• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජන්ද කාලෙ කියපු කෘෂිකර්ම ප්‍රතිපත්තිය අද උඩුයටිකුරු කරලා! ගොවියා වෙනුවට ආණ්ඩුව ගජමිතුරන් පෝෂණය කරනවා!

September 17, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
විශ්‍රාමිකයන් හයලක්ෂ පනස්දහසක් වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේ කතා කරයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

මැතිවරණයට පෙර තිබූ ආණ්ඩුවේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය අද වනවිට සහමුලින්ම උඩුයටිකුරු වී ඇති බවත්, ගොවියා නඟා සිටුවනවා වෙනුවට ගජමිතුරන් පෝෂණය කිරීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙසය.

ගොවිජනතාව සමග ආණ්ඩුවේ සෙල්ලම වහා නවතනු.

රටේ සමස්ථ ආර්ථික යාන්ත්‍රනයත්,සියලු පුරවැසි ජීවිතත් බරපතල ව්‍යසනයක් වෙත තල්ලුකොට ඇති ආණ්ඩුව දිනපතා අලුත් ප්‍රශ්න නිර්මාණය කරමින්, වැරදි තීන්දු ගනිමින් සිටී. ආණ්ඩුව විසින් එලෙස ආසන්නවම ගනු ලැබූ අදූරදර්ශී සහ අන්තනෝමතික තීන්දු හේතුවෙන් මහත් පීඩනයකට ලක්ව සිටින්නේ මේ රටේ ගොවි ජනතාවය.

◾ආණ්ඩුව පොහොර තහනමක් ගෙන ආ නමුත්, එය හුදෙක් දේශපාලන අරමුණක් පමණක් වන අතර එය ප්‍රායෝගික නොවන හිතුවක්කාර තීරණයකි.මේ හේතුවෙන් යල කන්නය වෙනුවෙන් වගා කටයුතු කළ ගොවි ජනතාව දැඩි අසරණකමකට පත්වූ අතර ඔවුන්ට මහ කන්නයට මුහුණ දෙන්නට සිදුව ඇත්තේද අපේක්ෂා භංගව ය. පොහොර නොමැතිකමින් වී ගොවියාගේ අස්වැන්න තීරණාත්මක ලෙස පහත බැස ඇති අතර,ගොවීන් විශාල පිරිසක් වගාව අත්හරින තැනට පත්ව සිටී.

◾එලවලු ගොවීන් ද,සුළු අපනයන භෝගවල යෙදෙන ගොවීන්, වතු වැවිලි ක්ශේත්‍රයේ තේ,පොල්,රබර් ගොවීන්,පළතුරු ගොවීන්,හේන් ගොවීන්ද පත්ව සිටින්නේ මෙවැනිම දැඩි පීඩාවකට ය.

◾නිෂ්පාදනය කඩා වැටීමෙන් ගොවි ජනතාව කෘෂි කර්මාන්තයෙන් ඈත් වීමත්, ගොවි ජනතාවගේ ජීවන තත්වය බිඳ වැටීමත් සම්බන්ධයෙන් ආණ්ඩුව වහාම විසඳුම් ලබාදිය යුතුය.එහෙත් ජනතා සංවේදීකම පිළිබඳව හසරක් නැති ආණ්ඩුවෙන් ඊට සාධනීය විසඳුම් බලාපොරොත්තු විය නොහැකි ය.

◾දහඩිය මහන්සිය වගුරමින්ද,දසඅතේ ණය වෙමින්ද තමන් විසින් නිෂ්පාදනය කරන අස්වැන්න අලෙවිකරීමේ ගැටලුවටද ගොවී ජනතාව මුහුණ දෙමින් සිටින අතර,ගොවීන්ට ආර්ථික මධ්‍යස්ථාන අසල අසරණව බලා සිටින්නට සිදුව තිබේ.

ආණ්ඩුව හාල් මාෆියාව අවසන් කරන බවට ඊනියා ප්‍රචාරක කටයුත්තක් දියත්කොට ඇති අතර,එය වත්මන් ආණ්ඩුව පැමිණි දා සිටම කරන නිරර්ථක මාධ්‍ය සංදර්ශණයක් පමණක් බවට පත්ව තිබේ.

