හිග බිල්පත් නොගෙවීම හේතුවෙන් කොළඹ මැගසින් බන්ධනාගාරයේ විදුලි විසන්ධි කර තිබෙනවා.
ඉකුත් වසරට අදාළව රුපියල් ලක්‍ෂ 15 ක හිග මුදලක් ගෙවීමට තිබූ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
බිල්පත් සහ අනෙකුත් වියදම් සදහා මුදල් අමාත්‍යාංශය මගින් මුදල් ලබාදිය යුතු අතර පවතින ආර්ථික තත්ත්වය හමුවේ එම මුදල මෙතෙක් නොලැබුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ.
පවතින තත්ත්වය හමුවේ හිග මුදල ගෙවීමට තවත් සහන කාලයක් ලබාදෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක් කර තිබියදීයි එලෙස මැගසින් බන්ධනාගාරයේ විදුලිය විසන්ධි කර ඇත්තේ.
මැගසින් බන්ධනාගාරයේ අද වනවිට රදවා සිටින සැකකරුවන් ගණන 1,600 ක්. LTTE රැදවූවන් ඇතුළු විවිධ ඝණයේ අපරාධවලට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන්ද ඒ අතර වනවා.
විදුලිය විසන්ධි කිරීම හේතුවෙන් විදුලි ජනන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට පැයකට ඩීසල් ලීටර් 15 ක් අවශ්‍ය වනවා.
විදුලිය විසන්ධි කිරීම බන්ධනාගාරයේ ආරක්‍ෂාවටද තර්ජනයක් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සදහන් කළේ.