත්ද්‍රව්‍ය ගන්න මේ කෙල්ලගෙන් සල්ලි ඉල්ල ගන්න ඕනේ කියලා. එහෙම ගිහින් පාරේ පාළු තැනක් වන සොහොන් පිට්ටනිය ළඟදි මම ඒ ගෑණු ළමයගෙන් සල්ලි ඉල්ලුවා. එතකොට ඒ කෙල්ල මට බැන්නා. අපි අතරේ බහින් බස්වීමක් වුණා. එතකොට එයා මට ගහන්න අත ඉස්සුවා. මමත් ඒ කෙල්ලට ගැහුවා. එතකොට ඒ කෙල්ල හයියෙන් කෑ ගැහුවා. මම එයාගේ කට තද කරලා වැහුවා. එතකොට එයා මගේ මුහුණ ඇඟ පහුරු ගෑවා. එතකොට තමයි මම එයාගේ බෙල්ල මිරිකුවේ.

ඊට පස්සේ කෙල්ලගේ බෙල්ල කඩාගෙන වැටුණා. මම බයවෙලා ඒ කෙල්ල ටිකක් ඈතට ඇදගෙන ගිහින් පොඩි වළක් කපල වළ දැම්මා. ඊට උඩින් තණ කොළ රොඩු දාලා වැහුවා. මත්ද්‍රව්‍යවලට අධික ලෙස ඇබ්බැහි වෙලා මගේ ඔලුව විකාර වෙලා තිබුණේ. වෙන දෙයක් ගැන හිතුණේ නෑ. මත්ද්‍රව්‍ය භාවිතයට මුදල් හොයාගැනීම විතරයි ඔළුවේ තියෙන්නේ. මම දැන් මිනීමරුවෙක්. මේ ඝාතනයෙන් පස්සේ මගේ ජීවිතයත් විනාස වුණා. මට ආයෙ ලෝකෙට මුහුණ දෙන්න බෑ. මට දැන් නිදහසක් නෑ කියලා මම දන්නවා. මම පොලිසියට භාර වෙන්න තීරණය කළා. මම අවසානයට හැමෝගෙන්ම ඉල්ලීමක් කරනවා. කිසි කෙනෙක් විහිළුවටවත් මත්ද්‍රව්‍ය භාවිතා කරන්න එපා. එහෙම කරොත් තමන්ගේ ජීවිතේ විතරක් නෙවෙයි අනුන්ගේ ජීවිතත් විනාශ වෙනවා. මත්ද්‍රව්‍ය භාවිතය නිසා තමයි මට මේ විනාශ සිදුවුණේ. අර ගැහැනු ළමයාගේ ජීවිතෙත් නැති වුණේ.

සතියකට ආසන්න කාලයක සිට අතුරුදන්ව සිටි තරුණියගේ සිරුර අද (13) පෙරවරුවේ ගොඩගනු ලැබුවේ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදීයි. එලෙස ගොඩගත් සිරුර ඇයගේ ඥාතීන් විසින් හඳුනා ගනු ලැබූ බවයි වාර්තා වුණේ.

සැකකරු ලබාදුන් තොරතුරුවලට අනුව තරුණිය වළදමා ඇති ස්ථානය හඳුනාගෙන ඇයගේ දේහය ගොඩගැනීමට කටයුතු කරනු ලැබුණා.

dasathalankanews

SendShareShare
Previous Post

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති පියත් නිකේෂලට ගැහුවේ කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකටද?

Next Post

සිමෙන්ති 150කින් අඩු කරයි! ඒත් කොට්ටයක් 2600ක්!

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.