කහටගස්දිගිලිය, පැරකුම්පුර, වහගහපු වැව පිහිටි හේන් ඉඩමක තිබී වනඅලි සිරුරු දෙකක් හමුවී තිබෙනවා. Sri Lanka Latest News
මෙම වනඅලි සිරුරු දෙක හමුවී ඇත්තේ පෙරේදා (09) දිනයේදීයි.
වෙඩි තබා මෙම වනඅලි දෙදෙනා ඝාතනය කර ඇති බව කහටගස්දිගිලිය පොලිසිය සඳහන් කරනවා.
එක් අලියෙක් ගැහැණු සතෙක් වන අතර, අවුරුදු 08ක් පමණ වයසැති බව සඳහන්.
දෙවැනි අලියා අවුරුදු 04ක් පමණ වයසැති පිරිමි අලියෙක්.
ගැහැණු අලියා දින 15කට පෙරත්, පිරිමි අලියා මාස එකහාමාරකට පෙරත් මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.
අනුරාධපුර පණ්ඩුලවැව වනජීවී පශුවෛද්‍ය නිලධාරියා විසින් වනඅලි සිරුරු සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර තිබෙනවා.
වෙඩි වැදීම් සලකුණු සිරුරුවල දක්නට ඇති බව එහිදී පශු වෛද්‍ය නිලධාරියා පවසා තිබෙනවා.










