• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති පියත් නිකේෂලට ගැහුවේ කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකටද?

May 13, 2023
in Exclusive
Reading Time: 17 mins read
A A
කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති පියත් නිකේෂලට ගැහුවේ කාන්තාවක් දූෂණය කිරීමේ සිද්ධියකටද?
Share on WhatsAppShare on Facebook

2022 මැයි 9 වැනිදා ගෝල්ෆේස් අරගල භුමියට එල්ල වූ ප්‍රහාරයට වසරක් පිරීමත් සමඟම, එම සිදුවීම අළලා සටහන් රැසක් නැවත කරළියට පැමිණ තිබෙනවා. එසේම අරගලයේ ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගනිමින්, ඇතැම් කාලීන සිදුවීම් වලට ඈඳා ගනිමින්, නොමග යවන සුළු සටහන් රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. 

අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ පියත් නිකේෂලට එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් පළ වූ නොමග යන සුළු සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

බත්තරමුල්ල, කොස්වත්ත සමගි මාවත ප්‍රදේශයේදී පහර කෑමට ලක් වුණා. එලෙස පහර කෑමට හේතුව වශයෙන් සඳහන් සමාජ මාධ්‍ය ඔස්සේ ඇතැම් සටහන් සංසරණය වූයේ, ඔහු කාන්තාවක් දූෂණය කිරීමට යාම හේතුවෙන් මෙලෙස පහර කෑමට ලක් වූ බවයි.

Facebook | Archived Link

එමෙන්ම තව ත් සටහන් පළ වී තිබුණේ මෙලෙසින්.

“පියත් නිකේසල යන පුද්ගලයා කඩුවෙලදි කාන්තාවකට කලිසම ගලවා තම රහස් ප්‍රදේශය පෙන්වීම හේතුකොටගෙන ගම්වාසීන් විසින් ඔහුට පහර දී ඇත.

එය දේශපාලන වාසියක් කර ගන්නට උත්සාහ ගන්නා ජවිපේ සහ පෙරටුගාමීන්  ගැන ලැජ්ජයි. ගමකට ගිහින් ඔවැනි ක්‍රියාවක් සිදුකල විට ගම්වාසීන් පහර දීම් සිදු කරේ අද ඊයේ නෙවේ.

එහෙම නිර්ලජ්ජිත දෙයක් කරාම, මූ අරගලේද නැත්නම් බයියෙක්ද ටොයියෙක්ද කියලා බලලා තෝරලා පහර දෙන්නෙ නෑ.

මේ වෙනුවෙන් යමෙක් පාරට එනවා  නම් ඒ හැමෝම මේ ක්‍රියාව අනුමත කරන මිනිස්සු .

අන්න එහෙම මිනිස්සු තමයි මේ රටේ සිස්ටම් චේන්ජ් කරන්න යන්නෙ.. 

ධර්මය ඔබට මග වේවා !!!!”

Facebook | Archived Link 

තව ත් සටහනක් මෙතනින්. Archived Link

මේ පිළිබඳ නිවැරදි තොරතුරු සොයා වාර්තා කරන ලෙස අපට ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනයක් කිරීමට අප පියවර ගත්තේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

පසුගිය 10 වන දා අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයෙක් වූ පියත් නිකේෂලට  කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න ඇතුළු පිරිසක් එකතු වී පහර දෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූයේ මෙලෙසින්. Archived Link

ඉන් අනතුරුව පහරකෑමෙන් තුවාල ලැබූ පියත් නිකේෂල, පළමුව තලංගම රෝහලට ඇතුළත් කළ අතර පසුව කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතාව, එදින(10) තලංගම පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, මුල්ලේරියා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදීය. 

පියත් නිකේෂල ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එදින (මැයි 10) අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, අත්අඩංගුවට ගත් නියෝජ්‍ය නගරාධිපතිවරයා විසින් සිදු කරන ලද පැමිණිල්ලක් මත ය.

මැයි 11 දින දහවල් කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට සැකකරුවන් දෙදෙනාම ඉදිරිපත් කළ අතර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් යොමු කළ දෙදෙනාවම ඇප මත මුදා හැරීමට නියම කර තිබුණා.

කෙසේ වෙතත් මෙලෙස පහර කෑමට ලක් වූයේ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස කාන්තාවක් දූෂණය කිරීමට යෑමේ සිදුවීමක් හෝ කාන්තාවක් සම්බන්ධ සිදුවීමක් බවට කිසිදු ප්‍රධාන මාධ්‍ය ධාරාවක් වාර්තා කර නොතිබුණි.

තලංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශය

මේ හේතුවෙන් මේ පිළිබඳ විමසීම සඳහා අප තලංගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයෙන් දුරකථන මාර්ගයෙන් විමසීමක් කළා. එම පොලිස් නිලධාරීන් සඳහන් කළේ, කාන්තාවක් මූලික කර ගනිමින් සිදුවූ ආරවුලක් බවට පැමිණිල්ලක් නොලැබුණු බවත්, මෙහිදී සිදුවී තිබෙන්නේ පෞද්ගලික ආරවුලක් මත ඇති වූ ප්‍රහාරයක් බවයි.

