විධායක ජනාධිපති ක්‍රමයේ ඇතැම් බලතල සීමා කරන බව කියමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට නියමිතව ඇත්තේ 22 වන සංශෝධනය ලෙස නම් කොට ඇත.
සියලුම මාධ්‍ය මෙය 21 වන සංශෝධනය ලෙස නම් කොට තිබුණද ඊට අදාළ කෙටුම්පතේ එය සදහන්ව ඇත්තේ 22 වන සංශෝධනය ලෙසය.
මේ හරහා සීමිත බලතල ප්‍රමාණයක් පමණක් විධායකයෙන් ඉවත් කොට ඇති අතර බලතල රැසක් තවදුරටත් ජනාධිපතිවරයා සතුව තැබීමට පියවර ගෙන ඇත.
21 වන සංශෝධනය ලෙස නම් කොට ඇත්තේ විධායකයේ බලතල දැඩි ලෙස ඉවත් කරමින් ඉදිරිපත් කොට ඇති කෙටුම්පතය.