◾ සාමාන්‍යයෙන් කෘෂිකර්මාන්තය පිළිබඳව යම් අවබෝධයක් හෝ තිබේනම්,ගොවි ජනතාවට අවශ්‍ය සුදුසු යෙදවුම් නිසි කලට ලබාදීමට ආණ්ඩුව කටයුතු කළ යුතු අතර තත්ත්වයෙන් උසස් බීජ, සුදුසු පොහොර, යනාදිය නිසි කලට ගොවි ජනතාවට ලබාදීම ආණ්ඩුවේ වගකීමකි. නිෂ්පාදන හැකියාව වැඩි දියුණු කිරීම හැර කෘෂි ආර්ථිකය යළි පණ ගැන්වීමට වෙනත් විකල්පයක් නැති අතර ඒ සඳහා පවතින ගැටලු අවබෝධ කරගැනීමට ආණ්ඩුව සමත් විය යුතුය.ගොවි ජනතාවගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීම උදෙසා මැදිහත්වීම ආණ්ඩුව සතු වගකීමකි.එහෙත් එවැනි සාධනීය සහ සාධාරණ කිසිවක් වෙනුවෙන් ආණ්ඩුව පාර්ශවයේ සූදානමක් හෝ දකින්නට නැත.

◾ශ්‍රී ලංකාව පුරා විසිරී ඇති කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, වන ජීවී දෙපාර්තමේන්තුව, තේ, පොල්, රබර් වැනි බෝග සඳහා පිහිටුවා ඇති දෙපාර්තමේන්තු, පර්යේෂණ මධ්‍යස්‌ථාන, බොහෝ ඇති නමුත් ඔවුන්ගේ සේවය සක්‍රීයව ලබා ගැනීමේ නිසි වැඩපිළිවෙලක් ද ආණ්ඩුවට නැත.
ආහාර සුරක්‍ෂිතභාවය අන් කවරදාටත් වඩා අදවනවිට සුවිශේෂී වී ඇති නමුත් ආණ්ඩුව ආහාර නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන ගොවියා සම්පුර්ණයෙන්ම අකර්මණ්‍යකොට ඇත.

◾මැතිවරණයට පෙර තිබූ ආණ්ඩුවේ කෘෂිකර්මය සම්බන්ධ ප්‍රතිපත්තිය අද වනවිට සහමුලින්ම උඩුයටිකුරු වී ඇති අතර ගොවියා නඟා සිටුවනවා වෙනුවට ගජමිතුරන් පෝෂණය කිරීම ආණ්ඩුව විසින් සිදුකරමින් සිටී.

කොරෝනා ව්‍යසනය සමඟ අරගල කරන ලොව බොහෝ රටවල් සෞඛ්‍ය සහ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳව සිය ප්‍රමුඛත්වය ලබා දී ඇති නමුත් මෙරට ආණ්ඩුව ඒ දෙකම දුර්මුඛ කොට අවශේෂ ලෙස පසෙකට දමා තිබේ.

එහි ඛේදවාචකය අවාසනාවන්ත ලෙස අත්විඳින්නට සිදුවන්නේද අහිංසක පුරවැසි පරපුරට මිස අවස්ථාවාදී ආණ්ඩුවට නොවේ.එබැවින් රටේ සමස්ථ ජනතාවගේ නාමයෙන් ගොවිජනතාවගේ ප්‍රශ්න කෙරෙහි සංවේදීව වහා විසඳුම් සලසන ලෙස අපි ආණ්ඩුවට අවධාරණය කරමු.
සජිත් ප්‍රේමදාස
විපක්ෂ නායක

SendShareShare
Previous Post

CCTV දත්ත මැකී යාම ගැන ලොහාන් කතා කරයි! (VIDEO)

Next Post

ලොහාන්ගේ සිද්ධිය කළු පැල්ලමක්! ශ්‍රීලනිපය ප්‍රසිද්ධියේම කියයි! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.