අමෙරිකානු අධිකරණයක් හමුවේ බැඳුම්කර හිමියෙක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පවරා තිබේ.
මෙසේ නඩු පවරා ඇත්තේ මෙරට ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කරවලින් ඩොලර් මිලියන 250 කට වඩා වැඩි ප්‍රමාණයක් හිමි Hamilton Reserve Bank Ltd විසිනි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ලබන මාසයේ කල් පිරෙන ඩොලර් බිලියනයක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙලෙස නඩු පවරා ඇති බවයි.
තව ද අදාළ බැඳුම්කර හිමියා ඉල්ලා ඇත්තේ, පොලිය ද සමග මූලික මුදලින් ඩොලර් මිලියන 257.5ක් වහාම ගෙවන ලෙසයි.