බෝඹුරුඇල්ල නැරඹීම සඳහා පැමිණි 26 හැවිරිදි ජර්මන් ජාතික සංචාරක තරුණියකට ලිංගික අතවර සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට 45 හැවිරිදි ත්‍රීරෝද රථ රියදුරෙකු අඹගස්දෝව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
නුවරඑළිය, හාවාඑළිය ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, අදාළ තරුණිය දිය ඇල්ල නැරඹීමට යන අතරතුර මාර්ගය අතර මැදදී මෙම අතවරයට මුහුණ දී ඇති බවට තහවුරු වීමෙන් පසුවය.
ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිනි ඇති ඕස්ට්‍රෙිලියානු හා ජර්මන් ජාතික තරුණියන් දෙදෙනෙකු නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයකට පැමිණ සංචාරක හෝටලයක ලැගුම් ගෙන ඇති අතර අදාල හෝටලේ මග පෙන්වීම අනුව සැකකරු සමග ඌව පරණගම බෝඹුරුඇල්ල නැරඹීමට පැමිණ තිබේ. පසුව නැවතත් අදාල තරුණියන් වෙන් වෙන්ව සැකකරු පහලට රැගෙන ඒමේ දී මෙම අතවරය සිදුකර ඇති බවත් පොලීසිය සැක කරයි.
පසුව අතවරයට ලක් වූ ජර්මන් ජාතික තරුණිය නැවත මිරිස්ස ප්‍රදේශයට ගොස් සිද්ධිය පිළිබදව පොලීසියට සිදුකරන ලද පැමිණිල්ලක් මත අඹගස්දෝව පොලීසියට දැනුම් දීමෙන් පසුව සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකරු වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරීමෙන් අණතුරුව මේ මස 10 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉන් අනතුරුව ඉදිරිපත් කිරීමය නියමිතව තිබේ.
සිද්ධිය පිළිබදව අඹගස්දෝව පොලිස් ස්ථාණාධිපති ලක්මාල් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්ෂිකා දිල්හානි මහත්මිය ඇතුළු නිළධාරීන් විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.










