ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක් කරමින් යුද හමුදාපති ලුතින් ජනනල් විකුම් ලියනගේ මහතා උහන ගුවන් හමුදා කඳවුරේදී පැරෂුට් පිම්මක් පැන්නේය.Sri Lanka Latest News
යුද හමුදාපතිවරයකු ගුවන් පැරෂුටයකින් මෙලෙස ගුවන් පිම්මක් පැනීම ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවූ බව යුද හමුදාව පවසයි.
උහන ගුවන් හමුදා කඳවුරෙහි පැරෂුට් පතිත කලාපයේදී මාලදිවයින් ජාතික නිලධාරීන් තිදෙනෙකු ඇතුළු සෙබලුන් 15 දෙනකු, යුද හමුදාවේ විනයාරක්ෂාදීපති ඇතුළු කමාන්ඩෝ සෙබලුන් 13 දෙනකු ඇතුළු කණ්ඩායමක් සමග යුද හමුදාපති මෙම ගුවන් පිම්ම පැන්නේය.
ඒ අනුව එදා මෙදා තුර ගුවන ජයගත් අසහාය පැරෂුට් බටයන්ගේ නාමාවලියට යුද හමුදාපතිගේ නාමය ද ඇතුළත් වන බව යුද හමුදාව කියයි.
ඌව කුඩා ඔය කොමාන්ඩෝ පාසලේ පැරෂුට් පුහුණු අංශය තුළ යුද හමුදාපතිවරයා මූලික පුහුණුව ලැබීමෙන් අනතුරුව මෙම නිර්භීත ක්‍රියාව සිදු කළේය.














