• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෝටර් රථ පනතේ කිසිදු විධිවිධානයක් උල්ලංඝනය වෙන්නේ නෑ! LAWYER පාස් එක වාහනවලින් ගලවනවාට විරුද්ධව නීතිය පැහැදිලි කරමින් නීතීඥ සංගමය පොලිස්පතිවරයාට ලියුමක් යවයි! Sri Lanka Latest News

September 30, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ශ්‍රී ලංකා නීතීඥ සංගමයත් මැදිහත් වෙයි! හදිසි තත්ත්වය වහාම අවලංගු කරන්නැයි ජනපතිගෙන් ඉල්ලයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෝටර් රථවල ඉදිරි වීදුරුව මත ප්‍රදර්ශනය කරන නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් (Lawyers’ Car Passes) අවලංගු කිරීමට අදාල සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) විසින් පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.Sri Lanka Latest News

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සහ ලේකම් චතුර ගල්හේන විසින් මෙම ලිපිය නිකුත් කර ඇති අතර, නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, ගැසට් නිවේදනයක් පදනම් කරගෙන මෙම නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් ඉවත් කරන ලෙසට බලකිරීමට ගන්නා ඕනෑම උත්සාහයක් නීතියට පටහැනි වන බවයි.

නීතිඥ සංගමය පවසන පරිදි, අදාළ ගැසට් නියෝගයේ විෂය පථය සහ අරමුණ, නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත් සඳහා අදාළ නොවෙනු ඇති.

මන්ද, ඒවා මෝටර් රථ පනතේ කිසිදු විධිවිධානයක් උල්ලංඝනය නොකරන බවයි නීතිඥ සංගමය අවධාරණය කරන්නේ.

නීතිඥ සංගමය විශ්වාසය පළ කරන්නේ, තම සාමාජිකයන්ට හඳුනා ගැනීමේ වාහන අවසරපත් නිකුත් කිරීමේ වර්තමාන ක්‍රමවේදයට කිසිදු වෙනසක් සිදු නොවන බවටයි.

ඒ අනුව නීතිඥ සංගමය විසින් මෙම හඳුනා ගැනීමේ වාහන අවසරපත්වල වැදගත්කම පැහැදිලි කරමින් පහත කරුණු ඉදිරිපත් කර තිබෙනවා.

මෙම හඳුනා ගැනීමේ වාහන අවසරපත් මගින්, අධිකරණ, විනිශ්චය සභා සහ යුක්තිය පසිඳලීමට අදාළ වෙනත් ආයතනවලට ඇතුළුවීමේදී නීතිඥවරුන් හඳුනා ගැනීමට හැකිවේ.

අදාළ පරිශ්‍රයන් වෙත වාහන ඇතුළුවීම නියාමනය කිරීමේ වැදගත් ආරක්ෂක පියවරක් ලෙස ඒවා ක්‍රියා කරයි.

නීතිය බලාත්මක කිරීමේ බලධාරීන් මෙම වාහන අවසරපත්, නීතිඥවරයකු විසින් වාහනය භාවිතා කරන බවට වූ සාක්ෂියක් ලෙස පිළිගනී.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් වසර 28ක් පුරා, එනම් 1997 සිට මෙම වාර්ෂික හඳුනා ගැනීමේ වාහන අවසරපත් නිකුත් කිරීමේ පිළිවෙත පවත්වාගෙන යයි.

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු ආරක්ෂක අංශවල ඉල්ලීම මත සාමාජික වාහන සඳහා අතිරේක හැඳුනුම්පතක් ද හඳුන්වා දෙන ලදී.

“මෙවන් තත්ත්වයක් යටතේ මෙවැනි පුවත් වාර්තා වීම ගැන අප පුදුමයට පත් වෙමු. නීතිඥවරුන් හඳුනා ගැනීමේ වාහන අවසරපත්‍රයක අවශ්‍යතාවය ඔබ අවබෝධ කර ගනු ඇතැයි අප විශ්වාස කරන අතර, වත්මන් තත්ත්වය වෙනස් කිරීමට කිසිදු පියවරක් නොගන්නා බවට අපට විශ්වාසයි,” යනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

පොලිස්පතිවරයා වෙත යොමුකළ එම ලිපිය පහතින්,

වාහනවල ඉස්සරහා වීදුරුවේ ගහපු ‘DOCTOR’ ‘LAWYER’ බෝඩ් ගලවයි! Sri Lanka Latest News
SendShareShare
Previous Post

උතුර අලුත් සටනක් අරඹන්න සූදානමින්! තමිල් අරසු කච්චි පක්ෂය අනුරට යවපු ලියුම මෙන්න! Sri Lanka Latest News

Next Post

වසන්ත ලොකු සංවර්ධන ව්‍යාපෘතියකට සැරසෙයි! ‘කඩේ ඔයාගේ… බෝඩ් එක අපේ..!’ VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.