අද රාත්‍රියේ සිට පොලිස් ඇඳිරි නීතිය නීතිය පැනවීම දැඩිව විවේචනය කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය වහාම නිවේදනයක් නිකුත් කොට ඇත.
එම සංගමය ප්‍රශ්න කර සිටින්නේ මෙවැන්නක් සිදු කිරීම සදහා පොලිස්පතිවරයාට ඇති නීතිමය බලය කුමක්ද කියාය.
පොලිසියට මේ ආකාරයට පොලිස් ඇඳිරි නීතිය පැනවීමට බලයක් නොමැති බවත්, එය නීති වීරෝධී බවත් එම සංගමය පෙන්වා දෙයි.