අප මෙම සිදුවීම පිළිබඳ ප්‍රදේශවාසීන් කිහිපදෙනෙකුගෙන් ද විමසීමක් කළ අතර ඔවුන් ද සඳහන් කළේ කාන්තාවක් හා සම්බන්ධ සිදුවීමකට ආරවුලක් ඇතිවූ බවට කිසිවෙකුත් පවසා නොමැති බවයි.

නීතිඥ නුවන් බෝපගේ

අප මේ පිළිබඳව පියත් නිකේෂල මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥයෙකු වන නුවන් බෝපගේ මහතාගෙන් ද, අප විමසීමක් කළා.

ඒ මහතා සඳහන් කළේ, පොලීසිය විසින් සඳහන් කරනු ලබන්නේ, පියත් නිකේෂල විසින් එදින මහ මාර්ගයේදී හමුවූ කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතාට අරගලය සම්බන්ධ කරමින් උසුළු විසුළු කළ බැවින්, ඉන් උරණ වූ ප්‍රදේශවාසින් ඇතුළු පිරිසක් විසින් පියත් නිකේෂලට ප්‍රහාරයක් එල්ල කළ බවයි.

එසේම පියත් නිකේෂල මහතා ට එල්ල කළ ප්‍රහාරයේ වීඩියෝවෙන් සත්‍ය වශයෙන්ම සිදුවූ දෙය හෙළිවන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා. මේ සිදුවීම පිලිබඳ පුවත් වාර්තාවක් මෙතනින්

කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න

ඇතැම් ප්‍රධාන මාධ්‍ය ධාරා වාර්තා කර තිබුණු පරිදි, කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මහතා සිද්ධිය සම්බන්ධයෙන් සඳහන් කර තිබුණේ, තමන් මාලඹේ සිට කොස්වත්ත දෙසට පැමිණෙමින් සිටියදී පියත් නිකේෂල තමා අනතුරට ලක්කිරීමට උත්සාහ කළ බවත්, එම අවස්ථාවේ තමා නිකේෂල හඳුනා නොගත් බවත් ඔහු තමන් අරගලයේ සමාජිකයෙකු බව පවසමින් තමාට බැන වැදුණු බවත් මේ හේතුවෙන් දෙපාර්ශවය අතර ගැටුමක් ඇති වූ බවයි. එම මාධ්‍ය වාර්තාව මෙතනින්. Archived Link

මේ පිළිබඳව කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපතිගෙන් වැඩිදුර විමසීමට අප දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සහ කළත් මෙතෙක් හැකියාවක් නොලැබුණි.

පියත් නිකේෂල

සිද්ධිය සම්බන්ධයෙන් විස්තර ලබාගැනීමට අප පියත් නිකේෂලව ද දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කරගත්තා. ඔහු පවසන්නේ, පසුගිය වසරේ අරගලයට ප්‍රහාරය එල්ල කළ සිදුවීමෙන් පසුව, චන්දික අබේරත්න මහතාව බේරේ වැවින් ගොඩ ගන්නා අවස්ථාවේ තිබූ වීඩියෝවක්, තමන් සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කළ බවත්, පසුව එය ඉවත් කර ගත් අතර එහි තරහා පිරිමැසීමට මෙම ප්‍රහාරය එල්ල කළ බවයි. 

එසේම ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි මෝටර් රථයම, සිදුවීමට පෙර දින රාත්‍රියේ ද, තම නිවස අසළට පැමිණ තිබූ බවත්, ප්‍රහාරය සිදුවූ දිනයේ දී, එම වාහනයම පාර හරස්කරමින් තමන් එන තුරු මග රැක සිටි බවත් පියත් වැඩිදුරටත් පවසා සිටියා.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙක් වූ පියත් නිකේෂලට පසුගිය දා ප්‍රහාරයක් එල්ල වීමට හේතු වූයේ, ඔහු කාන්තාවක් දූෂණය කිරීමට යාම හේතුවෙන් හෝ වෙනත් කාන්තාවක් අපහසුතාවට පත්කළ අවස්ථාවක් බවට පළ වන ෆේස්බුක් සටහන් අසත්‍ය බවයි. ප්‍රහාරය සම්බන්ධයෙන් පියත් නිකේෂලට විරුද්ධව එවැනි චෝදනාවක් නොමැති බව සිද්ධිය පිලිබඳ විමර්ශන මෙහෙයවූ තලංගම පොලිස් අපාරධ අංශය තහවුරු කළ අතර එම ප්‍රහාරයට මුල් වී තිබුනේ ඔවුන් දෙදෙනා අතර වූ පුද්ගලික ආරවුලක් බවට තහවුරු කරනු ලැබුවා.

SendShareShare
Previous Post

ඉන්දියාවේ මහා පෙරළියක්! රාහුල් ගාන්ධිගේ කොංග්‍රස් පක්ෂය කර්ණාටක ප්‍රාන්තයේ බලය අල්ලයි!

Next Post

මම ඒ කෙල්ල එනකොට ගුලි දෙකක් කාලා මත්වෙලයි හිටියේ! කුඩු ගහන්න සල්ලි ඉල්ලුවාම මට බැන්නා! මම ගැහුවාම මටත් ගැහුවා! පස්සේ මම බෙල්ල මිරිකුවා! ඊට පස්සෙ වළක් කපලා වැළලුවා! ගම්පොළ තරුණිය මරපු හැටි ඝාතකයා යාළුවන්ට වට්ස්ඇප් පණිවුඩයකින් කියයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.