ජිනීවා මානව හිමිකම් කොමිසම ක්‍රියාත්මක වන මේ මොහොතේ ලොහාන් රත්වත්ත මහතා සම්බන්ධ සිදුවීම ලංකාවට කළු පැල්ලමක් බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දෙන්නේ ජනාධිපතිවරයා රත්වත්ත මහතාට ඉල්ලා අස්වීමට දැුනුම් දුන් බවත්, ඉදිරියේදී තවත් තීන්දු ගැනීමට සූදානමින් සිටින බවත්ය.










